***මා ගිය චාරිකාව****

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
***මා ගිය චාරිකාව****

මා ඊයේ රවුමක් දැම්මෙමි..පලමුව සංඛපාල විහාරයටද දෙවනුව පුංචි දබදිව පැත්තේද..තෙවනුව පිං පිනිසා දිවා ගුහාවද ශ්‍රී සුමන සමන් දේවාලයද කරැණා කලෙමි..මා හැන්ඩි කොල්ලාය කරැණාව අතරේ මා දෙස හොරහින් බැලූ යුවැත්තියන් 4,5 දෙනෙක්ටම දුරකථන අංකය ලබා දීමට මා කරුණාවන්ත විය.
Happy13.gif
දවස සතුටින් ගෙවී යන අතර සිතට නිතර දුක් ගෙන එන්නා ඌ සිතිවිල්ල නම් වූයේ සියලු තැන්හිදී බුද්ධාගමහි තත්වය සමහොරැන් විසින් විකුණා කෑමයි.. ලංකාව තුල වෙහෙර විහාර දියුණු විය යුතුය එය තරයේ කියා සිටිමි නමුත් බැතිමතා සූරා කෑම සිදු නොකල යුතුය මා දන්නා පරිදි බුදුරදුන්ගේ දේශනයේ සදහන්ව ඇත්තේ බුදු දහම නගාසිටුවීමට දහම විකිණිය යුතු නැති බවය.. පුංචි දබදිව විහාරයේ බැති සිතින් සදහම් කරනා අතරතුර ඇවිදමින් සිටිනා ස්වාමින් වහන්සේ කෙනෙක් දිටිමි..ස්වාමින් වහන්සේගේ අතැති දහයේ විස්සේ සියයේ කොල දුටු මා හට සිදුවන්නේ කුමක්ද යැයි වටහාගැනීමට වැඩි වේලාවක් නොගියේ නැත.ස්වාමින් වහන්සේ ආධාර එකතු කරමින් සිටි බව තහවුරැ වින.මෙය පිඩුසිගා කෑමද නොවන බවද මා දනිමි..එම වචනය කීමට මා හට නොහැක
DontKnow02.gif
එලෙස වු අතර විහාරයේ විවිධ ස්ථාන වල ආධාර එකතු කරන තැන් විය එය වැරදක් නොවන අතර වැරද්දක් ලෙස ප්‍රචාරණ කටයුතු කරන තැනත්තා"බැතිමතුන් මේ පැත්තෙන් යන්න..ආධාරයක් කරගෙන සෙමෙන් යන්න.. "කියා නිතරම පවසනු ලැබීය එක් වරම මා හට සිහි වූයේ "අනේ අපෙනුත් ගන්න..අනේ ගන්නකෝ මේ මල් ලාබයි " කිය කියා මල් කෙල්ලන් මල් විකුණන සැටිය..එතනින් සමුගත් අපේ නඩය පැය කිහිපයක වාහන තදබදයකින් පසු ප්‍රධාන මාර්ගයට පිවිසින දහවල් ලගා වී බැවින් දිවා ආහාරය ගැනීමට සුන්දර ඇල්ලක් වෙත ඇල්ලීය
Happy3.gif
ඇල්ල දෙසට පියමැන්න මම කාටත් හොරෙන් නා ගත්තෙමි සොබාදහමේ අපූර්වත්වය නොඅඩුව මා හට දැනිනි
Happy2.gif
දිවා ගුහාව වෙත පැමිනි මා හට එය මා දැක තිබූ අලංකාරවත්ම ගල් ගුහාව බවට පත්වින එය තුල ඇති සිසිලස මෙන්ම සෑම ස්ථානයකින්ම කුඩා ජල බිංදු ශරීරයට වැටේ එය මිහිපිට සොබාදහමේ වායු සමීකරණයක් මෙන්ය..එය දැවන්ත ගුහාවකි බුදුරදුන් තම සිරිපාදය තැබූ පසු විවේකය ගත කල ස්ථානය මෙයයි පසෙකින් අහස දිස්වන අතර ඒ අතරින් සිරිපා අඩවිය ඉතා ඈතින් දර්ශනය වේ එයද කිසිදා අමතක නොවන දසුනකි..