සාගල ද රොශාන්ද
හම්මෝ සාගල ඔයා යා..... සාගල ගේම අත නොහරී... ලොකූ කමිටු ගොඩක පටලැවිලි ලනුවක් අබරා රොශාන් සහ අරජුනව අබරවයි..
එකක් කඩතොලු වසා ගන්නට දහසක් අපබ්‍රන්ස පටලැවිලි ගොඩක්... අවුල් ජාලා කමිටු ගුලියකින් පාලිමේන්තුවට දමා ගසයි



November 9, 2023 at 3:21 am | lanka C news
එම අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 8 දෙනෙක් නම් කළ අධ්‍යක්ෂකවරුන් වන අතර ඔවුන්ව නිර්දේශ කිරීමේ බලය 06 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවකට පවරා ඇත. එම කමිටුව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා , ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු වශයෙන් යෝජනා කර ඇත.
සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා පත් වන්නේ නිල වරණයක් හරහාය. එම නිල වරණය මගින් ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්යක්ෂවරුන් 5ක්, ක්‍රීඩක සංගමය නියෝජනය කරමින් 1ක්, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 1ක්, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 1ක්, විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් 1ක් සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් 1ක් වශයෙන් තේරී පත් විය යුතු බවට යෝජනා කෙරේ.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 10ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.
ඒ ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශ්වකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලිකමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති – බේරුම්කරණ -හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් යෝජනා කර ඇත.
– ජනාධිපති මාධ්‍ය ඒකකය