අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
විඥ්ඥානය නෙවෙයි නැවත ඉපදෙන්නෙ. විඥ්ඥානය කියන්නෙ වෙන දෙයකට.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ගය
“ඇවැත්නි ‘විඥානය විඥානය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් ‘විඥාන’යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘දන්නේය, දන්නේය’ යන යම් හෙතුයෙක් වේද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘සුඛවෙදනා ය’යි ද දන්නේය. ‘දුඃඛ වෙදනා ය’යිද දන්නේය. ‘අදුඃඛාසුඛවෙදනා ය’යි ද දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දන්නේය, දන්නේ ය’යන යම් හෙතුයෙක් වේද, එහෙයින් ‘විඥාන’ය යි කියනු ලැබේ.
භවයෙන් භවයට යන්නෙ සිත් පරම්පරාවක්.. ඒ සිත් හටගන්නට හේතුව තමයි අවිද්‍යාව (විද්‍යාව හෙවත් අනිච්ඡ දුක්ඛ අනත්ථ නොදැනීම) හේතුවෙන් හටගත් තණ්හාව.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 5. චූල යමක වර්ගය
6. “ඇවැත්නි, මතු අනායෙහි පුනර්භවයෙහි ඉපැද්ම කෙසේ වේ ද?”
ඇවැත්නි, අවිද්‍යානීවරණ ඇති, තෘෂ්ණා සංයෝජන ඇති සත්ත්වයන්ගේ ඒ ඒ තන්හි රූපාදිඅභිනන්දනයෙන් මෙසේ මතුයෙහි පුනර්භවයෙහි ඉපැද්ම වෙයි.
17. “ඇවැත්නි, අනායෙහි පුනර්භවයෙහි ඉපැද්ම කෙසේ නොවේ ද?”
ඇවැත්නි, අවිද්‍යාක්ෂය විරාගහෙතුයෙන් වන අර්හත් මාර්ග විද්‍යොත්පාදයෙන් තෘෂ්ණා ක්ෂය නිරොධයෙන් මෙසේ මතුයෙහි පුනර්භවයෙහි ඉපැද්ම නො වෙයි.
ත්‍රිපිටකය » විනය පිටකය » මහාවග්‌ගපාළිය » 1. මහාඛන්‌ධකය
13. “මහණෙනි, මේ (මතු කියන්නේ) දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි: යම් මේ තෘෂ්ණාවක් තොමෝ පුනර්‍භවය ඇති කරන්නී ද, නන්‍දිරාගය හා එක් වූවා ද, ඒ ඒ භවයෙහි ඇලෙන්නී ද, ඒ තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණා තොමෝ කවරී ද? කාමසහගත තෘෂ්ණා ය, ශාශ්වතදෘෂ්ටිසහගත තෘෂ්ණා ය, උච්ජෙදදෘෂ්ටිසහගත තෘෂ්ණා ය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය
ඇවැත්නි, දුක් හට ගැනීමේ හේතුව කවරේ ය? පුනර්භවය කරණසුලු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි තුස්නා වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, කාමාස්වාද තෘෂ්ණා, භව (ශාශ්වතදෘෂ්ටිසහගත) තෘෂ්ණා, විභව (උච්ඡෙදදෘෂ්ටිසහගත) තෘෂ්ණා යි (ත්‍රිවිධ වූ) මේ තෘෂ්ණා තොමෝ ඇවැත්නි, දුක හට ගැනීමේ හෙතු ය යි කියනු ලැබේ.
මගේ දැනුම අනූව කිව්වොත් එක එක ශරීර මාරු කරමින් දිගටම යන්නෙ ශක්ති ප්‍රභවයක් වන සිත් ක්‍රියාවලියක්.
හරියට කැඩෙනකොට PC මාරු කර කර දුවන තනියම හිතලා වැඩකරන්න පුලුවන් computer program එකක් වගේ.
මේ සිත් ක්‍රියාවලිය දිගටම ගෙනියන්නෙ නොදැනුවත්කම සහ තණ්හාව. මේක නවත්වන්න නම් දැනුවත්කම හෙවත් විද්‍යාව උපදවලා තණ්හාව නැති කරගන්න ඕන.
එතකොට program එකට තවදුරටත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යතාවයක් නැති වෙනවා.
රාග ද්වේශ මෝහ තමයි program එකේ ශක්තිය ජනනය කරන්නේ. ඒ නිසයි රාග ද්වේශ මෝහ වලින් සිත කිලිටි නොකිරීම නිවන ලෙස අර්ථකථනය කලේ..
සවිතක්‌කසවිචාර සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » අසඞ්‌ඛත වර්ගය
430. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය නිවන යි කියනු ලැබේ.