ගුහාවේද පසක ටයිල් කැට සේල් එකක් පෙනිනි ඔවුන් පහල ආරාමයට ටයිල් ඇල්ලීම සදහා ආධාර එකතු කරයි මට වූ ප්‍රශ්ණය නම් ආරාමය ඇත්තේ මීටරය 500කට පහලය.. එය පසුකරගෙන මෙම ස්තානයට මිනිසුන් පැමිනෙයි.. එම ස්ථානයට මෙම ආධාර එකතු කිරීම ගන්නේ නැතුව බුදුරදුන්ගේ සුසුම් ස්පර්ශයන් සහිත මේ ගුහාවට මෙම සේල් එක ගැනීම එතරම් කැප නොවන බව මගේ මොල ගෙඩියට තේරැනද ඕවුන්ට නොතේරේ
Whatzz01.gif
සාදු සාදු ශබ්ධය මැද්දෙන් නැවත වරක් එතනින් සමුගත් අප ශ්‍රී සුමන සමන් දේවාලය වෙත පැමිනියහ සපත්තු ගලවා ටික දුරක් ඇවිද ගිය පසු අලියෙක් සිටිනා දැක්කෙමි..අලියා බැලීමට මා යන අතර තුර ගොන්නු 4 කුලප්පු වී මිනිසුන් පසු පස එල වන්නට වින අපේ නඩයේ අය බස් රථයට පැනගත් අතර මා අලියා බලන්න ගිය නිසා මා තනිවිය ..දඩාර අං සහිත ගොං තඩි දෙන්නෙක් පිබ පිබ මා දෙසට එන දුටු මට දෙලොව සිහිවින උන් දෙන්නා දුටු මා හට ජුරාසික් පාර්ක් මතක් විය
OhNo1.gif
මා මීටර් 100 දිවීමට හපනෙකි නමුත් උන් පැයට කිලොමීටර් 100 විතර වේගෙන් මා වෙත එන්නේය අම්මට සිරි මා වටපිට බැලීය හොද පොල් ගසක් දීටිමී මා හොර පොල් කැඩීමටද හපනෙකු බව උන් නොදත්තේය ගොන් තඩීන් මා වෙත එන විට මා ගසහි බාගයක් නැග අවසන්ය උන් මා පසුකරගෙන ගිය පසු කාටවත් නොදැනන අයුරින් ගසින් බැසගත්තේ මා කවුදැයි මිනිසුන් වටහා ගන්ට පෙරය
Laughing01.gif
..පැත්තක මහා විලාපයක් ඇසේ කුඩා ලමයින් දෙදෙනෙකු දුව එනු පෙනින ඔවුන්ගේ පසු පස වස්සෙකු දුව එයි ඌට අං නැත දුව ආ සැනින් පුංචි ලමයාට ඇන්නේය ලමයා උඩින් විසිවී තනකොල පිස්නට විසිවින කුලප්පු වූ මිනිසුන් මැදිහත්ව වස්සා එලවීය මා හට හීං දාඩිය දැමීය..එවෙලේ නම් මට සිතුනේ හරක් මැරීම තහනම් නොකල යුතුය කියාය..පිං ගොන්නු නිසි පාලනයක් යටතේ දේවාලය තුල හැසිරැනේ නැතොත් ටික දවසක් ඇතුලත දේවාලය ඉදිරියේ කොත්තු කඩේන් මිනිසුන් ආහාරයට ගනු ඇතැයි මට සිතේ ඒ අත්දැකීමත් සමගම නැවතත් වන්දනාමානයෙන් පසුව වේගයෙන් දුව ආ මම බසයට ගොඩවින...
 

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ගොන්නු 4 කුලප්පු වී මිනිසුන් පසු පස එල වන්නට වින අපේ නඩයේ අය බස් රථයට පැනගත් අතර මා අලියා බලන්න ගිය නිසා මා තනිවිය ..දඩාර අං සහිත ගොං තඩි දෙන්නෙක් පිබ පිබ මා දෙසට එන දුටු මට දෙලොව සිහිවින උන් දෙන්නා දුටු මා හට ජුරාසික් පාර්ක් මතක් විය

    hiiii sadu sadu bota :lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P