සමගි ජන බලවේග නායක ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මැදවච්චිය කිරිගල්ලෑලව ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ පක්ෂ කාර්යාලයකට මෙම ප්‍රහාරය එලවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
මෙම ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායම විසින් සිදුකර ඇති බවත් පරාජය දරා ගැනීමට නොහැකිව මෙවන් ආකාරයේ කටයුතු කර ජනතාව බියට පත් කරන්නට කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ගම් මට්ටමින් මර්දනය භීෂණය පතුරුවමින් ජනතා විමුක්ති පෙරමුණ තම නොහැකියාව පෙන්වමින් සිටින බවද පැවසූ මන්ත්‍රීවරයා තම මතවාද වලට අහිංසක ජනතාව අවනත නොවන තැන්වල මෙවන් ක්‍රියා සිදු කරමින් සිටින බවට ද පැවසුවේය.