ඔය මාලු උෂ්නයි කෑවම ඇඟට අමාරුයි කියන එක කොහෙන් ආපු එකක්ද දන්නෙ නැහැ අපි හැමදාම වගේ මාලු කනවා කන්නෙම බලයා/කෙලවල්ලා තමයි. එහෙමයි කියලා කවදාවත් වෙනසක් නැහැ
අනික බලයා තමයි මට නම් රසම මාලු
මේ ෆොටෝ එකේ දාල තියන මාලු පරවු තමයි නේද
pectoral fin එක බලයාගෙ ගොඩක් කොටයි, (කෙලවල්ලගෙ නං ඔය වගේ දිගයි බලයා සහ කෙලවල්ලා වෙන් කරගන්නත් පුලුවන් ඒකෙන්)
තව ඔය වලිගෙ ලඟ හරස් අතට මතුවෙලා තියන කටු කටු වගේ සෙට් එක බලයා/කෙලවල්ලා වගේ මාලුන්ගෙ බොහොම ලාවට තියෙන්නෙ
තව බලයා ඔය වගේ කහපාටට නැහැ, සමහර කෙලවල්ලො ඉන්නවා කහපාට හැබැයි ඔය තරං කහපාට එවුන් මන් දැකලා නැහැ
බලයාගෙ හරි කෙලවල්ලගෙ හරි හැමතැනම කොරපොතු නැහැ මුගේ පලවෙනි මාලුව අර ඇන පොල්ලකින් කොරපොතු අරිනවා දාල තියෙන්නෙ ලොවෙත් බලයා නෙමයි