මාලිංගට යළිත් දොර ඇරේ..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මාලිංගට යළිත් දොර ඇරේ..

    ශ්‍රී ලංකාව බිහිකල සුපිරිතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට වසරකට ආසන්න කාලයකට පසු යළිත් ජාතික ක්‍රිකට් පිටියට අවතීර්ණවීමේ අවස්ථාව හිමිවී තිබේ. ඒ හෙට(02) ඇරඹීමට නියමිත අන්තර් පළාත් එක්දින තරඟාවලිය වෙනුවෙන්ය. එම තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අත්දැකීම් බහුල වේගපන්දු යවන්නෙක් ලෙස ලසිත් මාලිංග එක්කර තිබීම විශේෂයකි.

    දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සුමිත්‍ර වර්ණකුලසූරිය පුහුණුකාරිත්වය සපයන අතර දර්ශන ගමගේ පන්දු යැවීමේ පුහුණකරු ලෙස කටයුතු කරයි. හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ලංකා ද සිල්වා එහි සහය පුහුණුකාරිත්වය දරයි. කෙසේ වෙතත් කායක් තිස්සේ ලසිත් මාලිංගට කණ්ඩායමේ අවස්ථාව හිමිනොවූවත් මෙම අන්තර් පළාත් තරඟාවලිය තුලදී දස්කම් දැක්වීමට ඔහුට හැකියාව ලැබුණහොත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරඟාවලියට මාලිංගට එක්වීමේ හැකියාවක් ඇතිබව වාර්තා වේ.

    පන්දු යැවීමේ අංශයේ දැඩි පසුබෑමක් පැවතීම සහ අත්දැකීම් බහුල පන්දු යවන්නන් හිඟකම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තුල තවමත් ලසිත් මාලිංගට ඉඩක් ඉතිරිව පවතී. අයි.සී.සී කුසලාන තරඟාවලිය පුරා ඔහුට එතරම් සාර්ථක වීමට ඉඩක් නොලැබුණද අත්හැර දැමූ බොහෝ උඩපන්දු නිසා අහිමිවුණේ මාලිංගගේ කඩුලුය. තරඟාවලියෙන් අනතරුව එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සමග ඇතිකරගත් විවාදාත්මක තත්වය නිසා මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමිවූ බව ක්‍රිකට්ලෝලී බොහෝ දෙනෙකු අතර හුවමාරුවූ අදහසකි. මේ වනවිට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ක්‍රීිඩා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබීම සහ මාලිංගට නැවත කණ්ඩායමේ දොර විවර කරගැනීමට අවස්ථාවක් හිමිවිම අතර සබඳතාවක් ඇතිබවද පෙනෙන්ට තිබේ.

    ටෙස්ට් තරඟ 30 කදී කඩුලු 101ක්, එක්දින තරඟ 204කදී කඩුලු 301 ක් සහ විස්සයි විස්ස තරඟ 68 කදි කඩුලු 90ක් ලබාසිටින මාලිංග කලක් තිස්සේ ලෝකයේ ප්‍රබලතම Death Overs Specialist පන්දු යවන්නා විය. නමුත් පසුකාලීනව ආබාධ තත්වයන් හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ වේගය අඩුවීම සහ අයි.පී.එල් තරඟාවලිය නිසා බොහොමයක් පිතිකරුවන් ඔහුගේ උපක්‍රම හඳුනාගැනීම නිසා මාලිංගගේ සාර්ථකත්වය කෙමෙන් පසුබෑමකට ලක්විය.

    පසුගිය සමයේ තමන්ට ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සඳහා තරඟාවලියක් ලබාදෙන ලෙස මාලිංග ඉල්ලීම් කර තිබුණ බව වාර්තාවූවද ඔහුට එම අවස්ථාව හිමි නොවීය. ඒ නිසාවෙන් බොහෝවිට ඉදිරි ජාත්‍යන්තර තරඟාවලියකදී මාලිංගට ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකිරීමට ඉඩකඩ ලැබුණහොත් එය මේ සුපිරි පන්දු යවන්නාගේ සමුගැනීමේ තරඟාවලිය බවට පත්විමටද ඉඩකඩ තිබේ.

    උපුටා ගැනීම - www.her.lk
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    සෙල්ලම් කරනවා එක නම් හොඳයි...දක්ෂයෙක් අනිවා අවස්ථාවක් දිය යුතුතුමයි