උබ උබටම කියල වාහනයක් ගත්තම ඒක උබ පට්ට ආදරෙන් බලා ගන්නවනෙ, පට්ට ආදරෙන් සලකනවනෙ, උබේ ඔය බොක්කෙ ෆිට් එකක් ඇවිත් කිවුවොත් ඉදා මේ වැලි ටික උබේ කාර් එකේ එන්ජිමට දාපන් අපේ යාලු ෆිට් එකට කියල? උබ දාන්නෙ නෑ නෙ සගෝ... උ මොන බොක්කෙ ෆිට් එක වුනත්?
ඒ වගේ තමා, කාර් එකේ එන්ජිම විනාස වෙනවට අකමැති උබ එහෙනම් ඇයි යාලුවො කියන නිසා උබ උබේ එන්ජිම විනාස කරගන්නෙ?
ඩ්‍රින්ක් එකක් දාපං, යාලුවො එක්ක සෙට් වෙයන්, ඒව නවත්තන්න එපා, හැබැයි උබේම කියල standard එකක් තියාගනින්, යාලුවො එක්ක සෙට් වෙද්දි ඩීසන්ට් බැහැපං, උබ සිගා ගහන්නෙ නැත්නම් නෑම තමයි සීන් එකේ ඉදපං, ඒක accept කරන්න බැරි උන් හැලෙනවනම් හැලෙයි, මොකාට අවුල් වුනත් උබට අදාල නැති සීන් එකේ ඉන්න උබට කොන්ද පන තියෙන්න ඕන.