මැරුණත් හැම අවුරුද්දෙම අලුත් ඇඳුම් අඳින මිනිස්සු
අපෙන් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් විදියට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදිනම් බොහෝවේලාවට වෙන්නේ දානයක් දෙන එක. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.
හැබැයි මේ සියල්ලටම වැඩ වෙනස් විදියකට මළවුන් සමරන පිරිසක් ඉන්නවා. ඔවුන් හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙදි මලගිය තමන්ගේ ඥාති හිතවතුන් මිහිදන් කරල තියෙන සුසනයට ගිහිල්ල, ඔවුන්ගේ සිරුරු ගොඩ අරගෙන නහවල පිරිසිදු කරල අලුත්ම ඇඳුම් අන්දවනවා. මියගියපු කුඩා දරුවන්වන්ට ඇඳුම් විතරක් නෙවෙයි අලුත් සේලම්බඩුත් දෙනව.
මේ අපූරු චාරිත්‍රය කරන්නේ ඉන්දුනීසියාවේ ටොරාජා ගම්මානයේ වැසියන්.





TFS