මා ලඟටම තව ලංවෙලා ගීතය ලිංගික අසහනය මුදාහš

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මා ලඟටම තව ලංවෙලා

    මා ලඟටම තව ලංවෙලා
    __________________________________________



    මා ලඟටම තව ලං වෙලා
    හිඳින්න නිහඩ නුවන් පියා
    මා සිතාවෝ සැතපෙන නින්දේ
    නුහු පුර දෝ ප්‍රියේ
    පා සුලැගිල්ලේ අදනම් අවදි නොවේ
    කුසුම් කැකුල නිදනා තුරා

    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
    සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ
    මහලුවෙලා අද සඳ වාගේ
    ‍යෞවන රූ සඳ බලාන උන්නාවේ

    කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා
    නල මුදු සුවදේ නිදන මලේ
    මට මල් රොනවුලු සුවඳ දැනේ ලඳුනේ


    ගීතය භාවාත්මක ප්‍රකාශයකි,ආධ්‍යාත්මික චින්තනයකි,සුබාවිත කියවීමකි,

    තේරුම් ගැනීම,තේරුම් යාම,ඇසීම ඉබේ ඇසීම මෙන් දෙ ආකාර වූ යමකි,


    ඉහත ගීය ගායනා කරන්නේ ලාංකේය සුබාවිත ගීතයේ පෙර ගමන්කරුවෙක්ය,අප ඔහු ඩබ්.ඩී ආරියසිංහයන් යැයි හඳුන්වමු, ඔහුගේ ගීත රසවත් ය,ප්‍රාණවත්ය, මෙය රසවත් ප්‍රානවත් ගීතයකි,මෙහි ප්‍රණවත් බව හුදු සෘංගෘර සාහිත්‍යයම පිණිසැයි මා කිවහොත් ඔබ පුදුමවනු ඇත, බැලූ බැල්මට මෙහි පෙනෙනා සෘංගාර යමක් නැත, එය ගේය පද රචකයාගේ දක්කම නැතහොත් භාවිතයයි, අප එය අගය කරන්නෙමු.

    ගීතය වින්දනාත්මක මාධයයකි එහි ගැටලුවක් නැත,නමුදු එය අප වින්දනයට ග්‍රහණය කරගන්නේ කුමන රාමුවකින්ද යන්න අප පවා නොදැන සිටිම හුදී රසික සිත් මළ වින්දන කරුවන් පිරිසක්ම බව කියා පාන්නකි,

    ඉහත ගීතය ඔබ අනේකව අසා ඇත, මා පළමුවර මේ ගීය ඇසුවේ දෙදහසේ මැද භාගයේ විය හැක,නමුදු එය මාගේ වින්දන පරාසයට හසු වූයේ ඉතා මෑතකය.,අප ගීත අසනවා පමණකි විඳීමක් නැත යන්න මා සෘජුව කීමට එක් ‍උදාහරණයකි එය.

    ගීතය මතුපිටින් ග්‍රහණය කිරීමේදී රාමා සීතා කතා පුවත හෝ වචන භාවිතා කොට ඇති ආකාරය අනුව පුරාතන ගද්‍යකට හෝ පද්‍යයකට අනුව ලියන්නැකැයි සිතන්නට පුලුවන,නොමැතිනම් සෘජුවම සීතා නමින් කාන්තාව හඳුන්වන නිසා රාමා සීතා කථා පුවතමැයි තීරණය කරන්නට හෝ විනිශ්‍යකට පැමිනෙන්නට හැක, එය ගීතයක් ඇසීමේ සරල ක්‍රම උපාය හරහා බිහිවන්නකි, නූතන රේඩියෝ කලාව හා සසඳව විට එහි අරුමයක්ද නැත, එසේත් නොමැතිනම් සඳගිරි පවුවක් හා කින්නරුන් ගැන සඳහනක් ඇති නිසා එය චන්ද්‍රකින්නර ජාතකයට සම්බන්ධ යමක් යැ සිතා වින්දනය කරගන්නවා හා සාධුකාර පවත්වනවා වන්නටද පුලුවන.,එයද අරුමයක් නොවේ,

    ඊයේ දිනයේ මා එක්තරා නාලිකාවක රියැලිටි වැඩසටහනක දරුවෙකු මේ හා සමාන ගීතයක් ගායනා කරනවා දිටිමි, අභාග්‍ය දරුවාගේද දෙමව්පියන්ගේද,රටේද, මේ කුමක්දැයි අදහා ගැනීමට මා අපොහොසත් උනෙමි,

    මා ලඟටම තව ලං වෙලා
    හිඳින්න නිහඩ නුවන් පියා
    මා සිතාවෝ සැතපෙන නින්දේ
    නුහු පුර දෝ ප්‍රියේ
    ගීතයේ පළමු කොටස මෙයයි, නැතහොත් ග්‍රහනයට මූලිකව හසුකරගත යුතු ,හසුවන ස්ථානය මෙයයි.,ස්ත්‍රිය නිදි සුව විඳිවි.ඒ නිදි සුව විඳින්නේ ස්වකීය සැමියාම සමඟය, මුත් සුපුරුදු වාසස්ථානයේ නොවේ, ඔවූහූ බොහෝ සතුටින් කෙලි දෙලෙන් දිවි ගෙවූ යුවලකි..

