මාලඹේ සයිටම් එක ගැන ප්‍රශ්නයක්

ABOLISH SAITM

Member
Jan 17, 2017
35
8
0
සළකන්නේ රැහේ එවුන්ට විතරයි.... පිට උන්ට නෑ... :rofl::rofl:

Avatar eka wenas karaganna ..me wage tread wala oba sadahan kala siyalu comments kiyawa atha....
Oba pelena manasikathwaya hodin therum gena atha.
 
harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන් ලෝකේ දියුණු රටවල වෛද්‍ය විද්‍යාලයක් ආරම්බ කරන්න ඕන අවම නිර්ණායක ටිකක් තියෙනවා, භෞතික සම්පත් වගේම,හොඳ output එකක් තියෙන ශික්ෂණ රෝහලක්,සහ සියලු අවශ්‍ය උප විසේසඥ විෂයන් හෝ එහෙම තියෙන රෝහලකට යොමුකිරීමේ හැකියාව.ඉගැන්වීමට සුදුසුකම් ඇති නිත්‍ය ආචාර්ය මඩුල්ලක්,පිළිගත් syllabas එකක්,සහ අදාල රටේ වෛද්‍ය සභාවෙන් නියාමනය වෙන්න ඕන.අපේ රටේ එහෙම එකක් තිබුනේ නැති නිසා WHO එකේ නියාමන තමයිපිලිගත්තේ.
    සෛටම් පටන්ගත්තේ ශික්ෂණ රෝහලක් නැතුව.දැන් ඇති රෝහලටත් ශික්ෂණ රෝහලක සුදුසුකම් නැ.එකේ ඔක්කොම sub speciality නැහ.නිත්‍ය ස්ටාෆ් එකට ලංකාවේ ලියපන්චියාවත් ඇත්තේ ටික දෙනාටයි.එනිසා ඒගොල්ල කරන්නේ විසිටින් ලෙක්චරර් ල දාල උගන්වනවා.ලංකාවේ නීතිය අනුව උසස් පෙළ c තුනක් හෝ ඊට සමාන ලෝකේ විභාග වලින් ප්‍රතිපල ලබා නැත්නම් වෛද්‍ය ලියාපදිංචිය ලබන්න බැහැ .නමුත් මේකේ s 2 ගත්ත යටත් උපාදිය දෙනවා.ඒ මදිවට ලෝකේ කොහෙවත් නැතිවිදියට අවුරුද්දට ඉන්ටෙක් 2 ගන්නවා එකකටවත් පහසුකම් නැතිව.මේ වගේ ක්‍රියාත්මක උනොත් slmc ඒක එයාලගේ ලියාපදිංචිය දෙන්නේ නැහැ.

    සෛටම් එක දැන් කරන්න ඕන ඔය සුදුසුකම් ටික හදාගන්න එක.නමුත් කරන්නේ සල්ලි විසිකරලා ඒවා හදාගන්නතුව අඩුවියදමෙන් හොරවිදියට ලියාපදිංචිය ගන්න හදන එක.

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙන්නේ නෑ. නෙවිල් ප්‍රනාන්දුටනේ සල්ලි යන්නේ. ඒක වෙන්න ඕනේ මම හිතන්නේ. හොඳම දේ අර්ධ රාජ්‍ය කරන එක. එතකොට කිසි අවුලක් නෑ.

    ඉතින් එතකොට වෙද්දු ප්යිවට් ප්රැක්ට්ස් කරන්නේ.... ඒවාත් නතර කරන්න එපෑ..
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113

    1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
    2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
    3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
    4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
    5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
    6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
    7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
    8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
    9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
    10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
    11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
    12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
    13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
    14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
    15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.

    -Ranga Weerakkody-

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba poddak hithala balapan private ewa keepayak dammama inna godak professors la private ewata yanawa sallery wadinisa government nikanma wahenawa deka thunak ithuru wei

    :lol::lol::lol: ආ ඒක නිසා රටේ ළමයින්ගෙ අධයාපන අයිතිය නැති කරන්න ඔ්නි... තූ තොපි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රයිවට් ඉගෙනගත්තට කමක් නෑ, ප්‍රැක්ටිස් එක ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දොස්තරලා ලව්ව බලෙන් ගන්න බලාපොරොත්තු වෙන එක අනුමත කරන්න බෑ. අහක ඉන්න බිස්නස්කාරයෙක් දියුණු කරන්න ආණ්ඩුව පහසුකම් සපයන්නෙ මොකටද :oo: ඔහොම ගියොත් බස් ගැමුණුත් ඉල්ලයි උගේ බස් ගහන්න තැනක් නෑ අපිට ආණ්ඩුවේ ඩිපෝ දියව් කියල.
     
    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    ඉතින් එතකොට වෙද්දු ප්යිවට් ප්රැක්ට්ස් කරන්නේ.... ඒවාත් නතර කරන්න එපෑ..

    ..
    Manda manasika katha kiyanna epa hamadetama uba yana or giyapu private institute ekatath lajjai ne
     
    RoxDrex

    Member
    Nov 6, 2016
    48
    5
    0
    galle
    ප්‍රයිවට් ඉගෙනගත්තට කමක් නෑ, ප්‍රැක්ටිස් එක ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දොස්තරලා ලව්ව බලෙන් ගන්න බලාපොරොත්තු වෙන එක අනුමත කරන්න බෑ. අහක ඉන්න බිස්නස්කාරයෙක් දියුණු කරන්න ආණ්ඩුව පහසුකම් සපයන්නෙ මොකටද :oo: ඔහොම ගියොත් බස් ගැමුණුත් ඉල්ලයි උගේ බස් ගහන්න තැනක් නෑ අපිට ආණ්ඩුවේ ඩිපෝ දියව් කියල.

    100% ekagai
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ප්‍රයිවට් ඉගෙනගත්තට කමක් නෑ, ප්‍රැක්ටිස් එක ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දොස්තරලා ලව්ව බලෙන් ගන්න බලාපොරොත්තු වෙන එක අනුමත කරන්න බෑ. අහක ඉන්න බිස්නස්කාරයෙක් දියුණු කරන්න ආණ්ඩුව පහසුකම් සපයන්නෙ මොකටද :oo: ඔහොම ගියොත් බස් ගැමුණුත් ඉල්ලයි උගේ බස් ගහන්න තැනක් නෑ අපිට ආණ්ඩුවේ ඩිපෝ දියව් කියල.

    nikan newei bung gewanna illanne. kohomath nikan denna govt ekata umanwak naa ne. govt ekata hoda gaanak hamba karanna puluwan. danath awissawelle general hospital ekata yawanawa samahara appointments walata mama danna widiyata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක

    1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
    2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
    3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
    4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
    5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
    6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
    7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
    8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
    9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
    10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
    11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
    12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
    13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
    14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
    15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.

    -Ranga Weerakkody-

    Bump. Tawat pahadilikireem mokatada
     
    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    ග්‍රී ලංකාවෙ තියෙනවා SLMC(Sri Lanka Medical Council) කියලා එකක්,මුලින් මම ඒ ගැන විස්තරයක් දෙන්නම්කො,
    ඒකෙන් තමයි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ, ලංකාවෙ ඉන්න හැම ඩොක්ටර් කෙනෙක්ම රෙජිස්ටර් කරන්නේ, හැම Medical Faculty එකකම තත්වය පරීක්ෂා කරන්නේ, පිටරටින් උපාධි අරගෙන එන දොස්තරවරුන්ට විභාගයක් තියලා ඒකෙන් සීමිත පිරිසක් අපේ රටේ වෛද්‍යවරු විදියට තෝර ගන්නේ, තව වෛද්‍යවරුන්ට එරෙහිම යන සියලුම පැමිණිලි විභාග කරන්නේ, රටේ සෞඛ්‍ය පැත්තෙන් මොනවහරි ප්‍රශ්නතියේ නම් ඒව හොයලා බලන්නේ, තව මේ ආයතනයෙන් කරන ගොඩක් වැඩ රාජකාරි තියෙනවා බං, ඒ වගේම වෙන රටවල් වලට සාපේක්ෂව අපේ රටේ රෝහල් ගොඩක් හොඳයි, ඒක මනින එක සාධකයක් තමයි මාතෘ මරණ ඒකකය, ඒක අපේ රටේ අවුරුද්දකට 30ක් වගේ ඉතාමත් අඩු ගානක තියෙන්නේ, ඒකට මූලිකවම දායක වෙලා තියෙන්නේ මෙන්න මේ SLMC ආයතනය,

    ඔන්න ඕක තමයි බං SLMC එකේ කාර්යයන්(හිතලා බලපං මේක රටට කොච්චර ලොකු වැඩක් කරනවාද කියලා)

    Name: DSC_0019.JPG
    Views: 27
    Size: 22.0 KB
    ඒකෙ සභාපති තමයි මෙන්න මේ පුද්ගලයා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගොඩක් වටින මනුස්සයෙක්, පෞද්ගලිකව මම ගොඩක් අගය කරන චරිතයක් මේ ඉන්නේ, දැන් SAITM එකේ අයගෙ ලොකුම හතුර තමයි මේ මනුස්සයා, මොකද මෙයා කියලා තියෙනවා SAITM එක ආරම්භ කළොත් ආරම්භ කරන්න වෙන්නේ එයාගෙ මලගම උඩින් කියලා,

    උඹල දන්නවද දන්නෙ නෑ සමහරවිට මේ කියන දේ, මම කළින් කිව්ව විදියට SLMC එකෙන් තමයි පිටරටින් උපාධි අරගෙන එන දොස්තරලට මෙහේදි විභාගයක් දීලා ඒක පාස් වුණොත් විතරයි ලංකාවෙ ඇතුලෙ දොස්තර කෙනෙක් විදියට පිළිගන්නේ, ඉතිං උඹල ඕන නම් හොයලා බලන්න එක අවුරුද්දක ඔය විභාගෙ ලියන්න 2500කට වඩා දොස්තරවරු එනවලු ඒත් පාස් වෙන්නේ 80ක් විතර පොඩි ගානක්ලු, ඒකට හේතුව අර අනිත් 2000ගානම ලංකාවෙ මට්ටමට සුදුසු වෛද්‍යවරු නෙමෙයි එන්නේ, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් නෙට් එකේ සර්ච් කරල බලපං නැත්නම් ඔය ක්ෂ්‍රේත්‍රය ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලපං, එතකොට පොඩ්ඩක් හිතලා බලන්න 2500 කින් 80ක් වගේ පොඩි ගානක් තේරෙනවා නම් ඔය SLMC එක ලංකාවෙ තිබ්බෙ නැත්නම් ඔය පිටරටින් එන 2500 කිට්ටු හැම වෛද්‍යවරයෙක්ම ලංකාවෙ ඇතුලෙ හොස්පිටල් වල ඉන්නවා, එතකොට කොච්චර ලොකු ව්‍යසනයක්ද බලපං රටට වෙන්නේ? නිකමට විනාඩියක් හිතලා බලපං,

    ඉතිං දැන් ප්‍රශ්නෙ මේකයි,

    SLMC එකෙන් SAITM එකේ තත්වය පරීක්ෂා කරලා(10 දෙනෙක්ගෙන්යුත් කමිටුවකින්) ඒකට අවසරය දීලා නෑ, මොකද ඒක නියම ප්‍රමිතියකින් නැති නිසා, මෙන්න මේවා තමයි එයාල ප්‍රධාන විදියට කියල තියෙන හේතු,
    * ප්‍රායෝගික පරීක්ෂණ කරන්න නිවැරදි හොස්පිටල් එකක් නැති කම.
    * එක සිසුවෙක්ට පරීක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් රෝගීන් පිරිසක් නොසිටීම.
    * ගොඩක් දේවල් ළමයින්ට Plastic Dummy වලින් උගන්වන නිසා ඒව ප්‍රායෝගික නොමැතිකම.

    මෙන්න මේවා තමයි ප්‍රධානම කරුණු, මේවා තීරණය කරල තියෙන්නේ උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේ පිළිබඳ පුළුල් දැනුමක් තියෙන රටේ සෞඛ්‍යය පාලනය කරල මනා දැනුමක් ඇති විද්වත් කමිටුවකින් ගත්ත තීරණයක්,

    ඉතිං,

    මේ තීරණය නිසා SAITM එකට කවදාවත්ම එළියට එන්න දෙන්න නෑ SLMC එකෙන්, ඒක දන්න නිසා මේකෙ ඉහළ ඉන්න හෙංචයියො කරන්නේ දේශපාලනයේ බලය පාවිච්චි කරලා SLMC එක වහලා දාන්න, එතකොට නිකංම SAITM එකත් රටේ Approve වෙන නිසා,

    දැන් උඹල හිතපං,

    ඔය කියන විදියට SLMC එක වැහුනොත් රටට යන කල දසාව ගැන පොඩ්ඩක් හිතලා බලපං, මට හිතෙන විදියට මම ටිකක් කියන්නම්,
    1. ලංකාවත් ඉන්දියාව වගේ හන්දියක් හන්දියක් ගානෙ කිසිම ප්‍රමිතියකින් තොර පොලවල් තියේවි.
    2. මනුස්සයෙකුට බෙහෙත් ගන්න නියම දක්ෂ දොස්තර කවුද කියලා හඳුනගන්න බැරිවෙයි ඒ නිසා ගොඩක් රෝගීන් කිසිම දැනුමක් නොමැති වෛද්‍යවරු ළඟට ගිහිල්ලා විනාස වෙයි.
    3.ලංකාවෙ සෞඛ්‍යය ගොඩක් පිරිහෙයි(දැනට ලෝකෙන්ම ගොඩක් ප්‍රශංසනීය මට්ටමක පවතින දේ)
    4. රටේ ළදරු මරණ, මාතෘ මරණ ඒකකය ගොඩක් වැඩිවෙයි.

    ඔය වගේ ගොඩක් දේවල් වෙයි, ඔය මට දැනෙන ටික තමයි බං කිව්වේ,

    වැඩේ තියෙන්නෙ මේ දේ ගැන ගොඩක් අය ගැන අවබෝධයක් නෑ, මෙතැන කමෙන්ට් කරන 95%ක් දෙනාවත්, මම කිව්ව දේ හොඳට හිතට අරගෙන වෙන තැනකින් හොයලා බලන්න, උඹලටත් තේරෙයි මේ රටට වෙන්න යන විනාසය ගැන,

    මේක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ප්‍රධානම කරුණ ගැන විතරයි මම කතා කළේ,

    එක විනාසයක් මෙයිට අවුරුදු කීපයකට කළින් සිද්දවුණා ඒකත් අපේ රටේ මිනිසුන්ගෙ අවබෝධය මදිකම නිසා දෙවැනියට වෙන්න යන ලොකුම විනාශය තමයි මේක, ඒ නිසා රටක් විදියට මේ විනාසය නවත්වන්න උදව්වක් දීපල්ලා හැමෝම එහෙම කළොත් අනාගතේ අපේම ළමයෙක්ට දැන් තියෙනවා වගේ රජයේ රෝහලකට ගිහිල්ලා බය නැතුව බෙහෙත් ටිකක් ගන්න පුලුවන් වේවි!
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මොනරාගලින්, නුවර එලියෙන් සහා වෙනත් ඩොටේ පලාත් වලින් BBB, BBC , BCC අරගෙන මෙඩිකල් එන උන්වත් එලවන්න ඕන.
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    මම දන්න විදියට නම් SAITM එක මුලින් රුසියාවේ වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධිත සීන් එකක් කියලා ලමායි ගත්තේ.. පස්සේ රුසියාවේ වෛද්‍ය විද්‍යාලෙන් කියනවා මුන් ඒකේ අනුබද්ධිත නැහැ කියලා.. ලංකාවේ අපේ උන් නම් කෙප්ප හොරු අම්මපා :P:P
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    නිකම් ඉගෙන ගෙන ඇවිත් අපෙන් සමහර දොස්තරලා ගන්න චාජර්ස් දැක්කම SAITM එකෙන් එන එකා ගන්න චාජර්ස් හිතාගන්න පුලුවන්.. උන් කොහොමත් ලක්ෂ 120ක් වියදම් කරපුවා cover කරගන්නත් එක්කනේ එන්නේ..ඕකුන් ඇවිත් චාජර්ස් වැඩිකලාම මුනුත් හිටු හිටු කියලා වැඩි කරයි.. අන්තිමට අපිට පුකෙන් යන්න වෙන්නේ.. ඒ නිසා SAITM ඕනෙම නෑ කියලා හිතෙන්නේ මට විතරද:angry::angry:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මගේ පුද්ගලික මතය නම් හැමෝටම ඉගෙනගන්න අයිතිය තියෙන්න ඕනේ බන්. රජයේ ඒවා වැහෙන්නේ නෑ එහෙම. හැමෝම සල්ලි පස්සේ යන්න තමයි ඉගෙනගන්නෙත්, ඒක නවත්තන්න බෑනේ බන්. අධ්‍යාපනය විකුනන්න එපා කියලා පාරේ කඳුළු ගෑස් කාලා බොරු මවාපෑමක් කරලා හවසට ගෙවල් ගානේ ගිහින් ගෘප් ක්ලාස් කරලා සල්ලි හොයනවා ඔය නිදහස වෙනුවෙන් කතා කරන අයම. අනික ඔය නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන ඩොක්ටර්ස්ලා වෙන බොහෝ දෙනෙක් රට යනවා.

    මම තව විරුද්ධයි ඔය සිවුරු දාගෙන පිරිවෙන් අධ්‍යාපනය ලබලා කැම්පස් අස්සේ රින්ගන් විප්ලව කරලා විභාගේ පාස් උනාට පස්සේ සිවුරු අරින ඒකට. ඕකට කිසියම් නීතියක් දාන්න ඕනේ. අවරුදු 20ක් යනකන් සිවුරු අත අරින්න බෑ. අරිනවා නම් රජයට නොමිලේ උගන්නන්න ගිය සියලු වියදම් පියවන්න. නැති නම් වහාම අත් අඩංගුවට ගන්නවා කියල හෝ අධ්‍යාපන සහතික අහෝසි කරනවා කියලා.
    බූරු පුතේ උබ නිදහස් අද්‍යාපනෙ පිහිටෙන් ඉගනගත්තට ඒ කාලෙ කොටු පනල මහජනතවගෙ සල්ලි නාස්ති කල එකෙක් නේද
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    wQrePU0.gif

    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1. රජයේ වෛද්ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්යාපනයට විරුද්ධ නැත
    2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය
    3. විදේශීය වෛද්ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ
    4. වෛද්ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්ය කවුන්සලයයි (SLMC).
    5. රජයේ වෛද්ය නිළධාරී සංගමය (GMOA), ශ්රී ලංකා වෛද්ය ආයතනය (SLMA) හා වෛද්ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්යවස්ථාපිත ආයතනයකි
    6. සයිටම් ආයතනයේ වෛද්ය ශිෂ්යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
    7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්යාලය සමග සම්බන්ධයක් නැත
    8. නෙවිල් ප්රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
    9. රජයේ රෝහල් වල වෛද්යවරුන් වෛද්ය ශිෂ්යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත
    10. සයිටම් විභාග වෛද්ය කවුන්සලය මගින් නියාමනය නොවේ
    11. සයිටම් සිසුන් රාජ්ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්රතික්ෂේප කර ඇත
    12. සයිටම් සිසුන්ට ERPM ලිවීමට බලකිරීම නීති විරෝධීය.
    13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශයක් නිකුත් කර ඇත
    14. සයිටම් ආයතනය වෛද්ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
    15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.

    -Ranga Weerakkody-
    හරියට ම කියනව නං යාපනය ශික්ෂන රෝහලේ වකුගඩු ආශ්‍රිත රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි. ලංකාවෙන් බිහිවුණු ලාබාලතම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කෙනෙක්. මේ එළකිරියේ පැරනි ම සාමාජිකයෙක්. සයිබර් අවකාශයේ පතල බ්ලොග්කරුවෙක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරියට ම කියනව නං යාපනය ශික්ෂන රෝහලේ වකුගඩු ආශ්‍රිත රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි. ලංකාවෙන් බිහිවුණු ලාබාලතම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කෙනෙක්. මේ එළකිරියේ පැරනි ම සාමාජිකයෙක්. සයිබර් අවකාශයේ පතල බ්ලොග්කරුවෙක්.

    ඇයි විශේෂඥ වෛද්‍ය උනාම පොර කියන ඒවා ඇත්ත වෙනවද? අපි ඒවා පිලිගන්න ඕනිද?