මැතිවරණ_කොමසාරිස්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැතිවරණ_කොමසාරිස්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව නීති විරෝධීව සිදු කොට ඇති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ නොහැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු කාලය වසර හතර හමාරක් ඉකුත් වූ පසුවය.
    වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් වත්මන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නොමැති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටී.
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ගැසට් පත්‍රයට අනුව 2019 ජනවාරි 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත්, 2018 නොවැම්බර් 19 සිට 26 දක්වා නාමයෝජනා භාර ගැනීමටත් දින නියමකර ඇතත්, තමන්ට ඊට අනුව ක්‍රියා කළ නොහැකි බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටී.
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව සිදු කර ඇති නිසා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස තමා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන බවත්, තමන් කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.


    https://www.colombotelegraph.com/index.php/no-election-until-supreme-court-gives-green-light-mahinda-deshapriya/




    45723603_2278563849043553_5093522439267155968_n.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    හිටං කියන්නේ විශේෂ අවස්තාව අනුව විසිරෙව්වා කියල නේද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා දානකොට කොහෙන්ද ගත්තේ කියලත් දාපන් ....
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ඔව්වා ඊ නිව්ස් සෝස් බං. මහින්දදේශප්‍රියම කියලා තිබ්බෛඉයෙ ඊ නිවුස් පොරට කතා කලේ නෑ කියලා
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    හිටං කියන්නේ විශේෂ අවස්තාව අනුව විසිරෙව්වා කියල නේද

    Commenting on the grotesque illegality of a premature dissolution of Parliament, UNP Parliamentarian Dr. Jayampathy Wickremearatne PC, a co-author of the 19th Amendment said, “The Nineteenth Amendment, which was passed with just one Member of Parliament opposing it, reduced the term of Parliament to five years. Provisions that Supreme Court held required a Referendum were amended or dropped. Article 70 of the amended Constitution restricted the power of the President to dissolve Parliament. It now provides that “the President shall not dissolve Parliament until the expiration of a period of not less than four years and six months from the date appointed for its first meeting, unless Parliament requests the President to do so by a resolution passed by not less than two-thirds of the whole number of Members (including those not present), voting in its favour.” Thus, Parliament can now be dissolved by the President in the first four and a half of years of its term only if 150 Members of Parliament so request by a resolution passed in Parliament. The wording is clear and unambiguous.
    Those who argue that the President’s power to dissolve Parliament is unlimited point out to Article 33 (2) (a) which states: “In addition to the powers, duties and functions expressly conferred or imposed on, or assigned to the President by the Constitution or other written law, the President shall have the power–
    (a) …..
    (c) to summon, prorogue and dissolve Parliament…”.
    It is argued that Article 33 (2) (a) overrides Article 70. Article 33 only declares some of the general powers of the President. The manner in which and the conditions under which that power of dissolution can be used are given in Article 70. That Article states that dissolution shall be by Proclamation. Then it goes on set down the clear limitation that the President cannot dissolve for four and a half of years unless Parliament so requests by a two-thirds majority
    . Any power that the President claims under Article 33 (2) must not be in violation of express provisions of the Constitution. The words “In addition to the powers, duties and functions expressly conferred or imposed on, or assigned to the President by the Constitution or other written law…” cannot be used to override expressly laid down constitutional limitations on the powers of the President.

    Take Article 33 (2) which provides in sub-paragraph (f) that the President has the power “to keep the Public Seal of the Republic, and to make and execute under the Public Seal, the acts of appointment of the Prime Minister and other Ministers of the Cabinet of Ministers, the Chief Justice and other judges of the Supreme Court, the President of the Court of Appeal and other judges of the Court of Appeal, and such grants and dispositions of lands and other immovable property vested in the Republic as the President is by law required or empowered to do, and to use the Public Seal for sealing all things whatsoever that shall pass that Seal…”

    Meanwhile, addressing a lawyers’ gathering at New Town Hall, in Colombo, this afternoon, TNA Parliamentarian M.A. Sumanthiran PC said, Parliament cannot be prorogued or dissolved due to the whims and fancies of one individual.

    “The Constitution is clear on Parliament being the place to decide who is PM but Parliament is prevented from doing so,” he added.
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    bpQQJ2h.jpg

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
    :yes::yes:
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව නීති විරෝධීව සිදු කොට ඇති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ නොහැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු කාලය වසර හතර හමාරක් ඉකුත් වූ පසුවය.
    වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් වත්මන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නොමැති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටී.
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ගැසට් පත්‍රයට අනුව 2019 ජනවාරි 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත්, 2018 නොවැම්බර් 19 සිට 26 දක්වා නාමයෝජනා භාර ගැනීමටත් දින නියමකර ඇතත්, තමන්ට ඊට අනුව ක්‍රියා කළ නොහැකි බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටී.
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව සිදු කර ඇති නිසා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස තමා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන බවත්, තමන් කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.


    https://www.colombotelegraph.com/index.php/no-election-until-supreme-court-gives-green-light-mahinda-deshapriya/




    45723603_2278563849043553_5093522439267155968_n.jpg

    Gossip wala boru trust karanna epa ban
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    UpdateSpeaking to Colombo Telegraph, Elections Commissioner Mahinda Deshapriya said he never made such a comment to Lanka Enews nor was he contacted by the website, at any point, on the matter. However, his brother, journalist Sunanda Deshapriya tweeted the story reported by Lanka Enews expressing confidence that the Elections Commission Chairman would seek the opinion of the Supreme Court before proceeding with an election. Meanwhile, sources within the Elections Commission told Colombo Telegraph that the members of the Commission have arrived at a unanimous understanding that they would not hold an election in violation of the constitution.

