මාසයයි දවස් 4කට පස්සේ බඩු මිලේ වෙනස..

Phonemy

Well-known member
  • Jan 2, 2018
    1,955
    1
    2,127
    113
    ඔන්න බලපන් ගිය මාසේ 16 වෙනිදා බඩු ගෙනාපු බිලයි මේ මාසේ අද 20 වෙනිදා බඩු ගෙනාපු බිලයි. ලිස්ට් එකේ පොඩි පොඩි අඩු වැඩිකම් තිබ්බත් සමස්තයක් විදිහට මාර විදිහට බඩු මිල වැඩිවෙලා තියෙනවා.මේකේ හැටියට නම් 1500ක වැඩිවීමක්.

    8KsfNw5.jpg


    දැන් බලහන්කො වැඩි වුන ටික.

    1. සම්බා හාල් කිලෝ එක ගිය මාසේ 140යි මේ මාසේ 145යි. කිලෝ 10 බෑග් එකට 50ක වැඩි වීමක්.
    2. සෝස් බෝතලේ ගිය මාසේ 160ති මේ මාසේ 165යි. (ගිය මාසේ ප්‍රමෝෂන් එකක් ගියා 190 බෝතලේ රුපියල් 30ක් අඩු කරල දෙනවා කියල. තනිකර ප්‍රෝඩාව ඒක. මේ මාසේ නිකන්ම දුන්නේ 165ට)
    3. ගිය මාසේ පරිප්පු කිලෝ එක 165 මේ මාසේ 170යි.
    4. ගිය මාසේ ගම්මිරිස් කුඩු ග්‍රෑම් 50 රුපියල් 90යි මේ මාසේ 95යි.
    5. ගිය මාසේ පොල්තෙල් බෝතලේ 340යි මේ මාසේ 360යි. රුපියල් 20ක වැඩිවීමක්.
    6. ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 100 ගිය මාසේ 120යි මේ මාසේ 130යි. රුපියල් 10ක් වැඩි කරලා.
    7. ගිය මාසේ බාල කහ කුඩු ග්‍රෑම් 50ක් ගෙනාවා 80යි. මේ මාසේ විජය එක හොඳ එක කියල ගෙනාව ග්‍රෑම් 50ක් රුපියල් 245ක්. (කෝ බන් නනදසේනගේ සිරි ලන්කන් කහ?)

    තව අඩු වුන එව්වත් තියෙනවා..

    1. බිත්තර ගිය මාසේ 18යි මේ මාසේ 15යි.
    2. සීනි ගිය මාසේ 113යි මේ මාසේ 108යි. (නන්දසේන සීනි කෑවේ නැත්තන් තවත් අඩුයි)
    3. ගොරකා ක්‍රීම් එක ගිය මාසේ 65යි මේ මාසේ 55යි.
    4. ගිය මාසේ රට ලූනු කිලෝ එක 170යි මේ මාසේ 110යි. (සෑහෙන්න අඩුවෙලා හැබැයි මොන කොලිටියද දන්නේ නෑ 🙄)
    5. සැමන් පොඩි ටින් එක ගිය මාසේ 150යි මේ මාසේ 135යි.
    කොහොමද බන් මෙහෙම කම්පැනි කාරයෝ හිතෙන හිතෙන ගණන් වලින් බඩු වැඩි කරන්නේ. කිසිම පාලනයක් කරන්නේ නැත්තේ ඇයි බලයට එන කිසිම රජයකින්. බලපන් බිස්කට් මිල එහෙම. රුපියල් 5 ගානේ කොච්චර වැඩි කරනවද. ඇයි මෙව්වා පාලනය කරන්න බැරි? 😣😣😣
    ලබන මාසේ බඩු ගද්දී පුළුවන් නම් මේ බඩු ටික වෙනස කරන්න බලන්න

    * lifebuoy සබන් වෙනුවට වෙන එකක් ගන්න බලන්න, 4in 1 පැක් අනිත් සබන් වර්ග වලත් තියෙනවා ඒ එකක් ගන්න ගානත් ටිකක් අඩු වෙයි ,
    * කිරි පිට් එකත් වෙනස් කාරහන් මචං පුළුවන් නම්, හයිලන්ඩ් හරි පැලවත්ත හරි

