මාලිංග අසාර්ථකයි

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    මාලිංග අසාර්ථකයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා සෑම කණ්ඩායමක්ම තරග 4 බැගින් ක්‍රීඩා කර තිබේ. එම තරග අවසානයේදී ක්‍රීඩකයන්ගේ දක්ෂතා සළකා බැලූ විට උපුල් තරංග පිතිකරණයෙනුත්, අකිල ධනංජය පන්දුවෙනුතේ දක්ෂතා දැක්වීමට සමත්ව ඇත.

    උපුල් තරංග තරග 4 අවසානයේදී ඉනිම් හතරක ක්‍රීඩා කරමින් ලකුණු 302ක් රැස්කරගෙන ඇති අතර ඔහු ශතකයක් හා අර්ධ ශතක දෙකක් වාර්තා කර ඇත. වැඩිම ලකුණු 124* ලෙස දැක්වෙයි.

    ඉන් අනතුරුව දක්ෂතා දක්වා ඇත්තේ අශාන් ප්‍රියන්ජන් වන අතර ඔහු ඉනිම 4කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමගින් ලකුණු 167ක් රැස්කරගෙන ඇත. ක්‍රීඩකයන් 8 දෙනෙක් පමණක් ලකුණු 100 සීමාව පසුකර යෑමට සමත්ව ඇත.

    මේ අතර පන්දු යැවීමෙන් දක්ෂතා දක්වා ඇති අකිල ධනංජය ඉනිම 4දී කඩුලු 9ක් බිඳ හෙළීමට සමත්ව ඇත. ඉන් පසුව සිටින කසුන් රාජිත කඩුලු 8ක් දවාගෙන ඇත.

    මෙම තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇති ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග මේ දක්වා සාර්ථක වී නොමැත. තරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේය. කඩුලු පහක් හෝ ඊට වැඩියෙන් දවාගෙන ඇති ක්‍රීඩකයන් ගණන 7කි.

    තරගාවලියේ මේ දක්වා අපරාජිත කණ්ඩායම වෙන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    ane palayn bn match kiyak beluwada uba malinga sellam karapu. catch kiyak miss kalada. ara super over eke miss field ewa nedda :angry::angry::angry:
     
    Last edited: