මැණික් (ගෙව්ඩ)

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    ☢ගෙව්ඩ තාප පිරියම් කිරීමට පෙර ගල් සකසා ගතයුතු ආකාරය.(ගෙව්ඩ තාප පිරියම් කිරීම 2 කොටස)

    💎ගෙවුඩ පෙර සැකසුම💎

    පතලයෙන් ලැබුණු ගෙවුඩ එක්වරම උඳුනට දමා තාප පිරියම් කිරීමෙන් අපට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අසීරු විය හැකිය.
    එම නිසා ගෙවුඩ තාප පිරියම් කිරීමට පෙර ක්‍රියාකාරකම් කිහිපයකට භාජනය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත. මෙම් ක්‍රියාමාර්ග, පෙර සැකසුම, නමින් හැඳින්වේ. ඒවා නම්,

    1️⃣.පිරිසිදු කිරීම,
    2️⃣ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව හඳූනාගැනීම, හා
    3️⃣පලුදු හෝ අන්තර්ගතයන් ඉවත් කිරීම වේ.

    1.🍁පිරිසිදු කිරීම්

    පතලයෙන් ගත් ගෙවුඩ මැණික් වල පිටත පෘෂ්ඨයෙහි ඇති පලුදු අතර, විවිධ ද්‍රව්‍ය බැදී තිබිය හැක. උදා මලකඩ, මැණික් ගල
    තුනී ස්ථර්යක් ලෙස හෝ පැල්ලම් වශයෙන් පිටත පෘෂ්ඨයෙහි හෝ පලුදු තුල රැදී තිබුණහොත් ගල් නියම් වර්ගය හඳුනාගැනීම් අපහසුවේ. තවද ගල කුමන ගෙවුඩ වර්ගයකට අයත්දැයි යන
    හඳුනාගැනීම ද අපහසු විය හැක. එම නිසා ගෙවුඩ ගල් පිරිසිදු කරගැනීම ඉතා වැදගත්වේ. මෙහිදී පිරිසිදු ජලය භාවිතා කර ගල සෝදා ගත හැක. එවිට තවත් අපද්‍රව්‍ය බාහිර පෘෂ්ඨයෙහි රැදී ඇත්නම් සබන් හෝ ඒ හා සමාන ද්‍රව්‍යයක් භාවිතා කර නැවත සෝදා ගත හැක. තවදුරටත් පිරීසිදු කර ගත යුතු නම් අම්ලයක් භාවිතා
    කර ගෙවුඩ සෝදා ගත හැක. මේ සදහා ඔක්සලික් අම්ලය වැනි සැර අඩු අමිලයක් (දුබල අම්ලයක්) භාවිතා කල හැකි අතර, එම අම්ලයේ බහා ගල් සති 2 ක් පමණ තැබීමෙන් ඉතා හොදින් පිරිසිදු
    කර ගත හැකි නමුත් සැර වැඩි රාජ අමිලය (හයිඩ්‍රොක්ලෝරික්) අම්ලය හා නයිට්‍රික් අම්ලය 3:1 අනුපාතයට මිශ්‍ර කිරීමෙන් සාදා ගනී) භාවිතා කළහොත් පැය කිහිපයක් තුළ ගල පිරීසිදු කර ගත හැකිය. නමුත් සැර වැඩි අල (ප්‍රබල අම්ල) භාවිතයේ දී ඒවා හානිදායක බැවින් ප්‍රවේසම් විය යුතුය.

