මැරුණ CD හා DVD වලට යළි පණ දෙන හැටි..

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    මැරුණ CD හා DVD වලට යළි පණ දෙන හැටි..

    මැරුණ CD හා DVD වලට යළි පණ දෙන හැටි..


    ඔබ ළඟ තිබු වටිනා තොරතුරු සහිත CD/DVD තැටි ධාවක වල ධාවනය නොවන තත්වයට පත්වූවිට ඇත්තෙන්ම ඔබ දුකට පත්වනවා ඇති.ඒත් ඔබ කලබල විය යුතු නෑ..කියවීමට නොහැකි ලෙස හානිවූ තැටි යළි කියවිය හැකි පරිදි සැකසිය හැකියි.
    අකර්මන්‍ය වී ඇති තැටිය ගෙන එහි සිළිඳු පැත්ත අතගා බලන්න.එහි රළු බවක් ඇති තැන් හමු වේ නම් එම ස්ථානවල ඇති දෝෂ නිසා තැටිය අක්‍රිය වී ඇති බව සිතිය හැක.එම රළු ගතිය අඩුකර සුමට කරගත යුතුය.ඒ සඳහා සාමාන්‍ය දන්තාලේප,පිත්තල ඔපදමන දියර,ඇස්කන්නාඩි පිරිසිඳු කිරීමේ දියර,මද්‍යසාර,ඕඩිකොලෝන් භාවිතා කල හැක.

    මෙම දියර වර්ගයින් එකක් තැටිය මතුපිටට දමා ෆැනල් රෙදි කැබැල්ලකින් හෝ ස්පොන්ජී කැබැල්ලකින් පිස දැමිය යුතුය.එය පිසදැමිය යුත්තේ ඇතුලත සිට පිටතට වන පරිදි වලයාකාරවය.එනම් තැටියේ මැදසිට කෙලවරටය.වැඩි බරක් නොයෙදිය යුතු අතර බුරුසු කිසිවිටකත් භාවිතා නොකළ යුතුය.තැටියේ මතුපිට සියුම් වලවල් ඇතිවී තිබේ නම් අවර්ණ සපත්තු පොලිෂ් වර්ගයක් යොදා ෆැනල් රෙදි කැබැල්ලෙන් වලයාකාරව ඔප දැමිය යුතුය.ගම් වර්ග භාවිතා නොකළ යුතු අතර එය ධාවක වල බැඳී ඒ වාට හානි ගෙන දේ.
    Read more>>>
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    hirila hari hil hedila kari tibothin ithin wedak wenne ne.. issara mama audio CD walata oka thamayi karanne... ape ayo jina wenawa modayo oka weda karanne nethi wei kiyala..