මැරෙන මොහොතේ සිත

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    මැරෙන මොහොතේ සිත

    මැරෙන මොහොතේ හිතට එන දේවල් අනුව ඒ පුද්ගලයාගේ ඊලග අතම භාවය තීරණය වෙනවා කියලනේ කියන්නේ....

    කුසල් සිතුවිල්ලක් සිහි උනොත් දිවය ලෝකයේ/ සුගතියේ

    අකුසල සිතුවිල්ලක් අවොත් දුගතියට යනවනේ....

    එතකොට නිවනට යන උත්තමයෙක්ට මරණ මන්චකේදී මනස හිස් වෙන්න ඕනි නේද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපිට තියෙන්නෙ සිතුවිලි පරම්පරාවක්,එක් සිතක් අවසාන උනු සැනින් අනික් සිත හටගන්නවා (මම සිතනවා සිතක් අවසන් වි නැවත සිතක් පහල වෙන්නෙ ආලෝකයේ වේගයත් පරයමින් කියලා) මේ සිතුවිල පරම්පරාවේ එක් භවයක අවසාන සිතුවිල්ලට කියන්නෙ චුති චිත්තය කියලා නැත්තන් චුති සිත කියනවා,මෙන්න මේ සිත නිර්මාණය වෙලා තියන කරුණු තමයි ඉලඟ භවය තිරනය කරන්නෙ,චුති චිත්තය අවසාන උනු සැනින් ඉට අනුරූපව ප්‍රතිසන්ධි චිත්තය ඇති වෙනවා (ප්‍රතිසන්ධි චිත්තය කියන්නෙ ඉලඟ භවය ප්‍රථම සිත (චිත්තය) නමුත් රහතන් වහන්සේ කෙනෙක් තමුන්ගේ ජිවිතය කෙලවර කරන අවස්ථාවෙදි පහල වෙන්නෙ අරහත් චුති සිතයි,මේ සිත පහල උනු සැනින් සිත් පරම්පරාවම එතනින් විනාශ වෙනවා,නැවත ප්‍රතිසන්ධි සිතක් ඔවුන්ට පහල වෙන්නෙ නැ.
     
    • Like
    Reactions: Vandetta

    :yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to 001flyD again.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මැරෙන මොහොතේ හිතට එන දේවල් අනුව ඒ පුද්ගලයාගේ ඊලග අතම භාවය තීරණය වෙනවා කියලනේ කියන්නේ....

    කුසල් සිතුවිල්ලක් සිහි උනොත් දිවය ලෝකයේ/ සුගතියේ

    අකුසල සිතුවිල්ලක් අවොත් දුගතියට යනවනේ....

    එතකොට නිවනට යන උත්තමයෙක්ට මරණ මන්චකේදී මනස හිස් වෙන්න ඕනි නේද?

    මැරෙන මොහොතේ එන සිතේ තියන තණ්හාව මත තමයි ඊලඟ භවය තීරනය වෙන්නෙ. කුසල් සිතක් කියන්නෙ තණ්හාව අඩු සිතක්, අකුසල් සිතක් කියන්නෙ තණ්හාව වැඩි සිතක්,
    රහතන් වහන්සේගෙ චුති සිත කියන්නෙ තණ්හාව නැති සිතක්.

    රහතන් වහන්සේගෙ මනස හිස් වෙන්න ඕනෙ නෑ. තණ්හාව නැති වෙලා තිබ්බනම් ඇති. එත කොට ඊලඟ භවයට හේතුවක් සකස් වෙන්නෙ නෑනෙ..
    :D
     
    • Like
    Reactions: snm1990

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මැරෙන මොහොතේ එන සිතේ තියන තණ්හාව මත තමයි ඊලඟ භවය තීරනය වෙන්නෙ. කුසල් සිතක් කියන්නෙ තණ්හාව අඩු සිතක්, අකුසල් සිතක් කියන්නෙ තණ්හාව වැඩි සිතක්,
    රහතන් වහන්සේගෙ චුති සිත කියන්නෙ තණ්හාව නැති සිතක්.

    රහතන් වහන්සේගෙ මනස හිස් වෙන්න ඕනෙ නෑ. තණ්හාව නැති වෙලා තිබ්බනම් ඇති. එත කොට ඊලඟ භවයට හේතුවක් සකස් වෙන්නෙ නෑනෙ..
    :D

    ඔව් :yes: මේකට තව කැල්ලක් එකතු කලොත් රහතන් වහන්සේ නමක් උනාම කුසල් අකුසල් කියලා සිත් ඇති වෙන්නෙ නැ,මමත්වය නැ නේ එයාලට මමත්වය තියනකම් තමයි එහෙම කුසල්/අකුසල් චිත්ත ඇති වෙන්නෙ,පෘතක්ජන අපි මැරෙන මොහොතේ කුසල් සිතක් වඩලා තිබ්බොත් ඉට අනුරූප හොඳ ප්‍රතිසන්ධි චිත්තයක් ඇති වෙනවා.නමුත් මේ කුසල්/අකුසල් කතන්දර රහතන් වහන්සේ කෙනෙක්ට අදාලම නැ.
     
    ගැඹුටට ගියොත් සිත් කුසල් අකුසල් කියල වෙන් කරන්න යන්න ඕනෙ නෑ. මොකද ඒක එකිනෙකාට සාපේක්ශයි. අපිට සාපේක්ශව චාතුම්මහාරාජික දිව්‍ය ලෝක සම්මත්තිය උසස් කුසලයකින් ලැබුවට, නිම්මානරති දෙවියන්ට සාපේක්ශව චාතුම්මහරාජිකයෙ උපදින්නෙ පහත් කුසලයන්ගෙන් යුක්ත කෙනෙක්,

    හරියට හිඟන්නො තිරිසනුන්ට වඩා පින් කරාට අපිට සාපේක්ශව එයාල පව් කරපු අය වගේ.

    ඒ නිසා කුසල් අකුසල් වචනය නොයොදා 'චේතනාව' යොදාගන්න පුලුවන්.

    ඒත් නැවත ඉපදීමට තණ්හාව අත්‍යාවශ්‍ය නිසයි මම ඒකට තණ්හාව කිව්වෙ.
    මමත්වය කියන්නෙ තණ්හාවෙ කොටසක්. 'මම' කියන සංකල්පයට තදින් හිර වෙන්න එපා.
    :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගැඹුටට ගියොත් සිත් කුසල් අකුසල් කියල වෙන් කරන්න යන්න ඕනෙ නෑ. මොකද ඒක එකිනෙකාට සාපේක්ශයි. අපිට සාපේක්ශව චාතුම්මහාරාජික දිව්‍ය ලෝක සම්මත්තිය උසස් කුසලයකින් ලැබුවට, නිම්මානරති දෙවියන්ට සාපේක්ශව චාතුම්මහරාජිකයෙ උපදින්නෙ පහත් කුසලයන්ගෙන් යුක්ත කෙනෙක්,

    හරියට හිඟන්නො තිරිසනුන්ට වඩා පින් කරාට අපිට සාපේක්ශව එයාල පව් කරපු අය වගේ.

    ඒ නිසා කුසල් අකුසල් වචනය නොයොදා 'චේතනාව' යොදාගන්න පුලුවන්.

    ඒත් නැවත ඉපදීමට තණ්හාව අත්‍යාවශ්‍ය නිසයි මම ඒකට තණ්හාව කිව්වෙ.
    මමත්වය කියන්නෙ තණ්හාවෙ කොටසක්. 'මම' කියන සංකල්පයට තදින් හිර වෙන්න එපා.
    :D

    ඇයි ඔයා හිර වෙලා නැද්ද ? මම නම් හිර වෙලා ඉන්නෙ එකයි තවමත් මම මේ සංසාරේ. :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමත්වය කියන්නෙ හරියට බාස්කට් එකක් වගේ දෙයක්,අපිට නරක චේතනාවක් ආවම එ බාස්කට් එක පිරෙන්නෙ අකුසල් බඩු වලින් යහපත් චේතනාවක් ආවම ඔක පිරෙන්නෙ කුසල් බඩු වලින්,රහතන් වහන්සේ කෙනෙක් කරලා තියෙන්නෙ බාස්කට් එක විසි කරපු එක,එතකොට කොහේ එකතු වෙන්නද...
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇයි ඔයා හිර වෙලා නැද්ද ? මම නම් හිර වෙලා ඉන්නෙ එකයි තවමත් මම මේ සංසාරේ. :lol:
    :rolleyes:

    මමත්වය කියන්නෙ හරියට බාස්කට් එකක් වගේ දෙයක්,අපිට නරක චේතනාවක් ආවම එ බාස්කට් එක පිරෙන්නෙ අකුසල් බඩු වලින් යහපත් චේතනාවක් ආවම ඔක පිරෙන්නෙ කුසල් බඩු වලින්,රහතන් වහන්සේ කෙනෙක් කරලා තියෙන්නෙ බාස්කට් එක විසි කරපු එක,එතකොට කොහේ එකතු වෙන්නද...

    නෑ මචන්. සෝවාන් වෙද්දිම මමත්වය නැති වෙලා යනවා. ඒක නැති වෙන්නෙ මේක හේතුඵල ධර්මතාවයක් පමණයි කියල අවබෝධ වෙද්දි.

    සෝවාන් උනත් කර්ම රැස් වෙනව. මමත්වය නැති උන පලියට රහත් වෙන්නෙ නෑ..:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :rolleyes:

    නෑ මචන්. සෝවාන් වෙද්දිම මමත්වය නැති වෙලා යනවා. ඒක නැති වෙන්නෙ මේක හේතුඵල ධර්මතාවයක් පමණයි කියල අවබෝධ වෙද්දි.

    සෝවාන් උනත් කර්ම රැස් වෙනව. මමත්වය නැති උන පලියට රහත් වෙන්නෙ නෑ..:yes:

    sakkaya dittiya sowan palayen labenawa,mama kiwwe rahathan wahanse gana unwahanse la sakkaya dittiya ekka anik keles 9 yama nasala inne (awidyawa sahithawa) anna ehema kenek gana mama kiwwe,sowan unu aya dan samajayeth innawa kiyana mathaye mama inne
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    :rolleyes:

    නෑ මචන්. සෝවාන් වෙද්දිම මමත්වය නැති වෙලා යනවා. ඒක නැති වෙන්නෙ මේක හේතුඵල ධර්මතාවයක් පමණයි කියල අවබෝධ වෙද්දි.

    සෝවාන් උනත් කර්ම රැස් වෙනව. මමත්වය නැති උන පලියට රහත් වෙන්නෙ නෑ..:yes:

    :):):):)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    sakkaya dittiya sowan palayen labenawa,mama kiwwe rahathan wahanse gana unwahanse la sakkaya dittiya ekka anik keles 9 yama nasala inne (awidyawa sahithawa) anna ehema kenek gana mama kiwwe,sowan unu aya dan samajayeth innawa kiyana mathaye mama inne

    සත්වයා සසරෙ සිටීමට හේතුව තණ්හාව මිසක් මමත්වය නෙමේ.

    ඒකයි මට කියන්න ඕනෙ උනේ. හුඟක් අය ඕක පටලවා ගන්නවා. හැමෝම හදන්නෙ 'මම' කියල කෙනෙක් නෑ කියල ඔප්පු කරන්න මිසක් තණ්හාව නැති කරන්න නෙමේ.. උඹත් ඒ පාරේ යනව කියල හිතුව නිසයි කිව්වෙ.
    උබ විතරක් නෙමේ ප්‍රොෆ් නලින් ද සිල්වාත් ඕක පටලවාගෙන හිටිය මට මතකයි.

    :cool: