මැරලින්ට ඇරයුමක්

John_Watson

Member
Jul 15, 2023
19
19
3
මැරලින් හිටියේ හොඳටම හෙම්බත්වය. සවස් කාලය පුරා ගෝල්ෆේස් අරගලකරුවන්ට ෆ්‍රී හග්ස් දීමෙන් විවිධාකාර ගන්ධස්කාරයන් සිය ලැම බදාගෙන සිටින ටීෂර්ටයෙන් ඉහළට වාෂ්ප වෙනු ඇයට දැනිණි. නමුත් ඒ අප්‍රසන්න අත්දැකීම වෙනුවෙන් ඇය ලද ඉන්ස්ටග්‍රෑම් හාර්ට් ගණන සිහිවෙන විට ඇයට සතුටක් දැනිණි.

අරගලභූමිය හරහා ඉක්මනින් ඇවිද ගිය මැරලින් සැන්ග්‍රිල්ලා හෝටලයට ඇතුළු වූයේ කිසිවෙකු හෝ තමන් හඳුනාගනීවී යැයි බියෙනි.

රිසෙප්ෂන් කවුන්ටරයේ සිටියේ වැඩිපුර මේකප් තවරාගත් පිළිගැනීමේ නිලධාරිනියකි. “රූම් නම්බර් 709” මුව ආවරණය ඉවත් නොකරම අහක බලාගෙන මැරලින් කිවේ පුරුදුකාරියක විලසිනි. දේවදාස ඇයට ඒවා තිබූ වට්සැප් පණිවිඩයේ ලියා තිබූ අංකය ඇයට මතක තිබිණි. එය ඔහුගේ ප්‍රියතම කාමරයයි. එහි සිට පහළ අරගලකරුවන් දෙස බලමින් විස්කි තොලගෑමට ඔහු කැමති විය.

කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඉලෙක්ට්‍රොනික යතුරු පත මැරලින්ට ලැබිණි. විදුලි සෝපානය තට්ටුවෙන් තට්ටුව ඉහළට යත්ම මැරලින්ට සිතුණේ තමා ස්වර්ගයට එසවෙන්නාක් සේය.

කාමරයේ දොර ඇරගත් මැරලින් දහඩිය වියළුණු ඇඳුම් සියල්ල ඇසිල්ලකින් උනා දමා උණුසුම් වතුරෙන් නා පිරිසිදු විය. නාන කාමරයෙන් එළියට එන විට දේවදාස එහි පැමිණ සිටියේය.

“හායි බේබි” මැරලින් කුඩා දැරියක මෙන් ඔහු වෙත දිවගොස් බදා ගත්තාය.

“නෙක්ස්ට් මන්ත් අයම් ටේකින් යූ ටු ඔස්ට්‍රේලියා” දේවදාස ඇය දෙස ආසාවෙන් බලමින් කීවේය.

“වාව් බේබි!” මැරලින් තව තවත් ඔහුට තුරුළු විය.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය බලන්නට ඇය ගෙන යන බව මීට පෙර ඔහු කියා තිබිණි.

“මට මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද?” මැරලින් හෝටල් ඇඳ මත වාඩිවෙමින් ඇසුවාය.

“මොනවා වෙන්නද?” දේවදාස සිය කාලවර්ණ ජැකට්ටුව ගලවමින් ඇසුවේය.

“එහෙම මාව ගෙනියන එක නීති විරෝධී නැද්ද?” මැරලින් සිය තෙත කොණ්ඩය ඔතා තිබූ තුවාය ගලවා දැමුවාය.

මැරලින් වෙත පැමිණි දේවදාස ඇයගේ කණට කොඳුරා කියූ දෙයින් මැරලින්ගේ හැඟීම් ඇවිස්සිණි. දෑස් අඩවන් කළ මැරලින් “ආයෙත් කියන්න බබා ඒක” යැයි කීවාය

“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” - නිර්මාල් දේවසිරි (2022) කියමින් දේවදාස ඇඳට පැන්නේය.
 

John_Watson

Member
Jul 15, 2023
19
19
3
අරගලකරුවන්ට ෆ්‍රී හග්ස් දීමෙන් විවිධාකාර ගන්ධස්කාරයන් 😊
"ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය." - Nirmal Dewasiri (2022)