මැනී පැකියෝ..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    මැනී_පැකියෝ..

    ලොව හොදම බොක්සිං ක්‍රීඩකයා වූ මුට්ට කරගහන්නා​

    manny_pacquiao.jpg



    අපිට තවත් මේ ගෙදර ඉන්න බෑ පුතේ… වරෙන් යන්න… තාත්තට අපිට වඩා ලොකු අය ඉන්නව… ඩියොනීසියා මේ විදිහට පවුලේ වැඩිමහල් දරුවා වූ මැනීට කියන්නෙ පියා වූ රොසාලියෝගෙ අනියම් සම්බන්ධයක් අතටම අහුවුණ දවසෙයි…

    ඒත් අම්මෙ තාත්ත… පැකියෝ එහෙම ඇහුවට අම්මට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ.. තාත්ත ගැන හිතල වැඩක් නෑ පුතේ… මට පුලුවන් විදිහට උඹලට කන්න දෙන්නම්.. දරුවන් හය දෙනෙක් එක්ක එදා ඩියොනීසියා ගෙදරින් එලියට බැස්ස…

    ඒ වන විට පැකියෝ හිටියෙ දොලොස්වන වියේ… මැනිලාවේ වීදි අතර ගොස් ඔවුන් තාවකාලික නවාතැනක නතරවුණා.. එතැන් සිට පාසල් ගමන යලි ඇරඹුවත් පාසලට ගාස්තු ගෙවීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. වසරකට පසු පාසල් ගමනට තිත තියන්නයි මැනීට සිදුවණේ. ඒ ගාස්තු නොගෙවීම හින්ද මැනීව එලියට දාපු දවස..

    පාසලෙන් දොට්ට දැම්ම කියන පනිවිඩය දැනගත්තහම අම්මට වාවගන්න බැරිවුණා.. මම කවදාවත් උඹේ පාසල් ගමන කඩාකප්පල් කරන්න හිතුවෙ නෑ.. ඒකට කමක් නෑ අම්මෙ… කියක් හරි හොයා ගත්තහම ආයෙ පාසල් යන්න බැරියැ… මැනී මෙහෙම කිව්වට ඒක හීනයක් විතරයි කියල ඔහුත් දැනං හිටිය…

    මේ විදිහට පාසලෙන් දෙට්ට වැටෙන මැනී නතර වෙන්නෙ මැනිලාවේ වීදිවල මුට්ට කරගහන්නෙක් වෙලා… ඔය අතර දවසක ඔහු වීදි බොක්සිං තරගයක් නරඹන්නට යනව.. වීදිවල බොක්සිං ක්‍රීඩකයින්ට හොදින් ගෙවනව… මැනී වයස අවුරුදු 14 දි වීදි සටන්කරුවෙක් බවට පත්වෙන්නෙ අහම්බෙන්…

    කෙහොම වුනත් මැනී වීදිසටන්කරුවන් අතර අංක එකේ චරිතයක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගතවෙන්නෙ නැහැ. ඒ ඔහුගේ වේගවත් බව හින්දයි. එහෙත් ඔහුට අඩි හතරකට වඩා පොඩ්ඩක් උස ක්‍රීඩකයෙක් වීම හේතුවෙන්ම බොහෝ දුර ගමනක් යන බොක්සිං ක්‍රීඩකයක් වේවි කියල කවුරුත් හිතුවෙ නැහැ. ඒ බොක්සිං ක්‍රීඩකයකුට උස ඉතාම වැදගත් හින්ද.. උස උනාම අත් දෙකත් දිගයි. එවිට අනෙක් ක්‍රීඩකයාට තමන්ට ලං වෙන්න දෙන්නෙ නැතුව පහරදීමේ හැකියාව ලැබෙනව.

    කෙහොම වුනත් ලෝකය අදටත් පිලිගන්න ඒ න්‍යාය පුස්සක් කරමින් මැනීට පිලිපීනයේ ජාතික බොක්සිං කණ්ඩායමේ සාමාජිකත්වය හිමිවෙනවා.

    එතැන් සිට ආරම්භ වුණු බොක්සිං වලල්ල දික්විජය කිරීම මැනී පැකියෝ නම් අසහාය ක්‍රීඩකයකු බිහිවීම දක්වා පැමිණියේ ජීවිතයේ දුක් කම් කටොලු පන්නරය කරගැනීම හේතුවෙනුයි. කිසිවකුත් නොහිතන තරම් වේගවත් වන මේ ක්‍රීඩකයා බොක්සිං පිටියේ අංශ අටක ශූරතා දිනූ ලොව එකම ක්‍රීඩකයා ලෙසයි අදටත් සිටින්නේ. 1978 වසරේදී දුකත් කදුලත් උරුම කරගනිමින් ජීවිතය ලද මැනී පැකියෝ අද ලොව සිටින ධනවත්ම ක්‍රීඩකයින් අතර කෙනෙක්. වනසන්නා ලෙස බොක්සිං පිටියේ විරුධාවලිය ලත් මැනී පැකියෝ උත්හාසය සහ කැපවීම අරමුණු ජය ගැනීමට ප්‍රමාණවත් බව ඔප්පුකළ චරිතයක් ලෙසයි සැලකෙන්නේ.

    ඔහු ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරග 67 කින් පරාජයට පත්ව ඇත්තේ තරග 6 ක් පමණයි. එකකට එකක් වෙනස් බර පන්ති පහක ශූරතා දිනූ ලොව එකම සහ පළමු මිනිසා බවටද මැනී පැකියෝ පත්ව සිටිනවා. මේ වන විට පිලිපීනයේ කොංග්‍රස් සභිකයකු ලෙස කටයුතු කරන මැනී පැකියෝ දුප්පතුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවා තමන් වැනිම දුක්විදින ජනතාවට සේවයක් සිදුකරමින් සිටින බවත් කිව යුතුයි.







    අන්තර්ජාලය ඇසුරිණි:love::love::love:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මෙයාගේ ෆයිට් එක බැලුවාද පැරදිලත් කොටි ගානක් හම්බුනේ. :D
    අපරාදේ මෙයා දිනන්න තිබ්බේ. :dull:
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    මෙයාගේ ෆයිට් එක බැලුවාද පැරදිලත් කොටි ගානක් හම්බුනේ. :D
    අපරාදේ මෙයා දිනන්න තිබ්බේ. :dull:

    Muge shoulder injury eka tibbe nathnam Floyd eda paradinawa. Floyd dance ne kare fight ekema...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Muge shoulder injury eka tibbe nathnam Floyd eda paradinawa. Floyd dance ne kare fight ekema...
    ඒ ගැන දනගෙන උන්නේ නැහැ. :no:
    මටනම් උව පෙන්න බැහැ. හෙන ඔලුවෙන් ඉන්නේ. :oo: