තව වැදගත් ප්‍රකාශ කීපයක්ම අඩුයිනේ...
"හරියට ගුවන්යානයක්වත් වැටිච්ච තැනක් හොයාගන්න බැරි මේ රාජපක්ෂ ආණ්ඩුව කොහොමද චෝදනා කරන්නේ එක්සත් ජාතික පක්ෂය වැටිලා කියලා. මොකද ආණ්ඩුවට තියා වැටිච්ච අපිවත් දන්නෙ නෑ කොහාටද අපි වැටිලා ඉන්නෙ කියලා"
-තිස්ස
"මේ රාජපක්ෂ රෙජිමය ජනතාවගේ මුදල් නාස්තිකරලා ගෙනත් තියන ගුවංයානා ඔක්කොම බිමට බස්සලා මම යෝජනා කරනවා තව මාස 3කින් එක්සත් ජාතික පක්ෂ ආඩුවක් යටතේ ඒවා තරුණ තරුණියන්ට ලබලාදීලා ඒවාගේ කුකුල් ෆාම් ආරම්භ කරන්න අවස්ථාව සලසලා දෙනවා කියලා.එතකොට ඔය එකක්වත් අතුරුදහන් වෙන්නෙත් නෑ."
-රනිල්
"මගේ ආණ්ඩුව කාලෙදි ඔය කරන්න බැරි කෙහෙම්මල් බදාගෙන ඉන්නෙ නැතිව පෞද්ගලික අංශයට ඒවා වික්කෙ ඔන්න ඔය නිසා මිත්‍රවරුනි".
-චන්ද්‍රිකා
"ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව එදා වේල කන්න නැතිව ඉන්න කොට මේ දූෂිත ආණ්ඩුව මේ ගුවන්යානා හරියට නඩත්තු නොකර ඒවගේ මුදල් ගසා කාලා දැන් ඒවා අතුරුදහන් වුනාම කියනවා ඒවා ජාත්‍යන්තර ක්රමන්ත්රණලු. මගේ පියානන් වහන්සේගේ නාමයෙන් අපේ ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවට කඩේ යන ඔය දූෂිත ගුවන්යානා රියදුරෝ පන්නලා දාලා මේ හමබන්තොට ගම් මට්ටමේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දෙනවා"
-සජිත්
"මේ සිද්ධියට මුලුමනින්ම ආණ්ඩුව වගකියන්න ඔනේ. මෙතන දරුණු ලෙස මානව හිමිකම් කඩවීමක් සිදුවෙලා තියෙනවා. මේකට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න ඔනේ"
-කිරිඇල්ල
" පාන් රාත්තල රුපියල් 60ට අද වැඩිවෙලා. ජනතාව තුන්වේල කන්න නැතිව බඩගින්නෙ මැරෙනවා. මේ දූසිත නායකයයි උගේ පිරිවරයි මේ ගුවන්යානය හොරකං කරලා කාට හරි විකුණලා ඒ සල්ලි වලින් පවුල පෝෂණ කරගන්න කරපු යටිකූට්ටු වැඩක් මේක"
-ෆොනී
" එදා මේ කොමපැණිය විකුණපු වෙලාවේ මට ගන්න දුන්නනම් කෑල්ලෙන් කෑල්ල විකුණලා අද ගුවන් යානයක් නෙවේ මුලු කොම්පැණියම අතුරුදහන් වෙලා . මෙන්න මේ තුලින් තමා මිත්‍රවරුනි අපි ගමන් කරන්න අවශ්‍යවන්නේ"
-රවී
තව ඕනෙ තරම්.....