මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මහින්ද මාම ලකුණු දාගනි... ඕවට යන වියදමුත් අපේ පිටින් තමා අන්තිමේදී යන්නේ බන්... මහින්ද මාම වැඩක් කරොත් 1ක 10 කරලනේ කරන්නේ...

    :nerd::dull::baffled::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මෙච්චර කාලයක් මැදමුලනේ සල්ලි වලින්යෑ බං එයා ලකුණු දාගත්තේ...... අපේ සල්ලි වලටමනේ කෙලින්නේ...... ෆෝන් එකට දාගන්න රීලෝඩ් එකේ ඉදන්, කන බත් ඈටේ ගානේ බදු ගහලා පිස්සු කෙලීන එකමනේ කරන්නේ..... මීටින් වලට මිනිස්සු ගේන්නේ බස්නාහිර පලාතේ රැස්වීම් වලට, ගොඩකවෙල ඩිපෝවෙන් බස් එක එන්නේ...... :dull: :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :oo: මචන් ඕක නම් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් වෙන්න බැරිද.....?? :rolleyes: ඈමරිකාව ඉන්දියන් සාගරේට අත තියන්න හදන්නේ ඔය...... :yes: :P :rofl:

    ඔවුන් ඕක පිටින් දාල හොදට තොරතුරු ගන්නවා වගේ , රුසියාව සද්දයක් නෑ. උන් මොකක් හරි දන්නවවත්ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔවුන් ඕක පිටින් දාල හොදට තොරතුරු ගන්නවා වගේ , රුසියාව සද්දයක් නෑ. උන් මොකක් හරි දන්නවවත්ද?

    :yes: වෙන්න පුලුවන්..... කොහොමත් ඔය හොයන හෙවිල්ලට, අස්සක් මුල්ලක් නෑරම තොරතුරු උන් අතට යනවා..... මුන් ඕවා හොයා ගන්නම ප්ලේන් එකට ගේමක් දුන්නද දන්නේ නෑ......... :angry:

    ඒත් ඈයි මුන් ඔය හොයන හෙවිල්ලට, අපේ උපාලි විජේවර්ධන මහත්තයාගේ ලියර්ජෙට් එක ගැන හෝ..... ඒක පැත්තකින් තියමු, අඩු ගානේ ගිලිච්ච නැවක්වත් මුන් හොයා ගෙන නෑ වගේනේ........ :dull: :rolleyes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මෙච්චර කාලයක් මැදමුලනේ සල්ලි වලින්යෑ බං එයා ලකුණු දාගත්තේ...... අපේ සල්ලි වලටමනේ කෙලින්නේ...... ෆෝන් එකට දාගන්න රීලෝඩ් එකේ ඉදන්, කන බත් ඈටේ ගානේ බදු ගහලා පිස්සු කෙලීන එකමනේ කරන්නේ..... මීටින් වලට මිනිස්සු ගේන්නේ බස්නාහිර පලාතේ රැස්වීම් වලට, ගොඩකවෙල ඩිපෝවෙන් බස් එක එන්නේ...... :dull: :lol:
    කාබාසිනියාශ්චර්යය :lol::rolleyes::rofl::P
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    matanam hitenne ... okA LANKAWE koheta hari watila ATHI KIYALA..
    ubalath ehema hithinewa ne?
    agata nikam mara fit ekak enawa ban..
    mata hitenawa tikak hoyala balanna lankawe kala wala muhude..etc
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :yes: වෙන්න පුලුවන්..... කොහොමත් ඔය හොයන හෙවිල්ලට, අස්සක් මුල්ලක් නෑරම තොරතුරු උන් අතට යනවා..... මුන් ඕවා හොයා ගන්නම ප්ලේන් එකට ගේමක් දුන්නද දන්නේ නෑ......... :angry:

    ඒත් ඈයි මුන් ඔය හොයන හෙවිල්ලට, අපේ උපාලි විජේවර්ධන මහත්තයාගේ ලියර්ජෙට් එක ගැන හෝ..... ඒක පැත්තකින් තියමු, අඩු ගානේ ගිලිච්ච නැවක්වත් මුන් හොයා ගෙන නෑ වගේනේ........ :dull: :rolleyes:

    හම්බුනත් අත ඇරල දාල යනව ඇති බන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Investigators searching for Malaysia Airlines Flight 370 consider hijacking, sabotage as military radar suggests plane flew off course
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    menna americawe aluth wade............
    20oaj6.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාම ආරන්චියක් නෑ නෙහ්...? :baffled::baffled: දැන් දවස් කීයක් උනාද බං... :nerd::nerd:මොකද්ද බං මේකට උනේ... ?
    මිනිස්සුන්ට ප්ලේන් එකක් නැති උනා කියල අමතක වෙන්න ඉස්සෙල්ලා මේක හොයා ගත්තෝත් හොඳයි...
    :rolleyes::rolleyes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    තාම ආරන්චියක් නෑ නෙහ්...? :baffled::baffled: දැන් දවස් කීයක් උනාද බං... :nerd::nerd:මොකද්ද බං මේකට උනේ... ?
    මිනිස්සුන්ට ප්ලේන් එකක් නැති උනා කියල අමතක වෙන්න ඉස්සෙල්ලා මේක හොයා ගත්තෝත් හොඳයි...
    :rolleyes::rolleyes:

    සතියක් උනා බන්,,,, :(:( මලසියව බලන් ඉන්නේ මේක කට්ටියට අමතක වෙනකන් :frown:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අයියෝ MH 370
    අනේ මන්දා මචං මේ දවස් වල මේ ඉස්කෝලවල දෙන ගෙදර වැඩ

    ඇයි මොකෝ ?

    මේ සතියේ පොඩි එකාට දීලා ලියන්න කියලා රචනාවක් , මලයාසියානු ගුවන් අනතුර කියලා . ඇයි මචං අපේ කාලේ වගේ මම පොල් ගසක් වෙමි , කොස් ගස , මගේ රට වගේ මාතෘකා දෙන්න බැරි ?

    ඉතින් පොඩි එකා ලියලද ?

    ලියලද !!!? උඹටත් හරි ජොලි නේද මේවා කියවලා

    ..එහෙම නෙමෙයි ..ඒත් පොඩ්ඩක් එවපංකෝ බලන්න


    මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුයේ පසුගිය සතියේය . මලයාසියාවෙන් අහසට නැගුනු ගුවන් යානය ආගිය අතක් නැතිවිය . මොනවා වුනාද කියා මුළු ලෝකයම හොයන්නෝය . ඒත් තාම හම්බුවුනේ නැත .
    කට්ටිය නම් කියන්නේ අනතුරක් වුනාදෝ කියලාය . ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥයකු වන ඇන්ටන් ජෝන්ස් මහතා අතීතයේ වූ අනතුරක් ගැන සිහි කරමින් මෙසේ කියා ඇත

    "කන්දේ හැපුණා මහා වනාන්තරේ , ඩී සී අට අහස් යන්තරේ , මරු ආ කල සසරේ , බේරෙන්න බෑ මිතුරේ , කාගේද මට වරද නොතේරේ ."

    මේ වගේ සිද්ධියක් දවසක් අපේ ඉස්කුල් වෑන් එකටත් සිදුවිය . අපේ ඩ්‍රයිවර් මාමාට හදිසියේ ටොයිලට් යන්න ඕනෑ වී යාලුවෙකුගේ ගෙදරට හැරෙව්වේය . අපි ගෙදර එන්න පරක්කු වුනු නිසා අම්මලා හොඳටම කලබල වී සිටියහ. සමහරවිට පයිලට් අංකල්ටත් එහෙම අවශ්‍යතාවයක් ඇති වුනාද දන්නේ නැත . එත් වෑන් වගේ පයිලට් ලා ටොයිලට් යන්න ප්ලේන් මග නවත්වන්නේ නැත . ටොයිලට් එකක් ඇතුලේම ඇත . ඒත් ටොයිලට් එකේ දොර කියා ප්ලේන් එකේ මහ දොර ඇරියාද දන්නේ නැත . එය ඉතා සුලබ අත් වැරදීමකි . නමුත් වරදක් කලත් සිතකින් නොවේමය . මහ දොර ඇරී ඔහු එලියට වැටුනද දන්නේ නැත . පයිලට් නැති නිසා ප්ලේන් එක තවම ඔහේ යනවා වෙන්න ඇති . ගොඩක් වෙලාවට පයිලට්ලා නැති වුනත් ප්ලේන් ඔහේ යන්නෝය . මගීන්ටත් කිසි ගානක් නැත .

