මචං අයිතිවාසිකමක් නේ බං මනුස්සයෙක්ට ආරක්ෂාව සලසගන්න එක? මොනා හරි උනොත් උඹ උගේ තාත්ත නෙමෙයිනේ වගකියන්න.. ඉතිං උගේ ආරක්ෂාව ඌ සලසගත්ත දෙන් බං.. කොයි ඒකා ගියත් ඔහොමයි.. පොන්සේකා ගියත් ආරක්ෂාවට යන්නේ නැතිව නිකං ගියොත් මිනිස්සුන්ගෙන් මොනා වෙයිද.. උඹ හිතනවද හැම මිනිහම ඌ එක්ක හොඳයි කියල?. අනික උන්ට පඩි ලැබෙනවා උඹ කරන ජොබ් ඒකට වඩා.. ඉතිං දුක් වෙලා මොකටද බං? උන් උන්ගේ පවුල් කනවා බොනවා ඇති හොඳට...
ඇහැට පේන හැම දේම පිළිගන්න එපා.. උඹ නිකං දැක්ක දෙයක් විතරයිනේ.. මොන අවශ්‍යතාවයකට ගියාද.. එහෙම යන්න හේතුව මොකක්ද.. කොහෙද ගියේ.. ඔය විස්තර නොදැන උඹ නිකං දැක්ක එක පාට කන්නාඩියෙන් බැලුවම පේනවා මොනා උනත් වැරදියට.. මම කියන් නෑ... හරි හෝ වැරදි කියල මොකෝ මාත් හිටියෙවත් නෑ එතන දන්නෙත් නෑ.. උඹේ තීරණ ගැනීම ගැන තමා කිව්වේ.. ඕක එච්චර ආශ්චර්යයක් කියල සුවර් ද?
හිතපන් උඹ! උඹට මෙච්චර සල්ලි දෙනවා කියල මහා රජා උඹට ජොබ් එකක් දුන්නොත් ඔය වගේ? උඹ එපා කියනවද?
ඕක තමා වෙලා තියෙන්නේ.... හැමෝම තම තමන්ගේ බඩකට පුරෝගන්නවා.. ඔච්චරයි.
ඔව් මිනිස්සු ඒ තත්වයට දැන් පත්වෙලා ඉන්නේ,
උබේ කමෙන්ට් එකටත් මම ගරු කරනවා,
රටේ පලවෙනි පුරවැසියාගේ ඉදන් ආදර්ශය එන්න ඕනේ,
එතකොට තම මිනිස්සුන් තුලත්
යහපත් ආකල්ප මතු වෙන්නේ



උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,
කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.