මැරෙන මොහොතේ වෙන දෙය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ධර්ම සාකච්ඡාවක්‌ වෙලාවේදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා හාමුදුරුවනේ මැරෙන මොහොතේ කුමක්‌ද වෙන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන දෙය කවුරුද තීරණය කරන්නේ කියලා.

    මැරෙන මොහොතේ වෙන්නේ මොකක්‌ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්‌වෙන අවසාන පංච උපාදානස්‌කන්ධයට. චුතිසිත සකස්‌වෙන්නේ මනෝවිඤ්ඤාණයක්‌ හැටියට. කුමක්‌ හෝ බාහිර රූපයක්‌ අරමුණුවෙලයි සකස්‌වෙන්නේ. තමන් කළාවු ශක්‌තිමත් කුසලයක්‌ හෝ ශක්‌තිමත් අකුසලයක්‌ මෙහිදී අරමුණු වෙන්න පුළුවන්. මෙම අවසාන චුති සිතට අදාළව ඊළග ප්‍රතිසන්ධිය සකස්‌වෙනවා. ඉහත කාරණය පිංවත් ඔබට හොඳින් තේරුම් ගන්න පිංවත් ගෞරවණීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට කියු කථා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් තබනවා.

    එක්‌තරා තරුණ මහත්තයෙක්‌ මුහුදු බඩ ප්‍රදේශයේ ජීවත්වුණා. ඒ මහතාගේ විනෝදාංශය මාළු සහ කකුළුවන් ඇල්ලීම. සෑම උදෑසනම එම තරුණ මහත්මයා මුහුදු වෙරළට යනවා. මාළු සහ කකුළුවන් අල්ලන්න. මෙහෙම කාලයක්‌ මේ කටයුත්තේ නියලෙනවිට මේ මහත්මයා හදිසි අනතුරකට ලක්‌වෙනවා. ඔහු දැඩිසේ ගිලන්වෙනවා. ඔහු මරණාසන්න බවට පත්වෙනවා. ඔහු සිතනවා තමාව මැරෙන්නයි යන්නේ කියලා. නමුත් ඔහුගේ සංසාරයේ පිනට මැරෙන්නේ නැහැ. ඒ තරුණ මහත්මයා කියනවා තමා මරණාසන්න වෙච්ච වෙලාවේ තමා නේවාසික සිටි රෝහලේ වාට්‌ටුවේ තිබෙන සෑම කොන්ක්‍රීට්‌ කණුවක්‌ම ඒ මහතාට පෙනුනේ අඩු දික්‌කරගෙන සිටින විශාල කකුළුවන් වගේය කියල. දැන් ඔබට මට කොන්ක්‍රීට්‌ කණුවක්‌ පෙනෙන්නේ කොන්ක්‍රීට්‌ කණුවක්‌ වගේනේ. නමුත් මේ මහත්තායාට මරණාසන්න වෙලාවේ කොන්ක්‍රීට්‌ කණු සියල්ලම පෙනිල තිබෙන්නේ අඬු දිග්කරගත් කකුළුවන් වගෙයි. යම් හෙයකින් මේ තරුණ මහත්මයා මියපරලොව ගියානම් අනිවාර්යෙන්ම මේ මහත්මයා නැවත උපත ලබන්නේ කකුළු බිත්තරයක්‌ තුළයි. උපාදාන පච්චයා භවෝ උපාදනයයි භවය සකස්‌ කර දෙන්නේ. නමුත් මේ මහත්මයා මියපරලොව ගියානම් ඒ මහත්මයා කකුළුවෙක්‌ උපදියි කියලා මේ ලෝකේ කිසිවෙක්‌ විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මය ඒ උතුම් යථාර්ථය අපිට මැනවින් පැහැදිලිකර දෙනවා. ඉහත කථාවෙන් ඔබට පැහැදිලි වෙනවා. තමාගේ ඊළඟ උපත තීරණය කරන්නේ තමා තුළින්මය කියලා.



    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    තමන් කළාවු ශක්‌තිමත් කුසලයක්‌ හෝ ශක්‌තිමත් අකුසලයක්‌ මෙහිදී අරමුණු වෙන්න පුළුවන්.
    Nowennath puluwan

    ඔහු මරණාසන්න බවට පත්වෙනවා. ඔහු සිතනවා තමාව මැරෙන්නයි යන්නේ කියලා. නමුත් ඔහුගේ සංසාරයේ පිනට මැරෙන්නේ නැහැ
    maranasanna una nam merenawa, ayith reverse ne. e miniha hithanawa merenna giya kiyala. hamuduruwo hithanawa sansare karapu pinata merune ne kiyala. meka tikak logical ne. Karma niyamaya kiyanne niyama darma walin 1 witharai.

    සෑම කොන්ක්‍රීට්‌ කණුවක්‌ම ඒ මහතාට පෙනුනේ අඩු දික්‌කරගෙන සිටින විශාල කකුළුවන් වගේය කියල
    meka wenna puluwan asihiyen innakota mihina karapu daily dewal

    යම් හෙයකින් මේ තරුණ මහත්මයා මියපරලොව ගියානම් අනිවාර්යෙන්ම මේ මහත්මයා නැවත උපත ලබන්නේ කකුළු බිත්තරයක්‌ තුළයි.
    aniwaryenma kiyana eka sampurnenma weradi. budu hamuruduwo deshana karala thiyanawa kenek merila newatha upadinna hethu una karmaya mokadda kiyala kiyanna puluwan budu kenek ta witharai kiyala. eka rahath kenek ge denumata wath hasu wenne ne kiyala

    mama dannawa me article eka hoda chethanawen danne kiyala. but godak hamuruduwaru thamata ona katha ohe kiyanawa. apith hithanawa eka hari kiyala. but api rewatila thiyenne.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    mama dannawa me article eka hoda chethanawen danne kiyala. but godak hamuruduwaru thamata ona katha ohe kiyanawa. apith hithanawa eka hari kiyala. but api rewatila thiyenne.
    ඔබ හිතන විදිහ මරු.විතක්කය නිවැරදිව ක්‍රියාත්මක වෙන අය හොයාගන්න,දකින්න අමාරු කාලෙක මේක දැක්කේ.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    When your brain is dead you are no more
    Nothing else.
    When your memory is gone - that it not you anymore, just a meat .
    It is your memory, is you .
    Collect good memories - පින්

    Nothing is going to be connected to any form of next life.
    Even if it is there there is no use of thinking about it as you know nothing about your past. Just live happy and die. Do nor harm - පවු 🙏
     
    • Wow
    Reactions: NRTG

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මෙවගේ පොඩි පොඩි කාරනා ටිකක් දවසකට ඔලුවට දාගන්න තිබ්බානම් ජිවිතේ සැහෙන්න වෙනස් කර ගන්න පුලුවන් සාදු සාදු☸️☸️☸️☸️