Boundaries 7 ක් පමනක් එල්ල කරමින් Rassie Van Der Dussen විසින් එංගලන්තයට එරෙහිව ඊයේ ගහපු ශතකය දැක්කම මට මතක් වුනේ මාවන් ඔසීලට ගහපු මෙන්න මේ ශතකය
කොහොමද මාවන්ගේ මේ ඉනිම
මෙහිදී හතරේ පහරවල් 5 ක් විතරක් එල්ල කරමින් ඒත් Strike Rate එක 80 කටත් වඩා තියාගෙන ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කිරීමට මාවන් සමත්වුනා.
එක්දින ක්‍රිකට් කියන්නේ boundaries විතරක්ම නෙමෙයි 'strike rotation' එකත් කොච්චර වැදගත්ද කියලා ඔප්පු වෙන ඉනිමක් තමයි මේ. අද ඉන්න මොන batsman ටද පුළුවන් boundaries 5 ක් එක්ක හොද SR එකක් සමග එක්දින ශතකයක් රැස් කරන්න !!!
මාවන් අතපත්තු කියන්නේ sensible batsman කෙනෙක්, ඔහු power hitter කෙනෙක් නෙමෙයි. ඒක කවුරුත් දන්න කාරනාවක්. එක්දින වලදි මාවන් අතපත්තු කියන්නේ හරියට Rahul Dravid වගේ batsman කෙනෙක්.
මෙම තරගයේදී සනත් සමග එක්ව පලමු කඩුල්ලට වාර්තාගත ලකුණු 237 ක සබදතාවයක් පැවැත්වීමට මාවන් සමත්වුනා. මෙම තරගයෙන් පසුව හුගක් අයට මාවන්ගේ මෙම විශිෂ්ට ශතකය අමතක වුනා මොකද සනත් එදා රැස් කරපු වේගවත් ශතකය නිසා. ඒ නිසාම මාවන්ගේ මෙම ශතකය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඇගයීමකට ලක්වුන ඉනිමක් බවට පත්වුනා.

