මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ ලස්සන ගම්මානයක් ගැන.. අපිට ලස්සන වුනාට ඒ යන ගමන හරිම දුශ්කරයි...

    මේ කතාව කියන්නේ මැදකැලේ ගම ගැන.ගමට තවම විදුලිය නැති, පාසලක් රෝහලක් නැති කදු මුදුණල හුදෙකලා වූ ගමක් තමා මේ මැදකැලේ ගම...

    ගම නම් හරි ස්වයංපෝෂිතයි..හැමදේම ඔවුන් සපයා ගන්නේ ගම තුලින්ම තමා...

    මේ ගමේ ඉන්නේ ඔක්කොම නැදෑයෝ.. තමත් ගමේ ප්‍රශ්නයක් ආවම වරිග සභාව රැස්වෙලා තමා උත්තර හොයන්නේ...

    පුරාවෘත්ත වල සදහන් වල රාවණා රජුගේ අඩවියක් වන ගහන්ගල තරනය කරන්න යන්න ඕනේ මේ මැදකැලේ ගම හරහා තමා...

    උඩුදුම්බර ප්‍රදේශයට මායිම්ව හසලක උඩවෙලට මායිම්ව යහන්ගල පර්වතයට පහලින් තමා මේ ගම තියෙන්නේ...


    ඔයාලත් මෙහි යනවා නම් මේ මිනිස්සුන්ට උපකාරයක් කරන්න බලාගෙනම යන්න....

    ඇත්තටම කැලේ පිපුණු දක්ෂ දරු පැටව් ටිකක් මෙහි ඉන්නවා..

    පාසලකට යන්න තියෙන දුෂ්කරතාවය නිසාම මේ ලමයිගේ අධ්‍යයනය සාමාන්‍යපෙලින් ඉවරයි..

    මැදකැලේ පාසැල් ළමයින් පාසලේ සිට ගෙදරට යනකොට සවස 4 පහුවෙනවා..ඒ පයින්ම ඇවිල්ලා...

    මේ සැගවුණු ගම අපි ප්‍රසිද්ධ කළේ මේ ගමට උදව්වක් අවශ්‍යම නිසයි...

    ඔයාල මෙහිගිහින් පරිසරය විනාශ නොකර ගිහින් එන්න... හැබැයි අපිට හිතුමතේ ගමකට ඇතුල්වෙන්න බෑ ගමේ ප්‍රධානියෙක්ට හරි ලගම පොලීසියට දැනුම්දීලා තමා යන්න ඕනේ...

    ගලේ බන්ඩාර දෙවියන්ගේ අඩවියක් කියලත් මැදකැලේ ගම ප්‍රසිද්ධයි..

    මේ ගමට උඩහා තියෙන භූමිය මැදකැලේ පතන කියලයි කියන්නේ...

    වන අලි, වන සත්තු රිසි සේ ඇවිදින ඉසව්වක් ඒක..

    හරි අවබෝධයකින් යන්න හොදේ

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ වගේ ප්‍රසිද්ද කරන්න එපා මචන්
    ඇත්තටම ඔය ගම නොදියුණු ගමක් නෙවේ ඒ මිනිස්සු පරිසරයත් එක්ක හොද දියුණු ශිෂ්ටාචාරයක් ගෙනියන ගමන් ඉන්නේ.
    ඇත්තටම නගර වල ඉන්නේ ශිෂ්ටාචාරය විනාශ කරන මානසික මට්ටමෙන් ඉන්න මිනිස්සු ටිකක් උන් හිතන් ඉන්නේ ශිෂ්ටාචාරයේ දියුණු මට්ටමේ ඉන්නවා කියල හැබැයි ශිෂ්ටාචාරයේ විනාශයේ උපරිම මට්ටමේ ඉන්නේ කියල දන්නේ නැ. ඉතින් එහෙම මිනිස්සු ටිකක් ගිහින් ඔය පරිසරයට සංවේදී මිනිස්සුන්ගේ මොලේ කන එකයි කරන්නේ කොහොමත්.
    අද අද්‍යාපනය කියලත් කියල දෙන හැමදෙයක්ම ශිෂ්ටාචාරය පරිසරය විනාශ කරන්න කියල දෙනවා මිසක් වෙන දෙයක් නැ.
    මන් දැක්ක මේකේ තාම හොයාගත්තේ නැති නටබුන් තිබුන තැනකට ගියපු ගමන් දාල තිබ්බ උන් උනත් ඒ තැන ගැන කිසිම විස්තරයක් දෙන්න ගියේ නැ මොකද ගියපු උන්ට මොලයක් තිබ්බ තැන කිවුවොත් මොලයක් නැති උන් ගිහින් ඕක විනාශ කරල දානවා කියල
    මේ ගමටත් ඕකමයි වෙන්නේ උබල කරන දේ නිසා. එහෙම වුනොත් උබලට ඒ සාපයෙන් නම් ගැලවෙන්න ලැබෙන්නේ නැ.