මාලෙට ඇති අපිට නැති දේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113

    මාලෙට ඇති අපිට නැති දේ​




    පසුගිය සතිය මා ගතකලේ මාලදිවයින් සමුහයේය. ඒ අකුණු ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහාය. දින හයකදී විශාල හෝටල් පහක් අධ්‍යනය කිරීම පහසු නැත. සෑම හෝටලයක්ම සම්පුර්ණ දුපතකි. එක දුපතක සිට ඊළඟ හෝටලය ඇති දුපතට යාමට පැයක පමණ අධි වේගී බෝට්ටු හෝ මුහුදු අහස යානා ගමනකි. රාජකාරිය අධි වෙහෙසකර වුවත් කලාතුරකින් ලැබෙන අතිශය සුන්දර වූ මාලදිවයින් මුහුදු තීරය සහ තරුපහේ පහසුකම් එම සතිය වර්ණවත් කළේය.
    මේ කතාව ඒ ගැන නොවේ. ඩුබායි සිට කොළඹට පැමිණෙන ගුවන් යානය මාලදිවයිනේ පැය එකහමාරකට පමණ නවත්වයි. මා ලංකාවට පැමිණෙන්නේද බොහෝ විට මේ ගුවන් යානයේමය. වෙනදා මෙන්ම ගුවන් යානයෙන් තුනෙන් දෙකක් පමණ මාල දිවයිනෙන් බැස්සේය. ඒ අතර ව්‍යාපාරික පන්තියේ සියළු දෙනාම විය. ගුවන් තොටුපල මෙන්ම මා පා තැබූ සියලුම හෝටල් සංචාරකයන්ගෙන් පිරි ඇත.
    වසර 2023 දී මාලදිවයිනට සංචාරකයන් මිලියන 1.8 ගොඩබස තිබේ. එම වසරේම ලංකාවට පැමිණි සංචාරකයන් ගණන මිලියන 1.5කට මදක් අඩුය. මාලදිවයිනේ භූමි ප්‍රමාණය අසන්න වශයෙන් වර්ග කිලෝමීටර 300 කි. ලංකාවේ භූමිය වර්ග කිලෝමීටර 66,000. මේ අනුව ලංකාව මාලදිවයිනට වඩා භූමි ප්‍රමාණයෙන් 220 ගුණයක් විශාලය.
    මාලදිවයිනට පැමිණෙන සංචරකයෙක්ට පෙට්ටි කඩයෙන් පාන් බාගයයි හන්දියේ කඩෙන් පරිප්පු දීසියයි ගෙන බෝක්කුවක් මත ඉඳගෙන කෑමේ ඉඩකඩක් නැත. හෝටල් කාමරයක දෛනික අවමය සාමාන්‍යයෙන් ඩොලර් 200 ඉක්මවයි. ඒ අන්තිම පහල පන්තියේ හෝටලයකය. සාමාන්‍යයෙන් හෝටල් කාමරයක මිල දිනකට ඩොලර් 800 ඉක්මවයි. මේ අනුව එහි පැමිණෙන්නේ ඇති හැකි උදවියයි.
    සංචාරක ව්‍යාපාරය විශාල ලෙස දියුණු වී ඇතැයි සමහරුන් උදම් අනන ලංකාවේ තත්වය මෙයයි.
    මුහුදු තීරයකට වඩා බොහෝ දේ සංචාරකයන්ට ලබා ගත හැකි ලංකාව පෙනෙන නොපෙනෙන මානයේ තිබියදී ධනවත් මිනිසුන් විශාල වශයෙන් මාලදිවයිනට ඇදෙන්නේ ඇයි. මා ඩුබායි ගුවන් තොටුපලින් මාලදිවයින බලා ගමන් කරන ගුවන් යානයට ගොඩවූ තැන සිටම මේ පිළිබඳව පුළුල් අධ්‍යනයක් කලෙමි. ඒ ගැන මම ඊළඟ ලිපියේ ලියන්නම්. එතෙක් ඔබ මේ පිළිබඳව දරණ මතය සහ අදහස් මෙහි පළකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබේ අදහස් ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීමේ ලා ඉදිරිපත් කල හැකි යෝජනාවලියකට පාදක වනු ඇත.



    https://chandimagomes.blogspot.com/2024/04/blog-post.html
     
    • Like
    Reactions: pc kush

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඉබ්‍රාහිම් නානා බොම්බ ගහලා බිංදුවටම බස්සපු සංචාරක කර්මාන්තය මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්
     
    • Like
    Reactions: sami_boy

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,520
    10,286
    113
    44
    Living in an Atom
    මම දන්නේ නැහැ මේක ලිවුවේ කවුද කියල. මාල දිවයිනේ පාන් බාගයක් පරිප්පු හොදයි කන්න තැන් නැත නමුත් ලංකාවේ ඇත. ha hahah ගැලපෙන්නේ නැති කතාවක්
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ලංකාව්ට පැමිණෙන බොහෝ සංචාරකයන් පෙට්ටි කඩයෙන් පාන් බාගයයි හන්දියේ කඩෙන් පරිප්පු දීසියයි ගෙන බෝක්කුවක් මත ඉඳගෙන කෑම
     
    • Like
    Reactions: rangana26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113

    මාලෙට ඇති අපිට නැති දේ​



    මුහුදු තීරයකට වඩා බොහෝ දේ සංචාරකයන්ට ලබා ගත හැකි ලංකාව පෙනෙන නොපෙනෙන මානයේ තිබියදී ධනවත් මිනිසුන් විශාල වශයෙන් මාලදිවයිනට ඇදෙන්නේ ඇයි.?


    https://chandimagomes.blogspot.com/2024/04/blog-post.html

    Lapayanam kiyanne ticket eka ganan wadi nisa kiyala tama 🤭 🤭
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    මම දන්නේ නැහැ මේක ලිවුවේ කවුද කියල. මාල දිවයිනේ පාන් බාගයක් පරිප්පු හොදයි කන්න තැන් නැත නමුත් ලංකාවේ ඇත. ha hahah ගැලපෙන්නේ නැති කතාවක්
    // මාලදිවයිනට පැමිණෙන සංචරකයෙක්ට පෙට්ටි කඩයෙන් පාන් බාගයයි හන්දියේ කඩෙන් පරිප්පු දීසියයි ගෙන බෝක්කුවක් මත ඉඳගෙන කෑමේ ඉඩකඩක් නැත.//

    සිංහලෙන් පැහැදිලිව ලියල තියෙන දෙයක් කියවල තේරුම් ගන්න තරම්වත් මොලයක් නැති උබලගේ චන්දේ තමයි භයානකම දේ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම දන්නේ නැහැ මේක ලිවුවේ කවුද කියල. මාල දිවයිනේ පාන් බාගයක් පරිප්පු හොදයි කන්න තැන් නැත නමුත් ලංකාවේ ඇත. ha hahah ගැලපෙන්නේ නැති කතාවක්
    අනේ ළමයිනං හදන්න එපා මචං. :yes:
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    // මාලදිවයිනට පැමිණෙන සංචරකයෙක්ට පෙට්ටි කඩයෙන් පාන් බාගයයි හන්දියේ කඩෙන් පරිප්පු දීසියයි ගෙන බෝක්කුවක් මත ඉඳගෙන කෑමේ ඉඩකඩක් නැත.//

    සිංහලෙන් පැහැදිලිව ලියල තියෙන දෙයක් කියවල තේරුම් ගන්න තරම්වත් මොලයක් නැති උබලගේ චන්දේ තමයි භයානකම දේ

    ඉඩකඩක් නැත්තෙම නෑ ඉතිං. Male city එකේ හරි Hulumale හරි budget hotel එකක ඉඳල ඔය වගේ කන්න කඩනම් තියෙනවා :)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එතකොට රටේ මිනිස්සුන්ට අඩුවට කන්න තැනක් නැද්ද?

    නැත්නම් හමේ පාට බලලා බිල හදනවා ද? 😄
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මෙහෙමයි දැන් ලංකාවට එහෙම පට්ට.... සල්ලියක් තියෙන එහෙම නැත්නම් අත දිග ඇරලා වියදම් කරන සංචාරකයො ගෙන්න ගන්නවා නම් ඒ විදිහට පහසුකම් එහෙමත් දෙන්න වෙනවා. මොකද ඔය back packer කෙනෙක් නම් YouTube දාලා බැනලා යයි. ඒ වගේද ලොකු නහර කාරයෙක්ට ටොපියක් සෙට් වුනොත් ලංකාවට ණය දෙන එකට වුනත් බලපෑම් කරන්න බලයි.
     
    • Haha
    Reactions: KadawathaKolla