මාලිමාව වැඩ පෙන්නයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මාළිමා අපේක්‍ෂකයෙකු පහර දෙයි.. හිමිනමක් රෝහලේ..

    බලන්ගොඩ හල්පේ විහාරස්ථානයක වැඩ වෙසෙන සාමනේර හිමිනමකට පහර දුන් සැකකරුවන් 06 දෙනෙකු (07) දා පස්වරැවෙි අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
    බලන්ගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය. පහර කැමට ලක් වු හිමිනම බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබති.

    06 දා රාත්‍රියේ එම සාමනේර හිමිනම පමණක් හල්පේ ආනන්ද මෛත්‍රෙය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ වැඩ වෙසෙන අවස්ථාවෙිදි විහාරස්ථානට පැමිණ තර්ජනය කර මෙලෙස පහර දුන් බවට එම සාමනේර හිමිනම විසින් පොලිසියට පැමිණිලි කර තිබෙි.

    මෙිි සමිබදයෙන් සමනල වැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ මහතාගේ උපදෙස් පරිදි වයි.ඒ.සේනාරත්න මහතා විසින් පරික්ෂණ සිදු කරයි.

    පහර කැමට ලක්ව බලන්ගොඩ මුලික රෝහල් ප්‍රතිකාර ලබන හල්පේ විජිතවංශ සාමනේර හිමිනමගෙන් කල විම සිමකදි මෙසේ පැවැසුහ.

    ‘පංසලේ ලොකු හාමුදුරුවන් සමග සමෙනේර හිමිවරු හයදෙනෙක් වැඩ වාසය කරනවා. සාමනේර හිමිවරුන්ට ලොකු හාමුදුරුවෝ නිරන්තරයෙන්ම තාඩන ,පිිඩන, ලිංගික හිංසන කරනවා. මම මෙිි ගැන පංසලේ දායක සභාවට දැනුම් දුන්නා. ඊට පස්සේ (06) අනිත් සාමනේර හිමිවරු පස්දෙනාත් එක්ක ලොකු හාමුදුරුවෝ පන්සලෙන් යන්න ගිය. මම විතරක් පංසලේ වැඩ වාසය කරන විට රාත්‍රියේ පිරිසක් ඇවිත් මට තර්ජනය කරල පහර දුන්නා. මම ඒ අය හදුනා ගත්තා. එතන මාලිමාවව පක්ෂයේ අපේෂකයෙකු ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකරැවන් පිරිසක් ඉන්නවා

    – සමිපත් ප්‍රියනන්දන / නාලක ජේ හෙටිටිආරචිචි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රටපුරා ඇති මහා මාර්ග නඩත්තු කිරීමට හැකියාවක් රජයට නැති නිසා මාර්ග සංවර්ධන අරමුදලක් ඇති කර ඒ සඳහා මෙම මුදල් රැස් කිරීමට අදහස් කරන බව ද හෙතෙම පැවසීය.

    මුදල් අමාත්යාංශයේ යෝජනාවක් මත මෙම සාකච්ඡා සිදුකරන බවද පැවසූ ඔහු අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම අරමුදල පිහිටුවන බවත් රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් මුලින්ම ඊට බැර කරන බවද ඇමැතිවරයා පැවසීය.

    ජනවගෙන් අයකරගන්නා මුදල් ඉන්ධන හරහා හෝ අය කර ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
     
    පෙරුමාල් වේසි ....​