    එහෙමත් නැත්නම් ඒ ගුවන් සේවයේ සභාපති අංකල් වෙන රටක එයාපෝට් එකක ෆ්ලයිට් එකක් නැතිව ඉන්න විට ටක් ගාලා පයිලට්ට කෝල් එකක් දීලා ගෙන්න ගත්තද දන්නේ නැත . අපිත් පොළට ගොස් බදු මිලදී ගත පසු ත්‍රීවිල් එකක් එලවන ගුණේ මාමාට කෝල්ස් එකක් දෙන්නෙමු . එවිට ඔහු ටුකුස් ගා පැමිණෙන්නෝ ය .ගුවන් සේවයක සභාපති වුනාම ඒවා ඔට්ටුය .

    එහෙමත් නැතිනම් කවුරු ත්‍රස්තවාදියෙක් මේකට ජැක් හයි කලාද , මේක හයි ජැක් කලාද දන්නේ නැත . අර ඇන්ටන් ජෝන්ස් මහතා එවැනි සිද්ධියක් ගැන කියා ඇත්තේ , "දරුවා බලන්න ආසා , නමුත් නොලැබුණි වීසා , ඉතාලියට යන්නේ කොහොමද? ". "මෙන්න මේ දුක ඉවසා, දරන්න බැරිවුණා මිනිසා , පිස්සු වැටුන එකත් පුදුමද ? " කියාය .
    එනමුදු මලයාසියාවේ මාමලා නම් ඉන්නේ ටිකක් නාගෙන වගේය . ඒ මාමලාගේ දුක මට තේරෙමි . එක දවසක් මගෙත් සෙල්ලම් ජීප් එක නැතිවී මම හැම තැනම සෙව්වෙමි. අපේ අම්මා ඇහුවේ, අන්තිමට තිබ්බේ කොහේද කියලාය. ඒක මතක නම් මම සොයා ගන්නවාය . ඒ මාමලාගෙන් කට්ටිය අහන්නෙත් ඒ වගේ ප්‍රශ්නය .

    හැබැයි එහේ ලංකාවේ වගේ විපක්ෂයක් නැතිවා වාගේය . නැතිනම් ඔවුන් " මේ ඔක්කොම අර පවුලේ වැරදියයි " කියන්නට ඕනෑය . එතකොට අනික් පැත්තෙන් "අයියෝ අපිට හරි හමන් විපක්ෂයක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑනේ " කියා කියනු ඇත .

    කෙසේ හෝ මේ ගුවන් යානය සොයා ගන්නවාය . ඒ හොයා ගන්නේ මේ ලෙසය .

    කට්ටියට තව ටිකක් හොයන්නට ඉඩදී අපේ ලොකු මාමා " පුංචි වුනත් ටිකිරි වුනත් මමයි හොයන්නේ " කියා ඉදිරියට එන්නේය .. ඉන්පසු ඒ සදහා සභාපති තුමා , දොස්තර එලියේත් වයිට් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරන්නේය .
    ඔවුන් සුභ මොහොතින් මලයාසියාවට ගොස් , ගුප්ත බලයෙන් එය ඇති තැන පින් පොයින්ට් කර ගන්නෝය . ඉන්පසු පෙරලා පැමිණ , ලංකා රේගුවේ ඇති දක්ෂ නිලධාරීන් සමග ගොස් , කොළඹ වරායේ කන්ටේනරයක් අස්සේ සඟවා තිබී ගුවන් යානය සොයා ගන්නෝය . මේ දවස් වල ඔය කන්ටේනර් අස්සෙන් මතු වන්නේ අරුම පුදුම දේවල්මය .

    ඉන්පසු මලයාසියාවේ මාමලා සන්තෝස වී අපිටම ඒ ගුවන් යානය තියාගන්න දෙන්නෝය . එය ඉන්පසු දැයට කිරුළ කානිවල් එකේ තියා ප්‍රදර්ශනය කරනවාය . අපි ගොස් පෝලිමේ සිට, එය බලා , හූල්ලා , දුක් රසය බඩ පුරා විඳ, විනෝදයෙන් ගෙදර එන්නෙමු


    http://pinchpoints.blogspot.com/2014/03/mh-370.html
     
    • Like
    Reactions: nOoB_SL

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තාම ආරන්චියක් නෑ නෙහ්...? :baffled::baffled: දැන් දවස් කීයක් උනාද බං... :nerd::nerd:මොකද්ද බං මේකට උනේ... ?
    මිනිස්සුන්ට ප්ලේන් එකක් නැති උනා කියල අමතක වෙන්න ඉස්සෙල්ලා මේක හොයා ගත්තෝත් හොඳයි...
    :rolleyes::rolleyes:

    මෙන්න මෙහෙමලු උනේ... :dull:
    යාළුවා;16390490 said:

    මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
    දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
    ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
    වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.


    අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
    ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.

    මහා විනාශයක මුලාරම්භය.


    ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා. :oo::dull:

    අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
    ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
    ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.


    කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග :nerd::nerd::nerd:

    Originally Posted by යාළුවා
    සීන් එක ඇත්ත නං, අල්කයිඩා එකෙක්ට හරි සිංහල දන්නවනං මම ඉවරයි :baffled:
    මෙහෙමයි ඔය සේරම සිග්නල්වලට කෙලවන්න ඇත්තෙ ටෙලිකමියුනිකේෂන් කාරයන්වත් බලෙන් සම්බන්ධ කරගන.
    බලපන් සුපිරි ඩිවයිස් ටිකක් හදල කුඩු වෙන්නම ගහල ඉවරවෙනකන් දන්නෙ නැති වෙන්න ගහන්නෙ නැද්ද කියල. ඇමරිකාව හොල්මන් වෙයි ගහල ඉවර උනාම. බොහෝ දුරට ටාගට් එක ඇමරිකාව :oo:
    යාළුවා;16390614 said:

    මම හිතන්නෙ නෑ ගහල යනකන් ඇමරිකාව දැනගනී කියල. මුන් අර වැඩර්ල ලව්වා ඔය සේරම අලුත් තාක්ෂණයට කෙලවන්න ඕනෙ කරන දේවල් සේරම හදාගනී. 9/11 එකෙන් පස්සෙ ඇමරිකාව ටෙක්නොලොජි වැඩි කළානෙ. ඒවටත් හොරෙන් එන්නෙ මේ පාර නං :oo: උඹම හිතපන් චයිනා ටෙලිකොම් එකේ උප සභාපතියි තව ලෝකෙ ඉන්න සුපිරිම ටෙලිකොම් වැඩ්ඩො 15කුයි දැම්මම මොනවද කරන්න බැරි කියල.

    ඇමරිකාවේ බලපෑම් නිසයි මැලේසියාව තොචෝ වල ඉඳල මලක්කාවට ගත්තෙ හොයන්න.
    ඇමරිකාවේ බලපෑම් නිසයි මැලේසියාව මලක්කාවෙ ඉඳන් ඉන්දියන් සාගරයට ගත්තෙ හොයන්න.
    ඇමරිකාවේ බලපෑම් නිසයි දැන් පකිස්තාන් පැත්තට ගත්තෙ හොයන්න.
    ඇමරිකාවට ඕනෙ අල්කයිඩා ඒරියාස් වල හොයන්න.
    දැන් ඇමරිකාව හොඳටම බය වෙලා ඉන්නෙ කන්න වෙයි කියල හොදි නැතුව. දැන් ජිනීවත් අමතක වෙලා ඇති :rolleyes:

    තවත් අලුත් දෙයක්... ඇමරිකාව සේරම යුධ
    අවි රෙඩි කරලලු. මිසයිල් සේරම ප්ලේස් කරලා රෙඩි පිට ඉන්නෙ. කෑමක් සෙට් උනොත් නෙලන්න. ඔන්න බලපන් ඒකෙත් හැටි. :rolleyes: කොහොමත් ගහනකන් අහු නොවෙන්න තමා ගහන්නෙ. එහෙම නැත්තන් 239න් වන්ඩිය ඇතුලෙ දාල එවයි.
    මානව හිමිකම් ගැන කියන ඇමරිකාව ප්ලේන් එකට ගැහුවොත් උන් බේරෙන්න 239 දෙනා ඉවරයි. එතකොට බලමු ලෝකෙ අනිත් රටවල් මානව හිමිකම් ගැන කතා කරන විදිය. :rolleyes:
    ඇමරිකාව අතින් ප්‍රබල සිවිල් වැසියන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය වෙනවා ඔහොම උනොත්. 239 දෙනාම ඇමරිකාව අතින් මැරෙන්නෙ.
    කොහෙන් ගියත් ඇමරිකාවට කෙල වෙන්නයි ගේම ප්ලෑන් කරල තියෙන්නෙ.

    ඔන්න ඉස්ටෝරිය කෙටියෙන්....
    සටහන - අල්කයිඩා මාධ්‍ය ප්‍රකාශක යාළුවා :rofl:
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මැලේසියානු ගුවන් යානය සෙවීමට ඇමෙරිකානු මෙහෙයුම්

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 14 සිකුරාදා - 17:14 GMT

    ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම්
    ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම්
    අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම් පිටත් කරනු ලැබ ඇත.

