මාළිගාවත්ත සිද්ධියේ තවත් පාතාල සාමාජිකය&

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මාළිගාවත්ත සිද්ධියේ තවත් පාතාල සාමාජිකය&

    24873.jpg

    මාළිගාවත්ත - ජුම්මා මං සන්ධියේදී සිදුවූ සිද්ධියේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ කාදර් මොහිදීන් රහුල්ඞීන් අද (07) උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ මාළිගාවත්ත - ජුම්මා මං සන්ධියේදී පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ වෙඩි තැබීමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් සිදුකළ වෙඩි පහරකින් මොහු තුවාල ලැබූ බවයි. මිය යන විට 30 හැවිරිදි වියේ පසුවූ කාදර් මොහිදීන් රහුල්ඞීන්ගේ සොහොයුරා පාතාල නායකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මීට අමතරව මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිවිල් වැසියෙකු සහ පොලිස් නිලධාරියෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා...
    HTML:
    http://hirunews.lk
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මාළිගාවත්ත ප‍්‍රදේශයේ පසුගියදා සිදුවූ සිද්ධියෙන් පසු සැඟවී සිටි පාතාල නායක මාමාස්මි නැවතත් කප්පම් ගැනීම ආරම්භ කොට ඇති බව බුද්ධි අශ වාර්තා කරයි.

    මාළිගාවත්ත ප‍්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කරන මහා පරිමාණ තොග වෙළඳුන්ට දුරකතන ඇමතුම් ලබාදී රුපියල් ලක්‍ෂ 5 සිට ලක්‍ෂ 10 දක්වා මොහු කප්පම් ඉල්ලා තිබේ.

    එසේම දින දෙකක් ඇතුලත එම මුදල් ලබා නොදෙන ව්‍යාපාරිකයන් ඝාතනය කරන බවටත් මාමාස්මි දුරකතනය මඟින් තර්ජනය කර ඇත.


    එසේම පසුගියදා වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටින මාමාස්මිගේ සහෝදරයා වූ රෆුල් මියගියහොත් මාලිගාවත්ත ප‍්‍රදේශයේ තිබෙන සෑම වාහනයක්ම ගිනි තබන බවටත් ඔහු තර්ජනය කර තිබේ. :eek::eek:
     

    Similar threads