    2.🍁ගුණාත්මකව හා ප්‍රමාණාත්මක

    හඳුනාගැනීම.හොදින් පිරිසිදු කරගත් ගෙවුඩ ගල් විදුලි පන්දමක් භාවිතා කර
    හොදින් පරීක්ෂෂා කිරීමෙන්, එය කුමන ගෙවුඩ වර්ගයකට අයත්දැයි තීරණය කල හැක. එලෙස ගෙවුඩයක් කුමන වර්ගයකට අයත් වේ දැයි තීරණය කිරීම, ගුණාත්මකව හඳුනාගැනීමයි. ප්‍රමාණාත්මකව හදුනාගැනීම යනු ගෙවුඩ ගලක තිබෙන ගෙවුඩ ප්‍රමාණය අඩුද? හොඳ මට්ටමක පවතීද? වැඩිද? යන්න තීරණය කිරීමයි. රූටයිල් හෙවත් ගෙවුඩ ප්‍රමාණය අඩුනම්, යට (young) ගල් ලෙස ද, ගෙවුඩප්‍රමාණය වැඩිනම් තික් (thick) ගල් ලෙස ද එදිනෙදා ව්‍යවහාරයේදීහැදින්වේ. තාප පිරියම් කිරීමට පෙර ගෙවුඩ ගුණාත්මකව හා ප්‍රමාත්මකව හඳුනාගැනීම ඉතා වැදගත් වන අතර, එමගින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
    3.🍁පලුදු හා අන්තර්ගතයන් ඉවත් කිරීම.

    පොළොවෙන් ලැබෙන මැණික් ඉතා පිරීසිදු තත්ත්වයෙන් හමුවන් කලාතුරකිනි. එයට හේතුව පතලයෙන් ලැබෙන මැණික් වල පලුදු (cracks) හා විවිධ අන්තර්ගතයන් (Inclusions) අඩංගු වීමයි. ගෙවුඩ මැණික්ලට ද මෙය පොදුවේ. පලුදු එකක්, දෙකක්, හෝ කිහිපයක්, ගල් වල අඩංගු විය හැක. තවද වෙනත් ඛනිජ ස්පටික, වායු බුබුළු, ද්‍රව හා වායු වර්ග වලින් සමන්විත විවිධ අත්තර්ගතයන් ගෙවුඩ වල අඩංගු විය හැක. මේවා එලෙසම තිබියදී තාප පිරියම් කලහොත් අවාසියක් සිදුවේ. එයට
    හේතුව පලුදු සහිත ගලක් පලදු සමග තාප පිරියම් කළහොත්, ගලෙහි පලුදු වැඩි වියහැක. එම නිසා තාප පිරියම් කිරීමට පෙර ගලෙහි පලුදු ඉවත් කළ යුතුය. නැතහොත් බාහිර පෘෂ්ඨයට පලුදු විවෘත කල යුතුය. එවිට්ට පලුදු වර්ධනය වීමක් සිදු නොවන නිසා ගලේ පිරිසිදු කොටසට හානියක් සිදු නොවේ. විවිධ අන්තර්ගතයන්ගෙන් සමන්විත ගෙවුඩ තාප පිරියම් කිරීමේදී අන්තර්ගතයන්ගේ ප්‍රසාරණ සංගුණක, කොරන්ඩම් වල ප්‍රසාරණ සංගුණකයට සමාන නොවන නිසා අලුතින් පලුදු ඇතිවිය හැකිය. එම නිසා තාප පිරියම් කිරීමකට පෙර අන්තර්ගතයන් ද ගලෙන්
    ඉවත් කිරීම වැදගත් වේ.

    ⭕💎තාප පිරියම් කළ යුතු ප්‍රමිති තීරණය කිරීම.

    ඉහත ආකාරයට පලුඳු හා අන්තර්ගතයන් ඉවත් කර සකස් කරගත් ගෙවුඩ මැණික්, පිරියම් කළ යුතු ප්‍රමිති තීරණය කිරීමද ඉතා
    වැදගත්වේ. නැතහොත් තාප පිරියම් කිරීමෙන් අප බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලබ් යා හැක. මෙහිදී සලකා බැලිය යුතු ප්‍රමිති වන්නේ

    💡තාප පිරියම් කළ යුතු උපරීම උෂ්ණත්වය
    💡උපරිම උෂ්ණයේ තැබිය යුතු කාලය
    💡රත් කළ යුතු සීඝ්‍රතාවය
    💡සිසිල් කළ යුතු සීඝ්‍රතාවය
    💡තාප කුටිය තුල තිබිය යුතු වායුගෝලීය තත්වය එනම් ඔස්සිකාරක/ඔක්සිහාරක තත්වය.
    එක් එක් ගෙවුඩ වර්ග සඳහා භාවිතා කළ යුතු තත්ත්ව වෙනස්වේ මේ නිසා ලබා ඇති අත්දෑකිම් අනුව එක් එක් ගෙවුඩ වර්ග සඳහා සුදුසු තාප පිරියම් කිරීමට පෙර තීරණය කළ යුතුය.