    Sunanda-Deshapriya.jpg
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන



    Jayampathy-Wickramaratne.jpg

    ජයම්පති වික්‍රම​රත්න –

    ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න
    (මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි)
    පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ.
    ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප‍්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක් ආශ‍්‍රයෙන් නම්, එම සංශෝධනය කිරීමට මත්තෙන් ඊට අදාලව ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන සලකා බැලිය යුතුය. සංශෝධනය ගෙන ඒමට බලපෑ අභිලාෂය සැලකිල්ලට ගත යුතුය. සංශෝධනය ගෙන එන ලද්දේ, මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවක් ප‍්‍රකාරව නම්, එම මැතිවරණයේ පසුබිම සැලකිල්ලට ගත යුතුය. ව්‍යවස්ථාමය විධිවිධාන, හුදෙකලාව ගෙන, රික්තයක බහා කියැවිය නොහැකිය.

    2015 මැයි 15 වැනි දා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබුණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලූත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.
    2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දී මතු කෙරුණු එක් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. පොදු අපේක්ෂකයාට ආධාර කළ බලවේග පැහැදිළිවම පෙනී සිටියේ ජනාධිපති බලතල සීමා කරමින්, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ය. ඒ ගැන අමුතු විස්තරයක් කිරීම මෙහිදී අවශ්‍ය නොකෙරේ.
    පාර්ලිමේන්තුවේ එක් මන්ත‍්‍රීවරයෙකු හැරුණු කොට සියල්ලන්ගේ එකඟත්වයෙන් සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු වාර කාලය අවුරුදු පහකට අඩු කරන ලදි. ජනමත විචාරණයක් අවශ්‍ය කරති යි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටි ඇතැම් විධිවිධාන, එක්කෝ නැවතත් සංශෝධනය කරන ලදි. නැත්නම් අතහැර දමන ලදි. මෙහිදී, ඉහත කී 70 වැනි වගන්තිය සංශෝධනය කොට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කරන ලදි. දැන් ඒ 70 වැනි වගන්තියේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’
    ඒ අනුව, පළමු අවුරුදු හතර හමාරක කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 150 කට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කරගන්නා යෝජනාවක් ඇතොත් පමණි. මේ බව සඳහන් කොට ඇති ඉහත වචන ඉතා පැහැදිළි ය. නිශ්චිත ය.
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ඇතැයි පවසන පුද්ගලයන් ඒ සඳහා තර්කයක් වශයෙන් පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවේ 33 (2) (අ) වගන්තියයි. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය



    මේ වගන්තිය ඉහතින් කී 70 වැනි වගන්තිය අභිබවා යන්නේ යැයි ඔවුහු තර්ක කරති. මේ (33) වගන්තියෙන් කෙරෙන්නේ ජනාධිපතිවරයා සතු පොදු බලතලවලින් සමහරක් දක්වා සිටීම පමණි. එම බලය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය) පාවිච්චි කළ හැක්කේ කෙසේ ද සහ කුමන තත්වයන් යටතේ ද යන්න 70 වැනි වගන්තියෙන් පෙන්වා දෙයි. ඊට අනුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ ප‍්‍රකාශනයක් මගිනි. ඊළඟට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටියොත් මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ඉතා පැහැදිළි සීමාවක් පනවා ඇත. 33 (2) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි කිසි බලයක්, ව්‍යවස්ථාවේ ප‍්‍රකාශිතවම සඳහන් විධිවිධානයන් උල්ලංඝණය කිරීමකට තුඩු නොදිය යුතුය. ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව..’’ යන්න, ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප‍්‍රකාශිතවම සඳහන් කොට ඇති ව්‍යවස්ථාමය සීමාවන් අභිබවා යාමට පාවිච්චි කළ නොහැක.
    උදාහරණයක් වශයෙන්, 33 (2) වගන්තියේ (ඊ) අනුෙඡ්දනය සලකා බලන්න: ‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග‍්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප‍්‍රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප‍්‍රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රදාන පත‍්‍රවල සහ පැවරුම් පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’
    මේ විධිවිධානය පාවිච්චියට ගනිමින් ජනාධිපතිවරයාට තමන් කැමති පරිද්දෙන් අග‍්‍රවිනිශ්චයකාරවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිශ්චයකාරවරුන් පත් කළ හැකි ද? කොහෙත්ම නොහැක. මන්ද යත්, 41 (ඇ* වගන්තියට අනුව, එම පත්වීම් කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඔහුට අවශ්‍ය කරන බැවිනි.
    තව ද, ජනාධිපතිවරයාට විධායක බලය ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් කියැවේ. එසේ වූ පමණින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ ප‍්‍රකාශිත ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන නොතකා හරිමින් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ඔහුට පත්වීම් කළ හැකි ද?
    තමාගේ අභිමතය පරිදි ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඇතැයි යන තර්කය නිවැරදි නම්, අලූත් පාර්ලිමේන්තුවක් පත්වී එක දවසකින් පසුව වුවත් ඔහුට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිය. ඊට කලින් පැවති පාර්ලිමේන්තුවේ වාර කාලය අවසන් වීමට කලින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔහුට එසේ කළ හැකි විය යුතුය. මෙය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ව්‍යවස්ථාව යටතේ පවා ජනාධිපතිවරයාට කළ නොහැකි දෙයකි. එබැවින් ඉහත කී අයවළුන්ගේ තර්කයේ ඇති මුග්ධ භාවය එයින්ම පෙනේ.

    2018 නොවැම්බර් 09 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On Dissolution Of Parliament නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා