මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    MH370 සොයන්න ගිය සබ්මැරීනයටත් තොරතුරක් හමුවී නෑ

    අශාන් පරණහේවා (21/4/2014)

    අතුරුදහන්වූ මැලේසියානු ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් සඳහා ඕස්ට්‍රේලියාව විසින් දියත්කල බ්ලූෆින් 21 නමැති කූඩා සබ්මැරීනය මේ වන විට 9 වැනි මෙහෙයුමේ පසුවන අතර මේ වන තෙක් අදාළ මුහුදු කලාපයෙන් යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට සමත් වී නොමැත.

    තවද බ්ලූෆින් 21 සබ්මැරීනය තම මෙහෙයුම් කලාපයෙන් 3න් 2ක එනම් 60% ක ප්‍රමාණයක් අවසන් කර ඇති නමුත් කිසිඳු තොරතුරක් සොයාගෙන නැත.

    කෙසේ වෙතත් මේ වනවිට යානය සොයා ගුවන්යානා 10ක්ද, නෞකා 11 ක්ද යොදා ඇති අතර සෙවීම් කටයුතු සිදුකරන කලාපයට සුලිසුලඟක් ඇතුළුවීම හේතුවෙන් කාලගුණ තත්ත්වය පිරිහීමට ඉඩ ඇති බව බලධාරීන් පවසයි.
    දැන් සෙවුම් කලාපය කිලො මීටර් 10කට සීමා කරලලු නේද බන්..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    දැන් සෙවුම් කලාපය කිලො මීටර් 10කට සීමා කරලලු නේද බන්..

    හොයන එක නවතී වගේ මටනම් හිතෙන්නේ... කාටවත් දැන් එච්චර උවමනාවක් නැ බන්... :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar130596_1.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිසිම හැලහොල්මනක් නැතුව කිසිම හෝඩුවාවක් නැතුව මේ පරීක්ශනේ දවසින් දවස අල වෙන එක ගැන මගේ හිතට හරි නැහැ වොට්සන්.
    හිතට නැවුම් අදහසක් එන්නත් එක්කල අපි අද හවසට බ්‍රැන්ඩි ටිකක් බිබී මේ ගැන කතාකරමුද වොට්සන්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බ්‍රෑන්ඩි බොමු කතාවක් ඈහුනා...... :rolleyes: ප්ලේන් එක යකාට ගියාවේ..... අපි බ්‍රෑන්ඩි ගසමු..... :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිසිම හැලහොල්මනක් නැතුව කිසිම හෝඩුවාවක් නැතුව මේ පරීක්ශනේ දවසින් දවස අල වෙන එක ගැන මගේ හිතට හරි නැහැ වොට්සන්.
    හිතට නැවුම් අදහසක් එන්නත් එක්කල අපි අද හවසට බ්‍රැන්ඩි ටිකක් බිබී මේ ගැන කතාකරමුද වොට්සන්...

    :rolleyes::rolleyes::dull:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කිසිම හැලහොල්මනක් නැතුව කිසිම හෝඩුවාවක් නැතුව මේ පරීක්ශනේ දවසින් දවස අල වෙන එක ගැන මගේ හිතට හරි නැහැ වොට්සන්.
    හිතට නැවුම් අදහසක් එන්නත් එක්කල අපි අද හවසට බ්‍රැන්ඩි ටිකක් බිබී මේ ගැන කතාකරමුද වොට්සන්...

    avatar313349_20.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මැලේසියානු රජය විසින් එම මරණ සහතික නිකුත් කිරීමට නියමිත බව ය.

    කෙසේ වෙතත්, අදාළ පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

    ඔවුන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට හේතුව අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට මූල්‍යමය වන්දි ලබා ගැනීමට අවස්ථාව ලබා දීම ය.

    ඊට අමතරව, මැලේසියානු ගුවන් සමාගමට එරෙහිව නීතිමය කටයුතුවලට ‍යොමු වීම සඳහා ද මරණ සහතික අවශ්‍ය වී තිබේ.

    පසුගිය මාර්තු 8 වන දා අතුරුදන් වූ මෙම යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් ගණන 239කි.

    මැලේසියානු එවුන්ට ඕනෑ මේක ඉවරයක් කරලා දාන්න. මිනිස්සුන්ට තියන ආදරයකට නෙමේ මුන් මරණ සහතික දෙන්න යන්නේ, මේ වගේ රජයක් පොල්පිති වලින් කපාගන්න පුලූවන්. :angry::angry::angry: කිසිම වගකිමකින් නෙමේ වැඩ කරන්නේ

    මාර සීන් එක වෙන්නේ..
    දැන් MH 370 කියල ෆ්ලයිට් එකකුත් නෑ
    (සීන් එක උනාට පස්සේ දවසෙද කොහෙද මුන් උපහාරයක් ද මොකද්ද එකක් කියල නම වෙනස් කලා..) :frown::frown:
    මිනිස්සු ටිකටත් සීල් තියෙනවා.
    :oo::oo::oo:
    ජොලියට හරි මාස ගානක් ගිහින් ෆ්ලයිට් එක ආවොත් එකෙක්ටවත් එයාර් පෝට් එකෙන් එලියට එන්නත් බෑ..මැරිච්ච සෙට් එකක් නේ..:growl::growl::growl:

    අවුරුදේ ලොවක් ඉදිරියේ නා ගත් රට මැලේසියාව :rolleyes::rolleyes:
    (මැලේසියාවේ මේ දවස් වල වතුර සම්බන්ධවත් මොකක් හරි සීන් එකක් ලොකුවට යනවා නේද...)

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    අතුරුදන් වූ මැලේසියානු MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි එම යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් නිගමනය කර තිබේ.

    සෝදිසි මෙහෙයුම් සඳහා කෝටි ගණනක මුදල් වැය කිරීමෙන් පසුව ඔවුන් පවසන්නේ, තමන් වැරදි ස්ථානයක යානය සෙවූ බව ය.

    එම යානය කුමන හෝ ස්ථානයකට ගොඩබස්වා ඇතැයි ඔවුන්ගේ නවතම නිගමනය යි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කෙසේ නමුත් දින 45ක් තිස්සේ මෙම සෝදිසි මෙහෙයුම් දක්ෂිණ ඉන්දිය සාගරයේ පැවැත්වීය.මැලේසියානු ගුවන්සේවයට අයත් MH-370 ගුවන් යානය පැහැරගනු ලැබුවේ දුරස්ථ පාලක භාවිතාවෙන් බව විශේෂඥයින් දෙදෙනෙකු විසින් දක්වා තිබේ.

    ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී මැතියස් චෑන් පවසා ඇත්තේ මෙම සිදුවීම පැහැදිලි කළ හැක්කේ දුරස්ථ පාලක පැහැගැනීමක් ලෙසින් පමණක් බවයි.

    ඔහු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ්ගේ දේශපාලන ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති නීතිඥයෙකි.

    විදෙස් රටක රජයක් විසින් යානයට අත්වූ ඉරණම මැලේසියානු රජය වෙත පැහැදිලි කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිවක් සිදුකිරීමට ඔවුන් අපොහොසත් බව චෑන් පවසා තිබේ.

    පසුගියදා ඔහු ගුවන් යානය සොයන කණ්ඩායම් වෙත පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ සත්‍යය හෙළිදරව් වුවහොත් ඇතැම් දේවල් සම්පූර්ණයෙන් කඩාකප්පල් විය හැකි අතර ලෝක ආර්ථිකයටද බරපතල බලපෑමක් එල්ලවනු ඇති බවයි.

    මතියස් චෑන් පවසන කඩාකප්පල් විය හැකි දේවල් යනු වාණිජ ගුවන් යානා විය හැකි බව ජීන් චිප් ටැටම්ගේ අදහසයි.

    හිටපු විශේෂ හමුදා ගුවන් සංග‍්‍රාම මෙහෙයවන්නෙක් වන ටැටම් ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ අණ මත ක‍්‍රියාත්මකවූ ඉතා වැදගත් මෙහෙයුම් හසුරුවා ඇත්තෙකු බවද පැවසේ.

    දැනට අහසේ පියාසර කරන ඕනෑම ගුවන්යානයක් දුරස්ථ පාලක භාවිතාවෙන් පැහැරගත හැකිබව හෙළිවුවහොත් ගුවන්සේවා ක්‍ෂේත‍්‍රයේ දැඩි කැළඹීමක් ඇතිවනු ඇති බව ඔවුන් දෙදෙනා විසින් ඉගි කර තිබේ.

    මේ අතර මාධ්‍යවේදීන්ගේ සහ ගවේෂකයන්ගේ අවධානය දකුණු ඉන්දීය සාගරය වෙත කැඳවූ ඉන්මාර්සැට් චන්ද්‍රිකාවේ ප‍්‍රධානතම හිමිකරුවන හාර්බින්ගර් කැපිටල් සමාගම අයත්වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ට බවද වාර්තා වේ.

    මේ අතර එම යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි පවසන සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් එම යානය කුමන හෝ ස්ථානයකට ගොඩබස්වා ඇතැයි නිගමනය කර තිබේ.