අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එකේ අනාත්මයි කියන්නේ සදාකාලික හෝ අමරනීය ආත්මයක් නැ කියන එක. . විශ්වයේ කොහේ ඉපදුනත් ඒ ආත්මය සදාකාලික නැ. . අනාත්ම කියන්නේ ඒකට. . බවයේ ගමන් කරන්නේ එකම කෙනා ආත්මයෙන් ආත්මයට ලැබෙන ශරීර පමනයි වෙනස් වෙන්නේ. . ශරීර ලැබෙන්නේ උත්පත්ති
හරි, කවුරු හරි මැරුන කියමු. එයාගෙ ශරීරය තියෙද්දි, ඒ කෙනා වෙන ශරීරයකට යනව. ඒ ශරීරය මැරුනම ඒ කෙනාම වෙන ශරීරයකට යනව. ඔතනදි ඒ කෙනාව වෙනස් වෙලා නැහැනෙ. අනාත්ම කියන්නෙ, එහෙම බවයේ ගමන් කරන අචල දෙයක් නැහැ කියන එක නේද?
වෙන ආගම් වල ආත්මය කියල කියන්නෙත්, ඔයා ඔය කියන 'ඒ කෙනාටම' නේද? මේක කොහොමද වෙන ආගම් වලින් වෙනස් වෙන්නෙ?
විඥ්ඥානයක් නැති තැනක ඇත්තේ සතරමහා දාතුන් පමනයි. . එනිසයි මස් කන එක පවක් නොවෙන්නේ. . සත්ව ගාතනය පවක් වෙන්නේ විඥ්ඥානය ගතනයකදි ඉවත්වෙන නිසා. .
ඒත් ඒ සත්ව ගාතනය, විඥ්ඥානය ඉවත් වෙන ක්‍රියාවලිය වෙන්නෙ මස් කෑම නිසා නෙමේද? මස් කෑම නිසා එක සතෙක් හරි වැඩියෙන් මැරෙනවනෙ. ඒක හරියට, හොරෙක්ගෙන් හොර බඩුවක් කියල දැන දැනම බඩු ගන්නව වගේනෙ. අපිට පවු සිද්ද වෙන්නෙ නැහැ, හොරාට විතරයිද එතකොට?
මේක හරි වෙන්න පුලුවන්, ඒත් මට මෙතන ලොකු අසාදාරණයක් පේනව.තමන් පවු කරන්නෙ නැහැ, වෙන අය ලවුව පවු කරවන දෙයක් නෙ මෙතන වෙන්නෙ
දර්ශනයේ ආගමික කොටස් තියෙනවා. . ආගමික කොටස් මොනවද දර්ශනය මොකක්ද කියලා වැටහෙන්න නම් ත්‍රිපිටකය කියවන්න වෙනවා. . බුදුදහමේ වුනා කියලා අපායේ නොයන්නේ වත් නොවුනා කියලා අපායේ යන්නෙවත් නැ තමන් කරන ක්‍රියාවලට අනුව කර්මය සැකසිලා මතු බවය තීරනය වෙන්නේ. .
ඔයාට ඔනනම් බුදුදහම පිලිගන්න පුලුවන්, ඕනනම් පිලි නොගෙන ඉන්න පුලුවන්. . ඔයා මුලින්ම බුදුදහම ඉගෙනගන්න. . අනිත් ආගම්වල මිනිස්සු මැරුනම අපායේ යන කතා කොහෙවත් නෑ. .
Ok මම ත්‍රිපිට්කය කියවන්නම්.
ඒත් ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වල සත්තු මරන එක, කාමයේ වරදවා හැසිරෙන එක වරදවල් නෙමෙයිනෙ. ඒව කරන අය අපායෙ යනවනම්, සුරාමේරය කරන, මාලු මරණ, බිරින්දල 1කට වැඩිය තියන් ඉන්න හැමෝම අපායෙ යනවද? අනිත් ආගම් මිත්‍යාදෘෂ්ටි නෙමේද? ඒව විශ්වාශ කරන එක, බුදු හාමුදුරුවො, රහතන් වහන්සේලා ගැන විශ්වාස නොකරන එක, ලොකු පාපයන් නෙමේද?
බුදුකෙනෙක් පහලවෙන්නේ තමන් සියල්ල දත් කියලා ලෝකෙට කියන්න නෙවේ. . බුදුවරයෙක්ට සියල්ල කලහැක්කෙත් නෑ. . බුදුවරයෙක් පහලවෙලා කියන්නේ මේ බව ගමනෙන් ඉවත්වෙන මාර්ගය. . ඒ සදහා කලයුතු දෙය. . තමන් කැමතිනම් ඒ මාර්ගයේ ගිහින් මේ බව ගමනෙන් ඉවත්විය හැකියි. .
බුදුවරයෙක් ජීවත්වන්නේ එම කාලයේ ඇති පරම ආයුශ. .ඒ කාලයේදිනම් වසර 120ක්. . බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ නිවනට අවශ්‍යය සියලුම කරුනු දේශනා කර අවසන් නිසා. . ඒ මාර්ගය ගමන්ගන්නා ඌනම කෙනෙකුට නිවන්දැකිය හැකියි. .
එතකොට කියවපු බණ පොත් වල තිබුන, බුදු හාමුදුරුවො, ආනන්දට, තමන්ට ඕනෙ නම් තව අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කියල කියපු කතාව වැරද්දිද? රෝම කූප වලින් වතුර කඳවල්, ගිනි කඳවල් පිට කරා, ප්රාතිහාර්ය පෑව, කියන ඒව බොරුද? ඒව පුලුවන් නම්, ආයු කාලය දික් කර ගන්න එක අමාරු වෙන්නෙ කොහොමද?
අනිත් අහපු කරුනු වලට කියන්න තියෙන්නේ
*ඔයා බුදුදහම ඉගෙනගන්න කොහෙවත් යන්න එපා තමන්ම ත්‍රිපිටකය කියවලා ඉගෙනගන්න. . එහෙම අමාරුනම් ධර්මය දන්න හික්ශුන්ගේ බන අහන්න.
*ඒක කාලෙන් කාලෙට සාපේක්ශයි ඊයේ දුප්පත් රට අද පෝසත්. . ලෝකේ ගැන හොයලා බැලුවොත් ලOකාවට වඩා දුක්විදින මිනිස්සු ඉන්න රටවල් ඌනතරම් තියෙනවා. .
*බුදුදහම ගැන ඔබගේ දැනුම 0යි. . නැත්නම් ඔබ හිතාමතා දර්මය විකුර්ති කරන්න උත්සහ කරනවා. . ඉස්සරත් එහෙම අය මේකේ හිටියා. . බුද්දහමේ කොතනකවත් පරස්පරවිරෝදි කරුනු නැහැ. . මම බුදුදහම ගැබුරෙන් හදාරලා තියෙන නිසා කියන්නේ. .
මට අන්තිමට කියන්න තියෙන්නේත් කලින් කියපුදේමයි. . කාගෙන්වත් අහන්න එපා ත්‍රිපිටකය තමන්ම කියවලා වටහාගන්න උත්සහකරන්න. . ත්‍රිපිටකය කියවන්න කියවන්න තමන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබෙනවා. . මමත් කියවපු නිසයි බුදුදහම කියලා කරන ආගමික කොටස්, සOස්කෘතික කොටස් වලින් බුද්ද දර්ශනය වෙන්වෙලා හරියටම පෙනෙන්නේ. . එතකොට ඔයාට බුද්ද දර්ශනය ගැන පැහැදීම ඇතිවෙනවා. .
ඔයා අනිත් ආගම්වල පොතුත් කියවලා බලන්න. . එතකොට ඔයාට ඒ ආගම්වල ආගමික කොටස් පේන්න ගන්නවා. . ග්‍රන්තයේ ඇති බොරු කියන කොටස් පේන්න ගන්නවා. . එතකොට අපැහැදීමක් ඇතිවෙනවා. . ඒ නිසයි ගොඩක් ආගම් තමන්ගේ මූලික ග්‍රන්ත බාවිතා නොකර, ග්‍රන්තයෙන් කොටසක් බාවිතා නොකර ආගමික කොටස් කරගෙන යන්නේ. .
අනිත් ආගම්වල ග්‍රන්තයි බුදුදහමේ ග්‍රන්තයයි අතර මූලික වෙනස ඕක. . ඇත්තම කතාව මම බුදුදහම බොරු කල යුතුය කියන අරමුනෙන් ත්‍රිපිටකයත් අනිත් ආගමික ග්‍රන්තත් කියවපු කෙනෙක්. . මට වැටහුනේ අනිත්‍යය, දික්ක, අනාත්ම බවම පමනයි. .
බොහොම ස්තූතියි දීර්ග උත්තරයට. මම ත්‍රිපිටකය කියවන්නම් ආයෙ බුද්දාගම ගැන ත්‍රෙඩ් එකක් දාන්න කලින්. අවංකවම කිව්වොත්, මම බුද්දාගම ගැන සම්පූර්ණයෙන්ම කල කිරිල ඉන්නෙ. ආයෙ මම බෞද්දයෙක් වෙයි කියලනම් මම කීයටවත් හිතන්නෙ නැහැ.
(ඒත් 100% ෂුවර් කරන්න බැහැ. ආගම් පිස්සුව ලේසි පිස්සුවක් නෙමෙයි)
බොරු කරන්න නම් අදහසක් තිබුනෙ නැහැ, පොඩි කාලෙ ඉඳලම දහම් පාසල් ගිහිල්ල ගාතා කටපාඩම් කරද්දි, මල් වට්ටි පෙරහැරේ යද්දි, හාමුදුවන්ගෙන් ගුටි කද්දි, ඔලුවට ආපු ප්‍රශ්න වගයක් ඇහුවෙ. තව ප්‍රශ්න තියෙනව
බවුද්ද පොත පත කියවපු හාමුදුරුවරු අරහෙ පිස්සු නටනව. ප්‍රශ්න අහන එවුන්ව හිරේ දදා, වෙන ආගම් වල අයට, ආගම් නොඅදහන අයට අපහාස කර කර බවුද්දයො කියා ගන්න පිරිසක් මෙහෙ පිස්සු නටනව. අරහෙ අලි ඇත්තුන්ට වද දෙනව. මෙහෙ පොඩිඋන්ට පිලිකුල් බාවනා උගන්නනව. කිසිම දෙයක් නොතේරෙන ලමයින්ට පොඩි කාලෙ ආගම් උගන්නනව, මහණ කරවනව.
පොඩි උන්ට තර්ක ශක්තිය ඇතිඋනාම, රට, ලෝකෙ ගැන අවබෝදයක් ආවමනෙ ඕව දෙන්න ඕනෙ. ඒත් අකමැති උන්ට අයින් වෙන්නත් නිදහස දෙන්න ඕනෙ
ලංකාව හරි බවුද්ද රටක් නම්, නිකම්ම කල්ට් එකක් නෙමේ නම්, මේකනෙ වෙන්න ඕනෙ.
දෙයක් නොදන්න එකෙක් ප්‍රශ්න අහනව. දන්න එවුන් උත්තර දෙනව, දැනුම හොයා ගන්න තැන් සජෙස්ට් කරනව. රැල්ලට ආගම් අදහන, අන්ධ භක්තිකයො ටිකක් උසුලු විසුලු කරයි, ඒත් අර දර්ශනය පිලිපදින අය එයාලටත් කරුණු කියාදීල නිහඩ කරනව.
ප්‍රශ්න අහපු එකා එක්කො ඒත්තු ගිහිල්ල, දර්ශනය ෆොලෝ කරන්න් පටන් ගනියි, ඒත් නැත්ත ඒත්තු නොගිහිල්ල, තමන්ගෙ පාඩුවෙ ඉඳියි. ලංකාවෙ ඔන්න ඔහොම දර්ශනයක් පිලි පදින අය ඉන්නවනම්, අද ලෝකෙ මීට වඩා බුද්දාගමට ගවුරවයක් තියෙයි මම හිතන්නෙ.