මාස_4_ට_ඒඩ්ස් රෝගීන් 52 ක්
ගතවූ මාස 4 ක කාලය තුළදී ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 52 දෙනකු වාර්තා වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.
එය මෙතෙක් වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවත් එයින් වැඩි දෙනෙක් පිරිමි අය බවත් හෙතෙම කියා සිටියේය. වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන් අතර අවුරුදු 15 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණයන් වැඩි වශයෙන් සිටින බවද ඒ මහතා කියා සිටියේය.
පසුගිය වර්ෂය (2013) පුරාම විවිධ වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කළද මෙම වසරේ (2014) පළමු කාර්තුවේදීම රෝගීන් සංඛ්‍යාව වැඩිවී ඇතැයි ද හෙතෙම කීය. පසුගිය වසරේ (2013) ඒඩ්ස් රෝගීන් 196 දෙනෙක් සොයාගැනීමට හැකිවුණා. මේ වෙනකොට මෙරටින් ඒඩ්ස් 1896 දෙනෙක් හමුවී තිබෙනවා. එයින් 300 දෙනෙක් මේ වෙන කොට මියගිහින්. පවතින තත්ත්වය හේතුවෙන් එච්. අයි. වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
"එච්. අයි. වී. තියෙන කෙනෙකුට දැනෙන්නේ නැහැ. තමන්ට එච්.අයි. වී වෛරසය තිබෙන බව. දැනගන්න පුළුවන් හොඳම පිළියම වන්නේ ප්‍රාදේශීය ලිංගාශ්‍රිත රෝග මර්දන කාර්යාලයට හෝ පෞද්ගලික මට්ටමින් ගොස් පරීක්ෂා කරගෙන රෝගය වැළඳී ඇත්නම් ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතිය වෙත යොමුවීමයි. එය ඉතා වැදගත්" යෑයිද වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.
මාස 4 ට කොළඹින් ඒඩ්ස් රෝගීන් 52 ක්
වයස 15-25 තරුණයන් මුල් තැනට