මැතිවරණ_කොමසාරිස්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව නීති විරෝධීව සිදු කොට ඇති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ නොහැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු කාලය වසර හතර හමාරක් ඉකුත් වූ පසුවය.
වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් වත්මන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නොමැති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටී.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ගැසට් පත්‍රයට අනුව 2019 ජනවාරි 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත්, 2018 නොවැම්බර් 19 සිට 26 දක්වා නාමයෝජනා භාර ගැනීමටත් දින නියමකර ඇතත්, තමන්ට ඊට අනුව ක්‍රියා කළ නොහැකි බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටී.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව සිදු කර ඇති නිසා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස තමා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන බවත්, තමන් කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.
https://www.colombotelegraph.com/index.php/no-election-until-supreme-court-gives-green-light-mahinda-deshapriya/

Last edited: