මාළු_මාළු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාළු මාළු



db752b24055c483dee847e24cbbd5f9d.jpg



මීගමුව රෝහලේදී සේවය කල කාලයේදී මාළු මිලට ගැනීමට මම වෛද්‍ය ගෝවින් ද රාජා සමග මීගමුවේ ලෙල්ලමට යාමට ගිවිසගත්තෙමි . එදින සෙනසුරාදාවක් විය​. අප දෙදෙනා උදෑසන පහ වන විට ලෙල්ලමට ගියෙමු.


මීගමුවේ ලෙල්ලම පුරවා ධීවරයෝ ද ගැණුම්කරුවන් ද සිටියහ​. ඒ අතර අතරමැදියෝ හෙවත් ධීවරයා ගසාකන්නෝ ටිපර් වලින් විත් මාළු මිලට ගැනීමට සූදානම් වූහ​. මම ලෙල්ලමේ ඒමේ අත ඇවිද්දෙමි. සමහර ධීවර යාත්‍රා වෙරළට එමින් තිබේ. ධීවරයන් බෝට්ටු වෙරළ ආසන්නයට ගෙනැවිත් ඉන්පසු ගොඩට අදිති. බෝට්ටු පුරවා මාළුය​. එම මාළු විවිධාකාර අතර විවිධ ප්‍රමාණයේය​. මිනිසුන් ඒ අවස්ථාවේදීම මාළුන්ට මිළක් නියම කොට මාළු මිලදී ගනිති.


මමත් ගෝවිත් සිල්ලරට මාළු විකුනන මාළු වෙලෙන්දියන් වෙත ගියෙමු. මේ මාළු වෙලෙන්දියන් උසින් මහතින් යුත් අත් නැති හැට්ට ඇඳගත් ගෝරි වලට ඕනෑම අවස්ථාවක එවරෙඩි මීගමු කාන්තාවෝ වෙති. එම නිසා අප ඔවුන් සමග කතා කලේ පරිස්සමිනි. අප ඉදිරියෙන් කොලඹ ප්‍රදේශයෙන් පැමිණි ආගන්තුක මහතෙක් ද විය​. ඔහු මේ මාළු වෙලෙන්දියන් ගෙන් මාළු වල මිළ අසමින් හෙට්ටු කරයි. මෙතැන රසවත් යමක් වෙනු ඇතැයි මගේ සිත කීවෙන් මම ගෝවිගේ වැළමිටට තට්ටුවක් දමා ආගන්තුක මහතා පසුපසින් ගියෙමි.


" කීයද මේ කෙලවල්ලෝ ? ඔහු මාළු වෙලෙන්දියගෙන් අසයි.


"කිලෝ එක රුපියල් එකසිය අසූවයි " වෙලෙන්දිය බුලත් කෙළ පහරක් ගසා ඔහුට පිළිතුරු දුන්නාය​.


ආගන්තුක මහතා මාළුවා අතගා බලයි. ඒ අතර ඇඟිල්ලෙන් මාළුවා ගේ බඩවත ඔබයි. මාළුවාට කරන හිංසනය වෙලෙන්දිය බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ආගන්තුක මහතාට ඒ පිළිබඳ්ව වගක් නැත​. ඔහු මාළුවා ගේ කරමළ පවා අදියි.


" මේ මාළුවා පරණ එකෙක් නේ " ඔහු කියයි.


මාළු වෙලෙන්දියගේ දෙනෙත් අඳුරු වේ. " මොන පිස්සුද මහත්තයා මේ දැන් ලෙල්ලමට ගෙනාපු මාළු ඇය කියන්නීය​.


" කිලෝ එක රුපියල් එකසිය අසූව බොහොම වැඩියි බොහොම වැඩියි " . ඔහු ප්‍රතිරාව කරයි. තමන් ගේ මාළුවා කන්ඩෙම් කිරීම ගැන ඇයට ඉවසුම් නොදේ. ඇය පත මන්නා පිහිය ගල ගාන්නේ ඔහුගේ බෙල්ල කැපීමට මෙනි.



