මැරෙන්නෙ කොහොමද?

Jan 16, 2010
12
0
0
මැරෙන්නෙ කොහොමද?

යාළුවනේ, මම කවදාවත් මනුස්සයෙක් මැරෙනව දැකල නෑ. ඔයගොල්ලො දැකල තියෙනවද? අනේ දැකල තියෙනවනම් කරුණාකරල මරණයක් සිද්ධ වෙන්නෙ කොහොමද, මැරෙන කෙනාට ඒක දැනෙනනව ඇත්තෙ කොහොමද, එයා මැරෙන වෙලාවට හැසිරෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?

මේක විහිළුවක් නෙමෙයි. මට ඇත්තටම දැනගන්න ඕනෙ නිසයි අහන්නේ...
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මිනිහෙක් මැරෙද්දි කරපු දේවල් සේරම මතක් වෙනවලු , හොද සහ නරක , තමන් ආදරය කරන අයව ලගට එක්කගන්න හදනව (මම දැකල තියෙනවා) , තව අපි අතරින් සමුගත් අය ඇවිත් අඩගහනව වගේ ඒ අය ගැන කියවනව....
     
    Jan 16, 2010
    12
    0
    0
    මිනිහෙක් මැරෙද්දි කරපු දේවල් සේරම මතක් වෙනවලු , හොද සහ නරක , තමන් ආදරය කරන අයව ලගට එක්කගන්න හදනව (මම දැකල තියෙනවා) , තව අපි අතරින් සමුගත් අය ඇවිත් අඩගහනව වගේ ඒ අය ගැන කියවනව....

    බොහොම ස්තුතියි යාළුවා. තව අයත් දන්නවනම් කියන්න.
     
    Jan 16, 2010
    12
    0
    0
    appa mamath dakala ath widala thiyenawa...........................mehema wisthara karanna ba machan..................eka godal loku case ekak

    ඒක යාළුවගෙ පෞද්ගලික සිදුවීමක් වෙන්න ඇති කියල මම හිතනවා. යාළුවට එහෙම අත්දැකීමක් ලැබීමට සිදුවීම ගැන මට ගොඩක් කණගාටුයි.... :(:(:(
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වසර 22ක් රෝහල් සේවයේ යෙදුන මම දස දහස් ගණනක් මරණයේන් ගැළවුන හැටිත් තව සිය ගණනක් මරණයට ගොස් යළි ජීවිතය ලද හැටිත් තවත් සියයකට ආසන්න ගණනක් මියගිය හැටිත් මේ ඇස් දෙකින් දුටිමි.
     
    Jan 16, 2010
    12
    0
    0
    වසර 22ක් රෝහල් සේවයේ යෙදුන මම දස දහස් ගණනක් මරණයේන් ගැළවුන හැටිත් තව සිය ගණනක් මරණයට ගොස් යළි ජීවිතය ලද හැටිත් තවත් සියයකට ආසන්න ගණනක් මියගිය හැටිත් මේ ඇස් දෙකින් දුටිමි.

    යාළුවා වෛදවරයෙක්ද? ගොඩක් සතුටුයි හඳුනාගැනීමට ලැබීම ගැන.
    කරුණාකරල පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මැරෙන අය ඒ වෙලාවට කියන්නේ/කරන්නෙ මොන වගේ දේවල්ද කියලා? හොඳ සිහියෙන් මැරෙන කවුරුවත් සන්සුන්ව මැරෙන්නෙ නැද්ද? හැමෝම බය වෙලා කලබල වෙනවද?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගූකේස්;6400248 said:
    යාළුවා වෛදවරයෙක්ද? ගොඩක් සතුටුයි හඳුනාගැනීමට ලැබීම ගැන.
    කරුණාකරල පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මැරෙන අය ඒ වෙලාවට කියන්නේ/කරන්නෙ මොන වගේ දේවල්ද කියලා? හොඳ සිහියෙන් මැරෙන කවුරුවත් සන්සුන්ව මැරෙන්නෙ නැද්ද? හැමෝම බය වෙලා කලබල වෙනවද?

    රෝහලකදී බොහෝ දෙනෙක් මිය යන්නේ සන්සුන්ව හෝ වේදනා රහිතව. එසේත් නැතිනම් අසිහියෙන් හෝ නින්දෙන්. එයට හේතුව පර්තිකාරවලින් සුවකළ නොහැකි රෝගියෙකු අනිවාර්ය මරණයකට පත්වීමේදී ඔහුට වේදනා රහිත මරණයක් ලබාදීමද රෝහල් කාර්ය මණ්ඩළයේ වගකීමක්. නයිටින්ගේල් පර්තිඥාවේද එය මම දැක තිබෙනවා.

    මරණයට බය ජීවිතයේ යථාර්තය නොදත් තමා කවදා හෝ මියන්නේ නැතැයි සිතා සිටින අය තමා බොහෝ විට නොසන්සුන් වන්නේ.
     
    යාළුවා, ඔබට බොහොම පින්.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    marenna gihin pana apu aya nam kynne thamun godak aduru thanaka hitiya kyla witharai..
    thawa aya kynawa sudupata thanaka hitiya kyla.... Eth katawath mathaka nahalu thamun kakul thyn hitiye mokak udada kyla..