මැක්කන්_හා_මදුරුවන්ගේ_ලෝකයේ_විස්මිත_දසුන

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මැක්කන්_හා_මදුරුවන්ගේ_ලෝකයේ_විස්මිත_දසුන

මේවා බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක දසුන් වගෙයි. ඒත් මේවා ඇත්තෙන්ම අන්වීක්ෂයක් තුළින් විශාලනය කළ සමීප රූප සිය මැක්කන්ගේ, මදුරුවන්ගේ හා වෙනත් කුඩා සතුන්ගේ.


3052281.jpg


මේ දිය මැක්කා හැඳින්වෙන්නේ පොලිෆෙමස් (Polyphemus) කියායි. උගේ අඬු විහිදී ඇති ආකාරය විස්මයජනක ලෙස ඩැනියෙල් ස්ටුපින් විසින් ඡායාරූපයට හසු කර ගෙන තියෙනවා.


Daniel-Stoupin-4.jpg


මදුරුවකුගේ හිසක සමීප රූපයක්.

ඡායාරූප ශිල්පියකු හා සාගර ජීව විද්‍යාඥයකු වූ ඩැනියෙල් ස්ටුපින් (Daniel Stoupin) තමයි, කුඩා සාගර ජීවීන්ගේ රූප කැමරාවට නගා ඇත්තේ. සම්පූර්ණයෙන් ම වාගේ විනිවිද පෙනෙන සිරුරැති මේ සතුන් ඔහුගේ කැමරාවට හසු වෙද්දී විවිධ වර්ණ පරාවර්තනය කළා.

මුහුදු පැළෑටිවල සිට දිය මැක්කන් හා මදුරුවන් දක්වා ඔහුගේ මේ ඡායාරූප කෙතරම් සමීපව රූගත කර තිබෙනවාද කීවොත් ඔබට එක්වරම ඒ සතුන් අඳුනා ගන්නවත් බැරි තරම්.

මේ ඡායාරූප ගත් ඩැනියෙල් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක්. ඔහු කියන්නේ, තමා ඡායාරූපයට නගන ඉතා කුඩා වස්තූන් කැමරාවට හසු කර ගැනීමට, එනම් දැන් ඔහුගේ ඒ අවශ්‍යතා සඳහා සාම්ප‍්‍රදායික ඡායාරූප ශිල්ප ක‍්‍රමය ප‍්‍රමාණවත් නැති බවයි.

”අන්වීක්ෂයෙන් මා දකින කුඩා ජීවීන්ගේ සිරුරු කොටස් ඉසියුම් ලෙස සිහින්වයි, තැනී ඇත්තේ. ඒවාගේම ඒ සිරුරු බොහෝ විට විනිවිද පෙනෙනසුලූයි. සියලූ ම ආලෝකයන් ඔවුන්ගේ සිරුරුවලට උරා ගන්නට බැහැ.” ඔහු පවසනවා.

මේ හේතුව නිසා ඔහු අපට සපයා ඇති සතුන් බොහොමයක් ම අපට පෙනෙන්නේ වීදුරුවලින් නිමවා ඇති ආකාරයටයි.




මදුරුවකුගේ සමීප දසුනක්. කෙඳි සහිත සිරුර හා උරස ඔබට දැක ගත හැකියි.
Mosquito1.jpg



1572-life-that-we-dont-see-by-daniel-stoupin.jpg


කොපෙපොඩාවා (Copepod) නම් කුඩා සාගර ජීවියාගේ සමීප දසුනක්.

”මා හුඟක් සතුන්ට පි‍්‍රය කරනවා. විශේෂයෙන් ම අපෘෂ්ඨවංශිකයන්, ඒ කියන්නේ කොඳු ඇටය රහිත සතුන් මගේ අවධානයට ලක් වෙනවා.”

”මට ඉතා කලාතුරකින් තමයි, හමු වන්නේ ඉතා හොඳ පින්තූර අන්වීක්ෂය ඔස්සේ බලන විට මේ කුඩා සතුන්ගේ. ඒ නිසා ඔවුන් දෙස නව ඇසකින් බලන්න කල්පනා කළා.” ඔහු කියනවා.

”දැන් මගේ විනෝදාංශය කර ගෙන තියෙනවා, අන්වීක්ෂය තුළින් පියවි ඇසට නොපෙනෙන ඡායාරූප ගැනීම හා වීඩියෝ ගත කිරීම. මා ඉගෙන ගන්නා විද්‍යාත්මක පරිසරයෙන් මට ලොකු සහයක් ලැබුණා, මේ අතින් මගේ හැකියාවන් වැඩි දියුණු කර ගන්න.” ඔහු වැඩිදුරටත් කියනවා.

ඔහු දැන් ආචාර්ය උපාධිය සඳහා සාගර ජීව විද්‍යාව හදාරනවා.


4d60caf3e9e01583b78642965fa02b01.jpg
]

හයිඩ‍්‍රාගේ (Hydra) ග‍්‍රාහිකාවන් විහිදි ඇති අන්දම. මේ මිරිදිය වාසී සතෙක්. බොහෝ විට යමකට ඇලී සිටියත් මේ අවස්ථාවේ ඌ ජලයේ පාවෙනවා.


image_thumb%25255B1%25255D.png


දිය මැක්කකුගේ සමීප රූපයක්. මෙයත් අනෙක් රූප මෙන් ම අන්වීක්ෂයක ආධාරයෙන් තමයි, ස්ටුපින් මෙයාව කැමරා ගත ඇත්තේ.


4.jpg


මේත් මදුරුවකුගේ සමීප රූපයක්. සිරුර විනිවිද පෙනෙනසුලූයි.
00006260-550x478.png


un-crustace-d-eau-douce-dont-le-corps-est-enferme-dans-une-coquille-credit-photo-daniel-stoupin_44638_w460.jpg


බ‍්‍රයෝසෝවා (Bryozoa) හෙවත් පොලිසෝවා නම් සමූහවාසී වූ ජලජ සත්ව විශේෂයක කොටසක සමීප රූප.
1572-life-that-we-dont-see-by-daniel-stoupin.jpg


Daniel-Stoupin-1.jpg


6311223501_b5db140656_b.jpg


Daniel-Stoupin-Photography17.jpg


Daniel-Stoupin-Photography15.jpg



විස්තර "මල් කැකුළු''එකෙන්.



 
Last edited:

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මේ මදුරුවෙක්ද කියලත් හිතෙනවා. ඒ තරමට සියුම්.
    ඒ වගේම නොපෙනෙන ලෝකය මොනවගේ ඇත්ද .
    තෑන්ක්ස් මචන් මේ වගේ දැනුමට වැදගත් thread
    දානවට .
    ජය!!!
    :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ ෆොටෝස් ටික දැක්කම මාරම සතුටක් ආවා..
    :yes::yes::yes:
    මදුරු කීටයෙක් ව මෙච්චර හොඳට බලා ගන්න
    මටත් කාලෙකට ඉස්සර ලොකු ආසාවක් තිබුනා
    එහෙම එකක් තිබුනා නේද කියලා ආයේ මතක් උනේ
    අද අහම්බෙන් මේ නූල දැකලා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    11.gif
    සුපිරිම තමා..
    11.gif

    වටින පින්තූර ටිකක්..
    REP 5+ ADDED
     
    • Like
    Reactions: HondaMPLG

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    no reps machan, good thread...

    මේ ෆොටෝස් ටික දැක්කම මාරම සතුටක් ආවා..
    :yes::yes::yes:
    මදුරු කීටයෙක් ව මෙච්චර හොඳට බලා ගන්න
    මටත් කාලෙකට ඉස්සර ලොකු ආසාවක් තිබුනා
    එහෙම එකක් තිබුනා නේද කියලා ආයේ මතක් උනේ
    අද අහම්බෙන් මේ නූල දැකලා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    11.gif
    සුපිරිම තමා..
    11.gif

    වටින පින්තූර ටිකක්..
    REP 5+ ADDED

    බන්ටු;14949625 said:
    මේ මදුරුවෙක්ද කියලත් හිතෙනවා. ඒ තරමට සියුම්.
    ඒ වගේම නොපෙනෙන ලෝකය මොනවගේ ඇත්ද .
    තෑන්ක්ස් මචන් මේ වගේ දැනුමට වැදගත් thread
    දානවට .
    ජය!!!
    :D
    තැන්ක්ස් හැමෝටම...:D:D:D