මැදින් යන නංගි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මැදින් යන නංගි

    O/L කරලා ඉවර වෙලා A/L වලට ආවට පස්සේ මමයි, අමිලයි, සුරේශයයි ආර්ට් කරන්න ආවා
    ලැම්බයි, නිරෝෂනයයි අශෝක එක්ක කොමස් කරන්න ගියා.

    මේක හරි යන් නෑනේ සේරම එකට ඉන්න එපැයි.
    ගියා කොමස් එකට
    "වරෙව් යන්න සේරමල්ලා ආර්ට් කරමු උඹලා කොහොමද වෙනම ඉන්නේ"
    ලැම්බා නැගිටපු ගමන් ආවා.
    නිරෝෂනයා ඩෙස්ක් එකේ කකුල බදාගෙන
    "බෑ බන් මට මේක කරන්න දීපං"
    කියලා මූ බෙරිහන් දෙනවා
    (උඹ එදා ගත්ත තීරණය නිසයි උඹ අද ඔය වගේ තැනක ඉන්නේ මචං)

    දැන් ඉතිං ලැම්බත් ආර්ට්

    මොනා වුනත් යාළුවා නොබල ඉන්න බෑනේ.
    හැමදාම කොටවර හෝල් එකට යනවා මූ බලන්න.

    දවසක් මූ බලලා එනකොට

    පුහුල්පොල හෝල් එක ලගින් යනවා හරි ලස්සන ගෑණු ළමයි හතර දෙනෙක්


    Screen-Shot-2013-10-17-at-1.15.26-PM.png


    අමිලයට ඉන්නම බෑනේ
    "ෂ්...ෂ්.... නංගි"
    ගාපි මූ

    එතන හිටපු පට්මට කෑල්ල හැරිලා බැලුවා
    "ඇයි අයියා"
    හැරෙන තැපෑලෙන් රිප්ලයි

    "මට ඔයත් එක්ක පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද?"
    අපේ එකා අහපු

    "පුළුවන් අයියා"
    ස්වීට් වොයිස් කොට ගවුමයි හරි අවධානම්
    කොච්චර කිවත් මූ කවදාවත් තේරුම් ගන් නෑනේ

    "මගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා නංගි"
    අම්මට සිරි මූ වන් ෂොට්ම කියලා දැම්මනේ

    "අනේ අයියා මට කෙනෙක් ඉන්නවනේ"
    බක්ස් ඔය තියෙන්නේ තාප්පෙටම කෙලලා

    "ආ නංගි අවුලක් නෑ. එහෙනම් අර ඔයාලගේ යාළුවන්ගේ
    මැදින් යන නංගිගෙන් මට අහලා කියන්නකෝ"
    අපේ එකා සෙකන්ඩ් වෙන්නේ මොකටද කියලා ඇරියනේ ලගම නමලා

    "හා අයියා"
    කියලා කෙල්ල දිව්වා දිවිල්ලක් අපේ හිනා කටවල් ටික
    ඇරෙන්නත් කලින්


    womanbackgirlrunninginspirationyougettiredofrunning-432cc8972e52dc76c787579be3479843_h.jpg


    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    http://laksiriabeykoon.blogspot.com/
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේක මතුසම්බන්ධ නෑ මචංලා ඒ කෙල්ල කවුද කියලවත් අපිට මතක නෑ
    :no::no::no::no::no::no::no::no::no: