මාලිංග

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මාලිංගගේ කළමනාකරුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත ලිපියක්‌



    අයි. පී. එල්. තරගාවලිය අතරතුර වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගත් බව ඉන්දීය මාධ්‍යයන් ඔස්‌සේ වාර්තා කර තිබුණද ඔහුගේ ක්‍රිකට්‌ අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් සමඟ සාකචඡා කිරීමට අවශ්‍ය බව පවසමින් (24 දා) වූ ලිපියක්‌ ඔහුගේ කළමනාකාරවරයා හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය වෙත එවා ඇතියි කියන පුවතක්‌ "දිවයින"ට වාර්තා වෙයි.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ මුම්බායි ඉන්ඩියන්ස්‌ කණ්‌ඩායම නියෝජනය කරනු ලබන ලසිත් මාලිංග පසුගියදා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගත් බව මාධ්‍ය ඔස්‌සේ පළ වුණිද ඊයේ (24 දා) වනතුරුත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා නොමැති බව ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් දිවයින කළ විමසීමකදී අනාවරණය කළේය.

    එහෙත් ඊයේ (24 දා) දහවල් කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලනාධිකාරිය වෙත සිය කළමනාකරු වන චාලි ඔස්‌ටින් හරහා තමාගේ ක්‍රිකට්‌ අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ සඳහා තමන් මේ මස 26 හෝ 27 යන දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් එම ලිපියෙහි මාලිංග සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

    කළමනාකරු හරහා මාලිංග විසින් එවැනි ආකාරයේ ඉල්ලීමක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය වෙත ලැබී ඇත්දැයි ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් විමසන ලදුව, තමාගේ ඉදිරි අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ ලිපියක්‌ මාලිංගේ කළමනාකරු හරහා තමා වෙත ලැබී තිබෙන බව සඳහන් කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඉන්දීය මාධ්‍යයන් ඔස්‌සේ මාලිංගගේ සමුගැනීමක්‌ පිළිබඳව තමාටද දැන ගැනීමට හැකි වූ බවත්, මාධ්‍යයන්වල කුමක්‌ සඳහන් වුවද මේ පිළිබඳව මාලිංගගෙන්ද අදහස්‌ විමසීමද අතශවශ්‍ය වන බව රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    000203F5.gif