අපොයි අපොයි මාළුවල ගාන වැඩියි. කිලෝ එකට රුපියල් එකසිය පණහක් දෙන්නම් ඔහු කීවේය​.


මාළු වෙලෙන්දියගේ ඉවසීම සිඳුනාය​.


" අනේ පලයන් මහත්තයා යන්න ; ආවා මෙතන රුපියල් එකසිය පණහට කෙලවල්ලෝ ගන්න " ඇය චීත්තය එක අතකින් ග්‍රහණය කර ගනිමින් කීවාය​.


මාළු වෙලෙන්දියගේ පිළිතුර ඇසුණු ආගන්තුක මහතා ක්‍ෂණයකින් ඉවත ගියේය​. මම සිනහව තද කරගනිමින් ගෝවිව ද රැගෙන ලෙල්ලමේ වෙනත් දිශාවකට ගියෙමි.


වරක් මාළු වෙලෙන්දෙක් මටත් ලුතිනන් කර්නල් සූරිය කුමාරටත් නියම ඇන්දිල්ලක් කලේය​. මෙය සිදු වූයේ කළුතර පාලම උඩය​. කළුතර පාලම අසලදී ධීවර වෙලෙන්දෙක් අපගේ වාහනය නැවැත්වීය​.


" අනේ මහත්තයා මේක අරගෙන හාරසීයක් දෙන්න " ඔහු ඉස්සන් තොගයක් පෙන්වා කීවේය​.


යෝජනාව නරක නැත​. එතන කිලෝ පහ හයක් ඇති ඉස්සන් කන්දකි.


" දැන් හවස් වෙලා මහත්තයා ගෙදර යන්නත් තියනවා මේක ඉවරකරලා දාලා. ඒ නිසා හාරසීයක් දෙන්න ඔහු කියයි.


මමත් ලුතිනන් කර්නල් සූරිය කුමාරත් ඉස්සන් මිලට ගැනීමට සූදානම් වූයෙමු. ඉස්සන් තොගය මිලට ගෙන අප දෙදෙනාට පසුව එය බෙදා ගත හැක​. මම රුපියල් හාරසීයක් මාළු වෙලෙන්දා අත තැබුවෙමි. ඔහු මාළු ලෑල්ල වෙත ගොස් ඉස්සන් කිලෝ එකක් කිරා එය කඩදාසියකින් ඔතා මා අත තැබුවේය​.


මෙච්චර පොඩ්ඩක් ? ඔයා කිව්වේ ඔය ඔක්කොම හාරසීයයි කියලනේ ? මම ඔහුට අභියෝග කලෙමි.


" අනේ මහත්තයා ඒක කොහොමද කරන්නේ එතන ඉස්සො කිලෝ හතක් තියනවා. මම කිව්වේ කිලෝ එක හාරසීයයි කියලා . මාළුකාරයා වගක් නැතිව පිළිතුරු දුන්නේය​.


මාළුකාරයා අපව ඇන්දූ බව අප දෙදෙනාටම තේරුණි. නමුත් කල හැකි දෙයක් නැත​. අප ඒ ඉස්සෝ කිලෝ එක ගත්තෙමු.


" කොහොමද මිනිහාගේ වැඩේ ජනරජ ලාංචන දෙකකටයි එක තරුවකටයි මාළුකාරයෙක් ඇරියා නේද ? ලුතිනන් කර්නල් සූරිය කුමාර මගෙන් ඇසුවේය​.


අප දෙදෙනා අපටම සිනා සෙමින් කොලඹ දක්වා ආවෙමු.

https://transyl2014.blogspot.com/2016/08/blog-post_19.html

වෛද්‍ය රුවන් එම් ජයතුංග
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Dan num oya seen amarui bun...

dan minisuth game 1ta awoth game 1a ma thamai..
issara wage kara bagena inne nehe...


එකත් ඇත්ත තමයි. එත් මාළු කාරයෝ එක්ක වලියට යන එක හෙන අවධානම් වැඩක්. මන්නෙන් කපයි.