මා ප්‍රේමයෙන් මත් උනෙමි..

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මා ප්‍රේමයෙන් මත් උනෙමි..

    රෑන ගිරවු වට කරගත් වැටකේ මල වැන්නේ
    නුඹ රූ වරුණා කියන්න ගී පද මට නැත්තේ...
    ඊ... ඊ.....

    ගොන්ටා.. මොකෝ බොල බෙරිහන් දෙන්නේ....
    නොදකින්.. මගේ කණ ඉස්සරහම කොටලුව බෙරිහන් දෙනවා..

    ඇයි බං..
    තෝ නිද්දෙන් කියවන්නෙ මොකද බොල..
    ආහ්.. මං නින්දෙන්නද හිටියෙ.. කවුද බං දන්නේ..
    මොකද බොල කරේ..
    මං කෙල්ලෙක්ට ටොක් කරා බං..
    මං හිතුවා උඹ අර සිංදුව කතාවක් වගේ කියවං යද්දි.. එහෙම මගුලක් තමා කියලා...

    සික්.. මගේ විලිසංගෙ මූ එහෙම්පිටින්ම පාවල දුන්න හැටි.. නොදෝමකින් නරුමයා...

    දැන් මොකෝ උඹ අර ඇසිලියාගෙ කුකුලාවත් කිහිල්ලෙ ගහගෙන මෙහෙට ආවේ..

    ඒකිගෙ දුව දෙන්න බෑ කිව්වා බං.. මං කිකිලිව ගෙනාව..
    ඇයි තෝ කිකිලිව කසාදෙට ගන්නද..
    නෑ වස්සෝ.. අද දුකට බොද්දි බයිට් ගන්න සල්ලි නෑ බොල.. මූව ගම්මු...

    නොදෝමකින් පවුකාරය.. ඔකාව මරද්දි මං අහක බලාගෙන ඉද්දි මරපං.. මට බෑ පවු පුරෝ ගන්න..

    ඇයි එතකොට උඹ මස් කන්නැද්ද....

    කනවා යකෝ.. පිස්සුද.. මං කනවා.. ඒත් උඹ කිකිලිව මරනවා මං දැක්කෙ නෑනේ.. ඒ නිසා මට පවු නෑ බොල..

    නොදකින් මුන් වගේ යාලුවෝ... දැන් නැගිටපං...

    මචං.. උඹ හොද එකා වගේ අර සරම අරන් දීපං බං...

    කෝ බං.. කොහෙද..

    අර තියෙන්නෙ බං.. අර ෆෑන් එකේ කැරකෙන්නෙ..
    කක්කුට්ටෝ.. තෝ ෆෑන් එකේද නිදාගත්තෙ..
    නෑ බං.. හුලගට යන්නැති යකෝ.. දැන් තෝ පල එළියට.. මං ලැජ්ජාව ව‍හගෙන එනකං..

    දත් සෙට් එක යන්තං බුරුසු පාරවල් දෙකකින් අතුල්ගෙන එළියට ආපි..

    දැන් කොහෙද යන්නෙ..
    යමුකෝ එළියට....

    දෙන්නත් එක්ක පරණ සිනි මුට්ටයක් කිර කිර යද්දි.. මෙන්න ඉන්නවා ඉට්ටූඩියෝ එක ලග මනමාලියෙක්... සික් විතරක්.. මල හෝතම්බුවො වගෙ ඉස්සරහට යන්න බෑනේ.. අිටත් ඉතින් චීත්තයක් නොබල ඉන්නත් බෑනෙ.. බැලුව මලමාලි දිහා.. මල මගුලයි කිව්වලු.. මුලු මූණම දේදුන්නක් වගේ.. හිටින්කෝ ඩිංගක් පැහැදිලි කරනකං..

    නළළ - රන් පැහැ සහ කහ පැහැයක්
    ඇස් දෙක - ලා නිල් / කළු / සහ රීදි පැහැ
    නහය - දෙපස ලා කහ පැහැය සහ මැදින් රන්වන් පැහැය
    කම්මුල් - ලාරෝස පැහය
    දෙතොල - රත් පැහැ
    නිකට - පාට කරන්න අමතක වී ඇත.. (උපන් කලු පැහැය මතුවී ඇත)

    මචං..
    ඇයි බං...
    අද වෙසක්ද බං..
    නෑ යකෝ ඇයි..
    අර බලපංකො බං.. වෙසක් එකට දාපු වෙස් මූනක් වගේ බං..
    කවුද...
    අර මනමාලි බං..
    ඇයි බං.. ඔය ලස්සනට ඉන්නේ..
    කොහෙද බං ලස්සන.. බලපං තීන්ත කලර් කාඩ් වගේනෙ බං..
    එහෙම තමයි යකෝ. මනමාලියෙක් උනාම..
    ආහ්..එහෙමද..කවුද බං දන්නේ.. අපි වෙලා තියනවා කියලැයි..

    අඩි ‍දෙකක් යන්න හම්බ උනේ නෑ.. ලස්සන කෙල්ලෙක් අම්මත් එක්ක පොලේ ඇවිත්.. සා.. උ‍දේ පාන්දරම හරිම සුන්දරයි කිව්වලු..

    දුව - අම්මා අපි අර මොල්ට් වෑන් එකෙන් කිරි පැකට් එකක් ගම්මුකො
    අම්මා- ඇයි දුව.. ගෙදර කිරි තියනවනේ
    දුව- අනේ අම්මා... එතනික් කිරි පැකට් එකක් ගත්තම කුඩයක් තෑගි දෙනවලුනේ
    අම්මා- ඒ උනාට දුව ඔය කිරි අපේ ගෙදර කවුරුත් බොන්නෑනේ.නිකං විසිකරන්න වෙන්නෙ
    දුව - අනේ අම්මා කුඩයක් නිකං දෙනවනේ
    (දුවට කුඩයක් අරන් දීමේ අටියෙන් අම්මා කිරි මුදලාලි ලගට යයි)
    අම්මා- දැන් කීයද කිරි පැකට් එකක්
    මුදලාලි - රු.400.00 නොනා..

    මුදල් දී කිරි පැකට්ටුවක් මිලදී ගනී........
    අම්මා- දැන් මුදලාලි අර කුඩේ තෑගි දෙන එක..

    (මුදලාලි තුන්ඩු කෑලි සහිත පෙට්ටියක් දිගු කරයි)

    ‍මුදලාලි - නෝනා මෙතනින් ‍තුන්ඩුවක් තෝර ගන්න.. ඒකෙ තියන දේ හම්බ වෙනවා

    අම්මා.. තුන්ඩුවක් ගෙන බලයි.. ටොපියක් යනුවෙන් සදහන් බව කියයි..

    හත්තිලව්වු ටොපියක් ගන්න මේ තරන් වියදන් කරන්න ඕනිද අප්පා.. අපිටත් පිස්සු හැදෙනවා.. ඔන්න කෙල්ල පස්සෙන් අපිත් ගියා.. දෙන්නා රෙදි කඩේකට.. එතන ලස්සන කුඩ එල්ලලා තිබ්බා.. අම්මා කුඩයක් අරගනෙ ගාණ බැලුවා...

    හත්තිලව්වයි... රු.315.00කිව්වලු..

    අන්න අල්ලපිය...අර ඇන්ටිය සිහින නැති උනා.. දුව තෑගි හම්බඋන ටොපිය කටේ දාගෙන බලං ඉන්නවා.... හලේ.. මෙහෙවු ලෝකයක් අප්පා...............

    මචෝ.. මොකද කරන්නේ..
    හිටු.. බෝතලයක් ගන්න සල්ලි අරන් ‍එන්නං...
    මාත් ඉතින් අර බැංකුවෙ සල්ලි මැසිම ලග හිටගෙන ඉන්නවා.. ඇතුලෙ ස්වීට් කපල් එකක් ප්‍රේම කරනවා..

    කෙල්ල - මට පාස් වර්ඩ් එක මතක නෑනෙ--
    (කෙන්තියට පත් කොල්ලා)
    කොල්ලා - මොන මගුලක්ද ගෑණියෙ කරන්නේ..
    කෙල්ල - කෑගහන්න එපා බල්ලෝ.. මෙව්වා රෙකෝඩ් වෙනවා..

    ලොවම කැරකෙනු පෙනින..දෙනෙත නොපෙනී ගියේය.. මා ප්‍රේමයෙන් මත් උනෙමි..


    බඩු ඉස්සුවෙ මෙතනින්