    මුල් පද පෙලෙන් “මා ලඟටම තව ලං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා“ ගයන්නේ ඒ කථාකරන දෑස් ගැනය, කථාකරන,දොඩමලුවන දෑස් ගැන අප අසා ඇත්තෙමු..මේ නිදා සිටින්නේ එහෙව් දෑසකි, ඈ මාගේ සීතාවය..,වෙනත් පිරිමියෙකු හා රමණය නොකල, වෙනත් පිරිමියෙකු හා සිත නොබැඳි පතිවත රැකි කාන්තාවය,ඈ සීතාවක්මය, ඈ නුහුරු බිමක,නුහුරු ස්ථානයක,නොඑසේනම් සුපුරුදු වාසස්ථානයෙන් පිට කොහේ හෝ තැනක නිදි සුව විඳියි,

    “පා සුලැගිල්ලේ අදනම් අවදි නොවේ“
    මෙය අපූරු පැදි පෙළහැරකි. එකිනෙක ගත් කල අර්ථ සුන්‍ය වචන පෙලකි,පෙලක් ලෙස ගත් කල රස වෑහෙන සෘංගාරාත්මක කතාවකි.

    නිදා සිටිනා ස්වකීය බිරිඳ පා ඇඟිලි තුඩුවකින් රහසේ අවදි කරන්නට උත්සහ ගනී .නමුදු ඈ අවදි වන්නේ නැත, සිතන්න එකම සයනක නිදා සිටියා යෞවන විය ඉක්මවූ යුවලක් ඉඳහිටක ඉපදෙන සෘංගාර සිතුවිල්ලක් ක්‍රියාකාරකමක් දක්වා වර්ධනය කරගැනීමට කොතරම් වෙහෙසෙනවාද? ගීතයේ ප්‍රභාශ්වරය මා මේ යැයි කියමි,ගීයේ ගීතවත් බව මේ යැයි කියමි,ගීයේ ව්‍යාංගාර්ථ නොවන දුර්ලබ ව්‍යාංගාර්ථය මේ යැයි කියමි, එය අගය කල යුතු මට්ටම පසු කර විචාරය කල යුතු මට්ටමක ඇත,
    එය තවත් තීව්ර කරන්නේ ඊලඟ පදයයි..“කුසුම් කැකුල නිදනා තුරා“

    කුසුම් කැකුලු නොඑසේනම් මල් පොහොට්ටු පිපෙනවා විනා පරවෙන ,නිදන,මලානික වන බවක් අප අසා නැත්තෙමු, එසේ වන්නේ පැහැදුල් මල්ය,පිපි මල්ය, මෙම පාඨයේ ගේය පද රචකයා මලානික කරවන්නේ ,නිදි කරවන්නේ මල් කැකුලකි, එකී ව්‍යාංගාර්ථය වටහාගැනීම ඔබට පවරමි,

    සදගිරි පව්වේ පෙරදා සංසාරේ
    සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ
    මහලුවෙලා අද සඳ වාගේ
    ‍යෞවන රූ සඳ බලාන උන්නාවේ

    සාංසාරික ප්‍රේමයක් හෝ වේවා ජීවිතයේ මහළු වියේදී පූර්ණය නොවූ හැගීම් වලින් පගහන වන්නට පුලුවන, ගේය පද රචකයා ඉහත පද පෙලෙන් කියන්නේ එවන් කථාවකි, ජාතක කථා සංග්‍රහයේ එන චරිතාවදේශයෙන් මෙහි නිරූපණය වන්නේ සංසාර ගත බැඳීම විය යුතුය, මේ එදා තිබුනු ඉර හඳමය,මේ එදා තිබුනු මදනලමය, නමුදු අප මහළුය, යෞවනයේ සිතැඟි ඉඳහිටක ඔච්චම් කලද ඒවා සංධර්පණය කල නොහැක, යෞවන සිතුවිලි දෙස එදා අහසම බලා හිදී...නමුදු සඳ (හිමි සඳුන්) වයසකය

    කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා
    නල මුදු සුවදේ නිදන මලේ
    මට මල් රොනවුලු සුවඳ දැනේ ලඳුනේ

