මැරුනාම ඉපදෙන්නෙ කොහොම ද

shashindu77

Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    අමතර ප්‍රස්නයක් ?

    නිවන් යෑම කියන්නේ

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලගා කර ගැනීමද ?

    දැන් කෙනෙක් මැරුණම කියනවනේ , ඒ මරුන කෙනාට නිවන් සුව ලැබේවා කියලා , ඒ කියන්නේ ,

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලබා ගැනීමද ?

    ඔව් නිවන් දැකීම කියන්නෙ රහත් වීම තමා, තව පාරමී පිරුවොත් බුදු වෙන්න හෝ පසේ බුදු වෙන්න පුලුවන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සිතුවිලි නැති වෙලවක් නැහැ මචං. නිදාගත්තාම වත් එහෙම වෙන්නේ නැහැ. ඒක හරියට කම්පියුටර් එකක මොනිටරය ඕෆ් කරා වගේ. සිතුවිලි නැති වෙන්න මැරෙන්නම ඔනේ

    නින්දෙන් මැරෙන වෙලාවට යටි සිත තමයි බලපාන්නේ.

    ඕබට එකගයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අමතර ප්‍රස්නයක් ?

    නිවන් යෑම කියන්නේ

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලගා කර ගැනීමද ?

    දැන් කෙනෙක් මැරුණම කියනවනේ , ඒ මරුන කෙනාට නිවන් සුව ලැබේවා කියලා , ඒ කියන්නේ ,

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලබා ගැනීමද ?

    එහෙම කියනවා ඉතින් කවදාහෝ නිවන් සාක්ශාත් වෙවා කියලා, එයින් කියන්නේ මැරුනාම යන තැනක් ගැන නෙමෙයි පටලවාගන්න එපා.

    බුදු කෙනෙකු වෙන්න ගොඩාක් පෙරුම් පුරන්න ඔනැ හැමොටම වෙන්න බැහැ.

    පසෙ බුදු කියන්නේ නිවන තෙරුම් ගන්නවා නමුත් වෙන කෙනෙකුට කියලා දෙන්න බැහැ

    රහත් කියන්නේ කෙලෙස් තැනිනම් රාග දෙවේශ මොහ තුනම මුනින් උගුලා දැමු අයටයි , නැවත ඉපදිමක් නැහැ මේ තුන් දෙනාටම

    තුන් දෙනාටම පොදු වු කරුණ වන්නේ නිවන් අවබොධයයි
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එහෙම කියනවා ඉතින් කවදාහෝ නිවන් සාක්ශාත් වෙවා කියලා, එයින් කියන්නේ මැරුනාම යන තැනක් ගැන නෙමෙයි පටලවාගන්න එපා.

    බුදු කෙනෙකු වෙන්න ගොඩාක් පෙරුම් පුරන්න ඔනැ හැමොටම වෙන්න බැහැ.

    පසෙ බුදු කියන්නේ නිවන තෙරුම් ගන්නවා නමුත් වෙන කෙනෙකුට කියලා දෙන්න බැහැ

    රහත් කියන්නේ කෙලෙස් තැනිනම් රාග දෙවේශ මොහ තුනම මුනින් උගුලා දැමු අයටයි , නැවත ඉපදිමක් නැහැ මේ තුන් දෙනාටම

    තුන් දෙනාටම පොදු වු කරුණ වන්නේ නිවන් අවබොධයයි

    Therun na mcn

    Ethakota niwan kiyanne mokadda
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කෙනෙක් මැරුනාම ඒ වෙලාවෙ හිතන දේ අනුවද , ඊලඟට ඉපදෙන තැන තීරණය වෙන්නෙ,:confused:
    :yes: ඔව් මචන්, ඒක නිසා තමා අන්තිම හුස්ම වැටෙන අයට එයාලා කරපු පිංකම් මතක්කරවන්න කියන්නේ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    විපාක දීමේ අවස්ථාව ගැනීමේ ශක්තියේ ප්‍ර‍මාණයෙන් ගරු කර්මය, ආසන්න කර්මය, ආචීර්ණක කර්මය, කෘතත්වාත් කර්මය යි කර්මයෝ සතර වැදෑරුම් වෙති.

    ගරු කර්මය

    මරණින් මතු දෙවන ජාතියේ නො වරදවා ම විපාක දීමේ ශක්තිය ඇත්තා වූ අතිශයින් බලවත් වූ කර්මය ගරු කර්ම නම් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම පස අකුශල පක්ෂයේ ගරු කර්මයෝ ය. රූපාවචරාරූපාවචර ධ්‍යානයෝ කුශල පක්ෂයේ ගරු කර්මයෝ ය.

    ආසන්න කර්මය

    මරණාසන්නයේ දී කළා වූ ද සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ. ගරු කර්මයක් නැති තැනැත්තාට ආසන්න කර්මය පළමු කොට විපාක දෙන්නේ ය. බොහෝ පින් කළවුන් සමහර විට දුගතියට පැමිණෙන්නේ ද බොහෝ පව් කළවුන් සමහර විට සුගතියට පැමිණෙන්නේ ද ආසන්න කර්මයාගේ බලයෙනි.

    ආචීර්ණක කර්මය

    දිනපතා බොහෝ කලක් කළා වූ කර්මයෝ ද, සතියකට වර බැගින් හෝ පක්ෂයකට වර බැගින් හෝ මසකට වර බැගින් හෝ වර්ෂයකට වර බැගින් හෝ දීර්ඝ කාලයක් කළ කර්මයෝ ද, දීර්ඝ කාලයක් සිහි කළා වූ කර්මයෝ ද ආචීර්ණක කර්ම නම් වෙති.

    ගරු කර්මයක් හෝ ආසන්න කර්මයක් හෝ නැති තැනැත්තාට දෙවන ජාතියේ ආචීර්ණක කර්මය විපාක දෙන්නේ ය. ආචීර්ණක කර්මය බලවත් වුව ද විපාක දීමේ දී ආසන්න කර්මයට පසු වේ.

    කෘතත්වාත් කර්මය

    ගරුක, ආසන්න, ආචීර්ණ භාවයට නො පැමිණියා වූ කර්මයෝ කෘතත්වාත් කර්ම නම් වෙති. ඒවා දුබල කර්මයෝ ය. ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි කෘතත්වාත් කර්මය විපාක දෙන්නේ ය.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කෙනෙක් මැරුනාම ඒ වෙලාවෙ හිතන දේ අනුවද , ඊලඟට ඉපදෙන තැන තීරණය වෙන්නෙ,:confused:
    upath thiranaya karanne goda nagena bhawaya anuwa machan
    taman jiwath wela innkan karapu pin paw anuwa bhawaya sakas wela thiyanne bhawaya wishala wenna wenna apaya loka wala thama upatha sidda wenne
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan ethakota issellama oya kiyana chuthi sitha athi une katada ( chuthi sitha anuwa punarbawaya wenawanam)
    පෝරිසාදයා;23860612 said:
    විපාක දීමේ අවස්ථාව ගැනීමේ ශක්තියේ ප්‍ර‍මාණයෙන් ගරු කර්මය, ආසන්න කර්මය, ආචීර්ණක කර්මය, කෘතත්වාත් කර්මය යි කර්මයෝ සතර වැදෑරුම් වෙති.

    ගරු කර්මය

    මරණින් මතු දෙවන ජාතියේ නො වරදවා ම විපාක දීමේ ශක්තිය ඇත්තා වූ අතිශයින් බලවත් වූ කර්මය ගරු කර්ම නම් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම පස අකුශල පක්ෂයේ ගරු කර්මයෝ ය. රූපාවචරාරූපාවචර ධ්‍යානයෝ කුශල පක්ෂයේ ගරු කර්මයෝ ය.

    ආසන්න කර්මය

    මරණාසන්නයේ දී කළා වූ ද සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ. ගරු කර්මයක් නැති තැනැත්තාට ආසන්න කර්මය පළමු කොට විපාක දෙන්නේ ය. බොහෝ පින් කළවුන් සමහර විට දුගතියට පැමිණෙන්නේ ද බොහෝ පව් කළවුන් සමහර විට සුගතියට පැමිණෙන්නේ ද ආසන්න කර්මයාගේ බලයෙනි.

    ආචීර්ණක කර්මය

    දිනපතා බොහෝ කලක් කළා වූ කර්මයෝ ද, සතියකට වර බැගින් හෝ පක්ෂයකට වර බැගින් හෝ මසකට වර බැගින් හෝ වර්ෂයකට වර බැගින් හෝ දීර්ඝ කාලයක් කළ කර්මයෝ ද, දීර්ඝ කාලයක් සිහි කළා වූ කර්මයෝ ද ආචීර්ණක කර්ම නම් වෙති.

    ගරු කර්මයක් හෝ ආසන්න කර්මයක් හෝ නැති තැනැත්තාට දෙවන ජාතියේ ආචීර්ණක කර්මය විපාක දෙන්නේ ය. ආචීර්ණක කර්මය බලවත් වුව ද විපාක දීමේ දී ආසන්න කර්මයට පසු වේ.

    කෘතත්වාත් කර්මය

    ගරුක, ආසන්න, ආචීර්ණ භාවයට නො පැමිණියා වූ කර්මයෝ කෘතත්වාත් කර්ම නම් වෙති. ඒවා දුබල කර්මයෝ ය. ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි කෘතත්වාත් කර්මය විපාක දෙන්නේ ය.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැන් හිතමු , එක පාරටම නින්දෙන් මැරෙන කෙනෙක්, රෑට නිදා ගන්නවා, උදෙට නින්දෙන් ම මැරිලා , ඒයාට හිතන්න වෙලාවක් නෑනෙ, නින්දෙන් නෙ මැරෙන්නෙ,