    * ලාඕජි වෙනුවට රන් කහට එක ගන්න 200g රු 195 ගන්න පුළුවන්,(මේක කිව්වේ ලාඕජී එකට වඩා රසත් හොදයි ගානත් අඩු නිසා)
    * පුළුවන් නම් අමු කහ අල 500g අරන් හුමාලෙන් තම්බලා පොඩි කෑලි කපලා වෙළල අඹර ගන්න ඔන්න ම් රු 250 වෙයි ගානත් shape පිරිසිදු හොඳ කහ kamata ගන්න පුළුවන්,අපේ ගෙදර එහෙම කරන්නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,578
    5,495
    113
    ලබන මාසේ බඩු ගද්දී පුළුවන් නම් මේ බඩු ටික වෙනස කරන්න බලන්න

    * lifebuoy සබන් වෙනුවට වෙන එකක් ගන්න බලන්න, 4in 1 පැක් අනිත් සබන් වර්ග වලත් තියෙනවා ඒ එකක් ගන්න ගානත් ටිකක් අඩු වෙයි ,
    * කිරි පිට් එකත් වෙනස් කාරහන් මචං පුළුවන් නම්, හයිලන්ඩ් හරි පැලවත්ත හරි

    * ලාඕජි වෙනුවට රන් කහට එක ගන්න 200g රු 195 ගන්න පුළුවන්,(මේක කිව්වේ ලාඕජී එකට වඩා රසත් හොදයි ගානත් අඩු නිසා)
    * පුළුවන් නම් අමු කහ අල 500g අරන් හුමාලෙන් තම්බලා පොඩි කෑලි කපලා වෙළල අඹර ගන්න ඔන්න ම් රු 250 වෙයි ගානත් shape පිරිසිදු හොඳ කහ kamata ගන්න පුළුවන්,අපේ ගෙදර එහෙම කරන්නේ.
    සම්බා 200යි යකූ...
    කොලොම්බියාවෙ වගෙ හාල් කිලෝවක් ගන්නකඩේ යනකොට සල්ලි මිටි විල්බැරැක්කෙක දාගෙන යන පෝලිම් මැවිල පේන්වා. බන්දුල, කබ්‍රාල් වගේ පොරවල් ලන්කර ගත්තම ඕම වෙනෝ😀


    ගොවියන්ගෙන් වීකිලෝ එක 50ට අරන් හාල් කිලෝ ව 200ට නොදුන්නනම් කොහොමද ඩඩ්ලි ඔහොම හෝටල් ගහගන්නෙ රටවටේ