    සාහිත්‍ය හා සෘංගාර සාහිත්‍ය විමසීම බැරෑරුම් කාර්‍යයකි,අපහසු කාර්‍යයකි, කාලීන වශයෙන් සුබාවිත ගීතය අකාලයේ මියයෑමට මෙයද හේතුවක් වන්නට විය,සෘජු ප්‍රකාශන හුදු නිර්මාණයන් යැ අර්ථගන්වනා සමාජයක අප උඩුගම්බලා පිහිණිය යුතුමය,නොඑසේනම් නැවතී බලා සිටිය යුතුය,එවිට නොදන්නා අගාධයකට නොයයි, සාහිත්‍යය පිළිඹඳ යථාර්තයද එයයි,

    කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා

    අනාගතය කළුවරේ සොයා යෑමක් මෙහි දක්වයි, හේතුව ලෙස කාලය ගෙවී ගිය වගක් දක්වයි, එකිනෙක නොගැලපෙනා පද පෙළහරක් ලෙස ඔබ මෙය දැකිය හැක, නමුදු ගී පද රචකයා එය ගොනු කරන්නේ නිවැරදි සිහියෙනි, “දැන් ලෝකයාට පෙනෙන්නට පෙර ලෙස හැසිරිය නොහැක,උස් මහත්වුනු දරුවන්,සමාජ පිළිගැනීම, තත්වය එකී මෙකී නොකී සමාජීය දේශපාලන ආගමික අදහස් ගතානුගතික සිතුවිලි හැඟීම් වලට බාදා වැටකොටු දමයි,

    “නල මුදු සුවදේ නිදන මලේ
    මට මල් රොනවුලු සුවඳ දැනේ ලඳුනේ“

    සුවදායී සුළං රුල්ල හා ඇය නිදිය, ඇය සෘංගාර හැඟීම් පහව යනතෙක් ඇහැරෙන්නේ නැත, ඇය සැබෑ නින්දේයි වන පරිකල්පනය වැරදිය, ඇයද ඇහැරුණු හැගීම් යලි සතපවන්නට උත්සහ කරමින් නිදි ඉරියව්වෙන්ම සිටී, “මට මල් රොනවුලු සුවඳ දැනේ ලඳුනේ“ මේ කියන්නේ ඒ සංවේදී කථාවය, ඒ රොන් සුනු සුවඳ මා නොදනීනම් කවුරු දනීද? හැඟීම් උත්සන්නව සිදුවන හෝමෝන ක්‍රියාවලිය හා සැබැඳි සිදුවීම් ගේය රචකයා මෙසේ ගොනුකර ප්‍රශ්ණ කරන්නේ ,විමසන්නේ ආත්මයෙනි, එය කාට විසඳා දිය හැකිද? “ සසර පුරා බැඳී ආ ඇගේ රොන් සුනු සුවඳ වෙන කවුරුනම් හඳුනයිද? කුසුම් කැකුල නිදනා තුරා ඔබ නින්දේම සිටිය යුතුය,සාධාරණ නොවූමුත් එය හැර විසඳුමක් නැත,

    ඔබට විඳින්නට හැක,නමුදු වින්දනය සිහියෙන් ලැබිය යුතුය,මේ ගීය ඊට වඩාත් ගැලපෙන උදාහරණයකි.


    චමින්ද ප්‍රදීප් සිල්වා




    තවත් ගීතයක අරුත ගැන මා දැමු ත්‍රෙඩ් එකක්

    සමනළයා මල හා ළමයා සේ.....


    බම්ප් එකක් වත් දාගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: Dreams001

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මෙහි මාතෘකාව රළු වැඩියයි මාගේ මතයයි, එය හුදෙක් මෙම විචාරය සඳහා අවධානය ලබා ගැනීම පිණිස ලියූ දෙයක් විය හැකිය, එය බලවත් වරදකි, මන්ද මෙම ගීතයට ලැදි සුවහසක් රසිකයින් මෙම විචාරය කියවීමට පටන් ගන්නේම කේන්තිය මුසු මානසික තත්වයකින් බව කිව යුතුය :dull::dull:
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මෙහි මාතෘකාව රළු වැඩියයි මාගේ මතයයි, එය හුදෙක් මෙම විචාරය සඳහා අවධානය ලබා ගැනීම පිණිස ලියූ දෙයක් විය හැකිය, එය බලවත් වරදකි, මන්ද මෙම ගීතයට ලැදි සුවහසක් රසිකයින් මෙම විචාරය කියවීමට පටන් ගන්නේම කේන්තිය මුසු මානසික තත්වයකින් බව කිව යුතුය :dull::dull:

    obe adahasata garu kara... mama mathrukawa wenas kala.. :):):):)