මැතිව්ස්‌ට_නායකත්වය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැතිව්ස්‌ට_නායකත්වය

    ශ්‍රී ලංකා විස්‌සයි -20 කණ්‌ඩායමේ පැහැදිලි වෙනසක්‌ වන ලකුණු
    මීළඟ නායකත්වය මැතිව්ස්‌ට !




    විස්‌සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවට පත්වීමත් සමග කණ්‌ඩායමේ අදාළ තරග අංශයන්ට සහභාගිවනු ලබන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පැහැදිළි වෙනසක්‌ කිරීමට තේරීම් කමිටුව සූදානම් වන බව සඳහන් වේ.

    ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයේදී කොදෙව් කණ්‌ඩායම හමුවේ ලද පරාජයත් සමග ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පන්දුවාර විස්‌සයි-20 තරග අංශයේ නායකත්වයෙන් ඉල්ලා අස්‌වුණු අතර නමුත් මේ දක්‌වා නායකත්වයට පත් කිරීමට තේරීම් කමිටුව ක්‍රියා නොකළේය.

    ඒ අනුව විස්‌සයි-20 තරග අංශයේ නායකත්වයට වත්මන් කණ්‌ඩායම් උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌ නම් කරනු ලබන බව මේ පිළිබඳව zදිවයිනZට අදහස්‌ දැක්‌වූ තේරීම් කමිටු සාමාජිකයෙක්‌ සඳහන් කර සිටියේය.

    නම සඳහන් කිරීමට අකමැත්ත දැක්‌වූ මෙම තේරීම් කමිටු සාමාජිකයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, ඒ සියලු අත්හදා බැලීම් මෙම මස 30 වැනිදා පල්ලකැලේ ආරම්භ වන පන්දුවාර විස්‌සයි-20 තරගවලදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියේය.

    එම වෙනස්‌ කිරීමට අනුව මැතිව්ස්‌ට නායකත්වය ලබාදෙනු ලබන්නේ තාවකාලික පදනම මත වන බවත්, එහිදී ඉදිරියේ කණ්‌ඩායමේ ස්‌ථිර ස්‌ථානයක්‌ හිමි ක්‍රීඩකයකුව ඒ සඳහා පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

    ලබන 2014 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන පන්දුවාර විස්‌සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සාර්ථක කණ්‌ඩායමක්‌ බිහි කරළීමේ අභිප්‍රාය ඇතුව සිදුකරනු ලැබෙනු ඇතැයි සැලකෙන අදාළ වෙනස්‌කම්වලදී වැරෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් වැඩි කොටසක්‌ කණ්‌ඩායමට ගෙන ඒම මූලික සැලසුම වී තිබේ.

    ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අවසන් මහ තරගයේදී ප්‍රතිsවාදී පිතිකරුවන් හයේ පහර 7 ක්‌ එල්ල කරද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් එල්ල කිරීමට සමත්වූයේ එක්‌ හයේ පහරක්‌ පමණක්‌ වන අතර එම හයේ පහරද පසුපෙළින් පන්දුවට පහරදීමට පැමිණි නුවන් කුලසේකර විසින් එල්ල කරනලද පහරක්‌ විය. මෙම තත්ත්වය පැහැදිළිව හඳුනාගෙන ඇති මෙරට තේරීම් කමිටුව සිදුවූ අතපසුවීම් උපරිම දුරට නිවැරදි කරගනිමින් කටයුතු කිරීමටද බලාපොරොත්තු වන බවද සඳහන් වේ.

    අදාළ ක්‍රමය මුලින්ම හඳුන්වාදෙන ලද්දේ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම විසින් වන අතර එම පන්දුවාර විස්‌සයි-20 තරගවලට ජෝæ බෙයිලිගේ නායකත්වයෙන් යුතුව තරග වදිනු ඇත. නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව අවතීර්ණ වුවත් ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්‌වා පැමිණීම විශිෂ්ට ගණයේ විය.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    elaaaaa.......elaaaa.....team eke katawath kisima position ekak liyala denda hodanaha fail nam mokaunath kamak naha ain karanda onee