    එතකොට එයා ?
    නින්ද ගියාට හිත සහ සිතුවිලි නිදි නෑ.යහපත් දේ නිතරම කරන,මෙනෙහි කරන කෙනෙක් ගෙ සිතුවිලිත් යහපත් නිසා නින්දෙදි මැරුණත් නරක උපතක් ලබන එකක් නෑ.
    ඒකෙම අනික් පැත්තත් එහෙම ඇති.:eek:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    machan ethakota issellama oya kiyana chuthi sitha athi une katada ( chuthi sitha anuwa punarbawaya wenawanam)

    මචන් සංසාරයේ මුලක් හොයාගන්න බෑ කියල තමා බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.. ඒ ගැන සොයන්න යන්නත් එපා කියල. එක පුද්ගලයෙක්ගෙ විතරක් පෙර ආත්ම ගැන හොයල බැලුවොත් මුලු බුද්ධ ජිවිතේම ගෙවිල යනකන් බැලුවත් තවත් එහාට පෙර භව තියෙනවලු,...ඒ කියන්නෙ කල්ප කෝටි ගානක් එහා බැලුවත් උඹ කවුරුහරි වෙලා ඉපදිලා ඉදල තියෙනව,, එතනින් එහාටත් උඹේ පෙර භව තියෙනව..
     
    • Like
    Reactions: kushan_mg

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ithin machan issellama meka athi wechcha widiyak kiyalama nedda?, anika ibe athi una nam ibe nathi wenne nedda?
    පෝරිසාදයා;23860745 said:
    මචන් සංසාරයේ මුලක් හොයාගන්න බෑ කියල තමා බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.. ඒ ගැන සොයන්න යන්නත් එපා කියල. එක පුද්ගලයෙක්ගෙ විතරක් පෙර ආත්ම ගැන හොයල බැලුවොත් මුලු බුද්ධ ජිවිතේම ගෙවිල යනකන් බැලුවත් තවත් එහාට පෙර භව තියෙනවලු,...ඒ කියන්නෙ කල්ප කෝටි ගානක් එහා බැලුවත් උඹ කවුරුහරි වෙලා ඉපදිලා ඉදල තියෙනව,, එතනින් එහාටත් උඹේ පෙර භව තියෙනව..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ithin machan issellama meka athi wechcha widiyak kiyalama nedda?, anika ibe athi una nam ibe nathi wenne nedda?

    ඉබේ හට ගත්තා නෙමේ...හේතූන්ට අනුව ඵලය ඇතිවුනා.

    කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?

    මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍ර‍ශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

    බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.

    සංසාරය
    “ඛන්ධානඤ්චෙව පටිපාටි - ධාතු ආයතනානි ච

    අබ්බොච්ඡින්නං වත්තමානං - සංසාරොති පවුච්චති”

    මෙය අටුවාවල එන සංසාරය හඳුන්වන ගාථාවකි. “ස්කන්ධයන්ගේ ද ධාතුන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිඳී පැවැත්ම සංසාරය යි කියනු ලැබේ”. යනු එහි තේරුමයි. සංසාරය කුමක් දැයි තවත් ක්‍ර‍මයකින් කියත හොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්ත්වයන්ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යි කිය යුතු ය. ලෝකයෙහි අනන්ත සත්ත්වයෝ ඇත්තාහ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. “මහණෙනි, මේ සංසාරය නො දක්නා ලද අක් ඇත්තේ ය. එහි මුල පටන් ගැනීම නො පෙනෙන්නේ ය.” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයාගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නොපෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසා ය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.

    මුල් කොනක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්ත්වයකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්ත්වයකු එක් එක් ජාතියක උපන් වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙහි එක් එක් සත්ත්වයකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නො මළ තැනක් ද මළ සිරුර නොදැමූ තැනක් ද නැත.

    ධර්‍ම විනිශ්චය
    රේරුකානේ චන්දවිමල මහනාහිමි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin machan issellama meka athi wechcha widiyak kiyalama nedda?, anika ibe athi una nam ibe nathi wenne nedda?

    ඕක අවබෝධ වෙන්ඩ නම් රහත් වෙන්ඩ ඔනෙ.. අපිට පොඩි කාලෙ සමහර ප්‍රශ්න වලට උත්තර දන්නෙ නැ නමුත් අවබෝධය එක්ක හැම නොදන්න ප්‍රශ්න වලට උත්තර හම්බෙනව..සමහර ප්‍රශ්න පොඩි මනසට වටහා ගන්ඩත් නැ ඒත් බුද්ධිය මුහුපුරා යද්දි ඉබේම වැටහෙනව...

    ආන්න ඒවගේ තමයි ජිවයේ ආරම්බය සහ අවසානය තේරුම් ගැනීමත් ඒක තේරුම් ගන්ඩ, බුද්ධියේ අග්‍ර ඵ්ලයක්වන උතුම් රහත් පදවිය ලබා ගන්ඩම ඔනෙ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ithin machan issellama meka athi wechcha widiyak kiyalama nedda?, anika ibe athi una nam ibe nathi wenne nedda?

    Eka hariyata number line eka wage. Negative side eke (past time) konak hoyannat baa. positive side eke (future time) konak hoyannath baa...both space and time walata limit ekak naa me universe eke.