මාලු චීනෙන්.ටින් එක අපෙන්

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මාලු චීනෙන්.ටින් එක අපෙන්

    ගාල්ලේ ටින් මාළු කම්හලට මාළු චීනෙන්ලු!

    Saturday, 12 May 2012 10:26 1 Comments ප්‍රධාන පුවත


    china_sadin.jpg
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පසුගිය දා විවෘත කළ ගාල්ලේ ටින් මාළු කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය මාළු තොග චීනයෙන් ගෙන ඒමට රජය කටයුතු කර ඇත.
    දේශීය නිෂ්පාදන නඟා සිටුවන බවට මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වා ජනාධිපතිවරයා විසින් ගාල්ලේ ටින් මාළු කර්මාන්ත ශාලාව විවෘත කරන ලදී. රුපියල් කෝටි ගණනක මහජන මුදල් යොදවා කරනු ලබන මෙම ටින් මාළු කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය මාළු චීනයෙන් ගෙන්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ. ගාලූ ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ටින් මාළු ඇසුරුම සඳහා යොදාගනු ලබන්නේ ලින්නා මත්ස්‍යයන්ය. අදාළ කර්මාන්ත ශාලාවේ වසරකට නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු සඳහා ලින්නා මාළු මෙටි‍්‍රක් ටොන් මිලියන එක්ලක්ෂ පනස්දහසක ප‍්‍රමාණයක් චීනයෙන් ආනයනය කරනු ලැබේ.
    දේශීය නිෂ්පාදන නඟා සිටුවීම සඳහා ඉදිකළ ටින් මාළු කර්මාන්ත ශාලාවට ගෙන එන චීන මාළු නිසා විශාල වශයෙන් දේශීය මුදල් චීනයට ගලායනු ලබයි. ලාංකේය මුහුදු තීරයේ විශාල වශයෙන් ලින්නා මාළු සිටියදී පිටරටින් ලින්නා මත්ස්‍යයන් ගෙන්වීම මෙරට ධීවර ප‍්‍රජාවට බලවත් අසාධාරණයක් බවත් ජනතාව රවටන මාධ්‍ය සංදර්ශන පෙන්වා දේශීය නිෂ්පාදන බිඳදමන ජනාධිපතිවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළකරන බවත් මෙරට ධීවර ප‍්‍රජාව අවධාරණය කර සිටී

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කොහොමත් ලගදිම ලංකාව චීනේ කොටසක් වෙන්න පුලුවන් රජා චීනෙට දෙන දීමේ හැටියට..... :angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොහොමත් ලගදිම ලංකාව චීනේ කොටසක් වෙන්න පුලුවන් රජා චීනෙට දෙන දීමේ හැටියට..... :angry:

    :lol: අනිවා අනිවා...