    සර් ෆුල් ආමි බ්‍රිගේඩ් එකක් ඩඩ්ලිගෙයි සිරිපාලගෙයි මෝල් වලට බස්සල ඔන්න බලපන් සම්බා කිලෝ එක 60/- ට බස්සනවා..
    ශවේන්ද්‍ර ගිහින් ඩඩ්ලිගෙ හාල් ගෝනි හොයන් ඇවිල්ල 60/-ගානෙ දෙන්න කියයි
    ------ Post added on Mar 20, 2021 at 5:08 PM
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    9,090
    7,747
    113
    ආශික්ලන්තෙ
    අප්‍රේල් වලින් පස්සෙ තව වැඩි වෙනව.එක එකාට බැන බැන ඉන්නෙ නැතුව ඩොලර් එක අඩු කරගන්න විදි හොයපල්ල.
    Export wadi karnna ona..wena widiyak ne..mokada tourism nathi hinda
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,955
    1
    2,127
    113
    සම්බා 200යි යකූ...
    කොලොම්බියාවෙ වගෙ හාල් කිලෝවක් ගන්නකඩේ යනකොට සල්ලි මිටි විල්බැරැක්කෙක දාගෙන යන පෝලිම් මැවිල පේන්වා. බන්දුල, කබ්‍රාල් වගේ පොරවල් ලන්කර ගත්තම ඕම වෙනෝ😀
    සම්බා ද කිරි සම්බා ද, නිපුණ කීරී එකනම් 900ට තිබ්බේ අය ගණන් වැඩි වෙලාද,කාලා හමාරයි,මාසේ බඩු බිළෙන් හාල් කිලෝ 5ට රු1000ක් යනවා කියන්නේ බයත් හිතෙනවා.අපේ පැත්තේ වෙන හොඳ හාල් එකක්වත් නෑ ඒකයි කිරි එක කන්නේ, කාගිල්ස් එකේ වත් නෑ වෙන ඒවා එකෙන් නාඩු එකක් තියෙනවා වැඩක්ම නෑ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,578
    5,495
    113
    ශවේන්ද්‍ර ගිහින් ඩඩ්ලිගෙ, සිරිපාලගෙ හන්ගපු හාල් ගෝනි හොයන් ඇවිල්ල 70/-ගානෙ දෙන්න නොකිය මුන් ගිනිකාල දුප්පතාගෙ බඩට කෙලින එක නවත්තගන්න බෑ.. ශවේන්ද්‍ර මහත්තය බස්සොත් නම් මිශන් එක හරියටම කරයි අර කලින් බ්‍රිගෙඩියර් වගෙ නාන්නැතුව.
    සර් ඔහොම දෙයක් කරල පෙන්නුවොත් පොරක් කියල පිලිගන්නවා😀
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,677
    28,205
    113
    තාම ලන්කාවේ
    කන බනේමයි.. ඒ වගේද බලපන් අන්තවාදීයෝ හිරේ දාලා මද්‍රසා වහලා බුර්කා ගලවලා ජාතික ආරක්ෂාව සහතික කරපු එක.. මහ බෑන්කු හොරුන්ට සිනී දාලා වෙඩි තිබ්බේ.. වන ගහණය කොච්චර වෑඩි කලා මේ මාස ටිකට..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    8,671
    1,938
    113
    6°54′N 79°54′E
    රටෙ බහුතරයකගේ අන්ඩුව හින්දා තමාගෙ එකානේ කියලා මිනිස්සු පුලු පුලුවන් විදියට කනවා බොනවා ඇති...බඩුමිල ගැන බහුතර විරෝධයක් නැති හින්දා මට පේන දේ....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,578
    5,495
    113
    බඩු මිල වැඩිවෙන එකට මම කැමතියි. ඒකෙන් අපේ රටේ දුප්පතුන්ව තුරන්කරන්න පුලුවන්.

    🤟respect sir

    ඔව් ඒවගේම ගස් ඔක්කොම කපල කාන්තාරයක් කරන ඉක්මනටම අපිට ඩුබායි කටාර්වගේ තෙල් සම්පත අරන් ලෝකෙ නටවන්න පුලුවන්
    මේ රටේ දුප්පතුනුයි ගසුයි තුරන් කරලම දාල මේ රට සන්වර්දනය කරනවලු...1948 ඉදන් හිටපු එකෙක්ට මෙහෙම මොලයක් තිබ්බෙ නැනෙ අම්මප..කොච්චර ලේසි ක්‍රමයක්ද තියෙන්නෙ රට ධනවත් රටක් වෙන්න..

    චී චී අපරාදෙ දුප්පතුන් ඉවරල කරල ගස් කපලම දාල 1990 වගේ කරානම් මෙලහට අපි තමයි ඇමරිකාවත් යටත් කරගත්ත බලවත් රට වෙන්නෙ:yes::yes::yes:
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    8,580
    9,652
    113
    30
    Hell
    ඕවා මොනාද බන්
    මුං ඇට 1kg 800i
    කව්පි 600i

    කොස් කාපන් දැන් අම්බානෙක කොස් තියෙනවා 😛
    Weekend ගෙදර ආවොත් අනිවාර්යෙන්ම කොස් අම්මට කියලා හදවන් කනවා 🙂
    අද හම්බ උනා කුරු කොස් කියලා ජාතියක්. අදමයි ඇහුවෙත් නම 😁