    ⭕💎ගෙවුඩ තාප පිරියම් කිරීමේදී සිදු වන රසායනික ක්‍රියාවලිය.

    ගෙවුඩ, කොරණ්ඩම් බනිජ කුලයට අයත් නිසා එහි මූලික රසායනික සංයුතිය ඇලුමිනියම් ඔක්සයිඩ් (AI,0,) වේ. 100% ක් පිරිසිදුව
    ඇතිවිට කොරණ්ඩම් අවර්ණ වේ. කොරණ්ඩම් මැණික් වලට වර්ණයක් ලැබීම සදහා වර්ණ කාරක මූලද්‍රව්‍ය එකක් හෝ කීපයක් අපද්‍රව්‍ය
    ලෙස කොරන්ඩම් ටික තුළ තිබිය යුතු වේ. විශේෂයෙන්ම නිල් වණය ලැබීම සදහා යකඩ (Fe) හා ටයිටේනියම් (Ti) අඩංගු වී තිබිය යුතුය. මෙම වණ කාරක මූලද්‍රව්‍ය කොරණ්ඩම් තුළ
    ඔක්සයිඩ ලෙස පිහිටයි. එනම් Fa, FeO හෝ Fe,0, ලෙස ද Ti, TiO, ලෙසද පිහිටයි. ගෙවුඩ ගල් තුළ ඩිසල් වණයක් දක්නට ලැබෙන්නේ ඒ තුළ යකඩ, Fe3 02 ලෙස පිහිටා ඇති විය. සිල්කි හෝ මිල්කි ලක්‍ෂණය ගෙවුඩ තුළ දක්නට ලැබෙන්නේ ඒ තුළ TiO2 කෙදි ආකාරයට පිහිටන විටයි. මෙම රූටයිල් කෙදි, සිහින් කෙදි ලෙස පිහිටයි නම් එවිට ගෙවුඩ ගල් තුළ කිරී මිදුණු ස්වභාවයක් දක්නට ලැබෙන අතර එම
    ගෙවුඩ ගල්, කිරී ගෙවුඩ හෙවත් මිල්කි ගෙවුඩ ලෙස හදුන්වයි. රූටයිල් කෙදි, තද කෙදි (ඝන කදි) ලෙස පිහිටයි නම් ඒවා පරීක්ෂා කිරීමේදී සේදමය දිළිසීමක් දක්නට ලැබෙන බැවින්, සිල්කි ගෙවුඩ ලෙස හැදින්වේ. යකඩ ඔක්සයිඩ, කොරන්ඩම් තුළ දී ඝන ද්‍රාවණයක් (Solid Solution) ලෙස පිහිටන අතර සිල්වේනියම් ඩයොක්සයිඩ් කොරන්ඩම් තුළදී ඝන ද්‍රාවණයක් හෝ අවෂ්පයක් (Precipitate) ලෙස පිහිටයි, එනම් Fe2 කොරන්ඩම් තුලදී Fe2+ හෝ Fe3+ ආකාරයට පවතින අතර Ti, TiO2 (රූටයිල්) අවෂ්පයක් ලෙස පිහිටයි නම් ඉහළ
    උෂ්ණත්වයේදී මෙම රූටයිල් දියවීම නිසා ඝන දාවන මාධ්‍යයට Ti4+ අයන ලැබෙ.🔻

    💠නිල් වර්ණය ලැබීම සදහා Fe" අයන Ti" අයන සමග ප්‍රතික්‍රියා කරයි. එවිට ප්‍රතික්‍රියා අංක (1) හි දැක්වෙන ආකාරයට
    🔸{Fe2+} + { Ti4+}-----{Fe2+}{- 0-}---- Ti4+ (1)
    Fe2+ හා Ti4+ අයන අතර ඔක්සිජන් හරහා සිදුවන අන්තර් සංයුජතා ආරෝපණ හුවමාරූවක් (Inter Valence ChargeTransfer) නිසා නිල්ව‍ර්ණය ලබා දේ. යකඩ අයන Fe3+ ආකාරයට පිහිටයි නම් ඒවා Fe2+ ආකාරයට
    පත්විය යුතුයි. මේ සදහා ඔක්සිහාරක තත්වයක් අවශ්‍ය වේ.

    🔵ඔක්සිහරණය
    {Fe3+} + e ------- Fe2+-------(2)

    TiO2 අවක්ෂ්පයක් ලෙස ඇතිනම් දියවීම සදහා 1600 °C ඉහළ උණයක රත් කළයුතු වේ. එවිට්ට Ti' අයන, ඝන ද්‍රාවණය තුලට නිදහස් වේ.

    🔴දියවේ.
    TiO2 -------- Ti4+ --------(3)

    නොදන්න අයට දැනගන්න උදව්වක් විදියට share කරන්න. මෙවැනි වැදගත් කරුණු දැනගැනීම සදහාPage එකට like කරන්න

    💎Edirisinghe gems & jewellery Ratnapura💎
    🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    FB_IMG_1606836860900.jpg
     

    Attachments

    • FB_IMG_1606836856520.jpg
      FB_IMG_1606836856520.jpg
      37.7 KB · Views: 248

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,343
    6,185
    113
    Mage mattress ake 1layer ma thiyenne quarts and topaz for helaing purpose another using rubber slippers toumerline under Soles therapy.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    ගොඩක් අය දන්නෙ නැති දෙයක් කියාදෙන්න හිතුන. ජාගුන් තෝර ඔබ දැකලා ඇති. කළු පාට පෙනුමක් අති අතට ගත් විට කලු පාටට දිස්වෙන මෙම ගල ටොර්ච් එකක් මගින් බලනවිට ලා රතු පාටක් හෝ, තද රතු පාටක් පෙන්වයි. මාගේ පතල ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ බොහෝ සෙයින් මෙම ගල් විශේෂය හමුවේ. නමුත් මෙහි වටිනාකම පිළිබඳව බොහෝ අය දන්නේ නැත. මෙම ජාගුන් ගල පුච්චා ගැනීමෙන් පුෂ්පරාගයට සමාන ඉතා කහ පැහැති වර්ණයෙන් යුත් ගලක් ලබාගත හැක. මම අද මාගේ පතලෙන් ලැබුණු රතු පැහැය තරමක් අඩු ජාගුන් ගලක් පිච්චීම සඳහා යොදා ගත්තේය. නමුත් එහි පැහැය ද ඉතා හොඳින් ලැබී ඇත. මීට වඩා රත් පැහැයෙන් යුත් ජාගුමක් යොදාගත හොත් මීටත් වඩා වර්ණවත් කහ පැහැයෙන් යුත් ගලක් ඔබට ලබාගත හැක. මම මේ ගල පිච්චීම සඳහා යොදා ගත්තේ පොල්කටු අඟුරු ය. ජාගුම් පුච්චන ක්‍රම බොහෝ තිබුණද මම අද යොදාගත් ක්‍රමය ගැන කීමට කැමතිය. පොල්කටු අඟුරු භාජනයක් සාදාගෙන. එහි මැදින් ගල තැන්පත් කර ගල වැහෙන සේ පොල්කටු අඟුරු දමා විනාඩි 20 පිච්චීමට තබා පහත ෆොටෝ වල සඳහන් වෙන පරිදි සාදා ගත් අළු භාජනයේ පැයක් අළු යට සඟවා නිවෙන්නට දෙයි. වැදගත්ම දෙය නම් ගල අඟුරු භාජනයෙන් ඉවතට ගත් පසු සුළං වැදීමට නොදී ක්ෂණිකව අළු භාජනයේ තැන්පත් කිරීමයි. පැයකින් පසු ඔබට ඉතාමත් වර්ණවත් කහ පැහැති ගලක් ලබාගත හැක.
    ස්තුතියි.
    මුතුමාල් බිම්සර.
    Muthumala gems. ඇඹිලිපිටිය.
     

    Attachments

    • FB_IMG_1607240834067.jpg
      FB_IMG_1607240834067.jpg
      66.6 KB · Views: 203
    • FB_IMG_1607241008909.jpg
      FB_IMG_1607241008909.jpg
      139.7 KB · Views: 153
    • FB_IMG_1607241017820.jpg
      FB_IMG_1607241017820.jpg
      46.8 KB · Views: 237