    එක්සත් ජනපදය එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ,යානය පිළිබඳව පිරික්සන කණ්ඩායම් කලින් සිතූ ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් අතුරුදහන් යානය ගුවනේ පියාසර කරමින් තිබීමේ ඉඩකඩ ඇති බවට අදහස් පළවීමෙන් අනතුරුවයි.

    සබැඳි තේමා
    ජාත්‍යන්තර
    ගුවන් යානය අතුරුදහන් වී ඇති බව දැන ගැනීමෙන් පැය පහකට ආසන්න කාලයක් යානයෙන් චන්ද්‍රිකා වලට සංඥා ලැබී ඇතැයි නම් සඳහන් නොකළ නිලධාරීහු පවසති.

    එම අලුත් තොරතුරු සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණ නැති අතර මැලේසියාව ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කොට ඇත.

    මෙහෙයුම ඉන්දියානු සාගරයටත්
    සෝදිසි කණ්ඩායම්
    මගීන් 239 දෙනකුත් සමඟ MH370 මැලේසියානු බෝයින් 777 යානය අතුරුදහන් වුනේ පසුගිය සෙනසුරාදා.

    යානය සොයා ගැනීමේ සෝදිසි මෙහෙයුමට සහභාගී වෙමින් සිටින රටවලට එක්ව සිටින එක්සත් ජනපදය, මෙහෙයුම ව්‍යාප්ත කරමින් සිය නාවික යාත්‍රාවක් සහ ඉතාම දියුණු මට්ටමේ ඔත්තු බලන ගුවන් යානයක් මැලේසියාවෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි ඉන්දියානු සාගරය කරා යවා ඇති බවයි වාර්තා වන්නේ.

    මැලේසියානු ආණ්ඩුවේ ඉල්ලීමක් අනුව ඉන්දියානු නාවික හමුදාවත් සිය නාවික,ගුවන් හමුදා මෙන්ම වෙරළාරක්ෂක අංශයත් සෝදිසි මෙහෙයුමේ සහයෝගයට එක් කරනු ලැබ ඇත.

    මැලේසියානු යානය අතුරුදහන්ව සතියක් ගතව ඇතත්, එහි ඉරණම කුමක් වීද යන්න සම්බන්ධයෙන් බලධාරීන්ට මෙතෙක් කිසිදු නිශ්චිත හෝඩුවාවක් ලැබී නැති අතර ක්වාලාලම්පූර් අගනුවර සිටින බීබීසී වාර්තාකරු,ජොනතන් හෙඩ් පවසන්නේ, සෝදිසි මෙහෙයුම තුළ සාවද්‍ය යොමු කිරීම් ගණනාවක්ම සිදු කෙරුණ බවයි.

    එහෙත් යානය අතුරුදහන් වීමෙන් පසුවත් පැය කීපයක් ගුවනේ තිබුන බවට මතු වී ඇති හෝඩුවාවන්, එක්සත් ජනපදය විසින් දැඩි සැලකිල්ලට ගනු ලැබ ඇති බවයි, ජොනතන් හෙඩ් වැඩි දුරටත් කියා සිටියේ.

    සොයා ගැනීමේ විධික්‍රම
    මෑත යුගයේ මහා වික්‍ෂිප්තභාවයක් ජනිත කිරීමට හේතු වූ මෙම ගුවන් අනතුරත් සමඟ මගීන් විශාල සංඛ්‍යාවක් සහිත ගුවන් යානයක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමින් අතුරුදහන් වූයේ කෙසේද යන්න සහ අතුරුදහන් යානයක් සොයා ගනු ලබන්නේ කෙසේද යන කාරණා කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී.

    මෙම සිද්ධියත් සමඟ ගුවන් යානය පැහැර ගනු ලැබීමකට,එය විනාශ කර දමනු ලැබීමට මෙන්ම මගීන් සහ කාර්ය මණ්ඩලය අසීරු තත්වයකට පත් වීමට හේතු වෙන මට්ටමින් යානය අභ්‍යන්තරයේ පැවතිය යුතු පීඩනය පහත වැටීමට තිබූ ඉඩකඩ ආදී කරුණු කෙරෙහිටත් සැලකිල්ල යොමුව ඇත.


    http://www.bbc.co.uk/sinhala/world/2014/03/140314_malaysia.shtml
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද?
    March 15, 2014 at 12:01 am | lanka C news
    මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද?
    හැම දෙයක්ම හොඳින්, සුභ රාත‍්‍රියක් වේවා!

    මැලේසියාවේ ක්වාලා ලාම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කළ MH 370 ගුවන් යානය මැලේසියානු ගුවන් ගමන් පාලන මැදිරිය හා සන්නිවේදන සබඳතා නැති වී යන්නට පෙර අවසන් වරට නිකුත් කළ පණිවුඩය වූයේ එයයි. බෝයිං 770 වර්ගයට අයත් වසර 11 පැරණි මෙම ගුවන් යානය චීනයේ බෙයිජිං නගරයට යාම සඳහා පසුගිය සෙනසුරාදා (05) පාන්දර 12.40 ට ගමන් ආරම්භ කර තිබුණි. එහෙත් යානය ගුවන් ගත වී පැයක් ඉක්ම යන්නට මත්තෙන් මැලේසියාවේ ගුවන් ගමන් පාලන මැදිරිය සමඟ තිබූ සන්නිවේදන සබඳතා ඇණහිටියේය. ඒ වන විට යානය සමඟ සන්නිවේදන සබඳතා දිගින් දිගටම තබා ගැනීම සඳහා සන්නිවේදන මෙහෙයුම වියට්නාම ගුවන් පාලන මැදිරියට ලබා දීමට ඉතිරිව තිබුණේ විනාඩි කිහිපයකි. යානය ආ ගිය අතක් නැති වූයේ මේ කෙටි කාලය තුළය.

    මගීන් 239 දෙනෙකු රැගත් MH 370 යානය අතුරුදන් වී මේ වන විට දින හතක් ඉක්ම ගොස් ඇතද ඒ පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබීම කුතුහලයට ලක් වන කරුණක් වී තිබේ. මේ අතර විටින් විට යානය ගැන විවිධ මත හා ප‍්‍රකාශ නිකුත් විය. මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, තායිලන්තය ඇතුළු රටවල් දහයක් අතුරුදන් වූ යානය සෙවීමේ පරීක්ෂණ කටයුතු මුහුදින් හා ගුවනින් ක‍්‍රියාත්මක කර තිබේ. මුලින් සඳහන් වූයේ වියට්නාමය හා මැලේසියාව අතර මුහුදේ තිබූ තෙල් පැල්ලම් දෙකක් පරීක්ෂණ කණ්ඩායම්වලට නිරීක්ෂණය වූ බවය. එම තෙල් පැල්ලම් අතුරුදන් වූ යානයේ බවට සැක කළද මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැත.

    මේ අතර නිවේදනයකින් කියැවුණේ අතුරුදන් වූ MH 370 යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් ගමන් කරන ආකාරය මැලේසියානු ගුවන් හමුදා රේඩාර් පද්ධතියට හසුව ඇති බවය. එහෙත් බදාදා නිවේදනයක් නිකුත් කළ එරට ගුවන් හමුදා ප‍්‍රධානී රොඞ්සාලි එවැනි ප‍්‍රකාශයන් තමන් විසින් සිදු නොකරන ලද බව ප‍්‍රකාශ කිරීමත් සමඟ යානය සෙවීමේ කටයුතු තවත් බරපතළ තත්ත්වයකට පත් විය. කෙසේ වුවද අතුරුදන්වීමට පෙර MH 370 යානය ආපසු ගමන් කරන්නට ඉඩ ඇති බවට රේඩාර් සංඥා මගින් හදුනාගත හැකි යැයි ගුවන් හමුදා ප‍්‍රධානියා පවසා තිබේ. යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරන්නට නම් මාලෙයි අර්ධද්වීප දෙසින් යළි ගමන් කළ යුතුය. එහෙත් එවැනි සළකුණක් මෙතෙක් අනාවරණය වී නොතිබීම එම ප‍්‍රකාශයේ සත්‍යාසත්‍යතාවය පිළිබඳව සැකයක් මතු කරයි.

    තවත් පුවතකින් කියැවුණේ MH 370 ගුවන් යානයේ සහායක නියමුවා සල්ලාලයකු බැවින් ගුවන් ගමන් පිළිබඳව ඔහුට ඇති වගකීම හරි හැටි ඉටු නොවන බවය. සී.එන්.එන්. පුවත් සේවයට ප‍්‍රකාශයක් කළ ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වන ජොන්ටි රූස් නමැති තරුණිය සහායක නියමු ෆාරින් අබ්දුල් හමීඞ් මෙහෙය වූ ගුවන් යානයක තමන් ගමන් කළ බවත් ඔහු වගකීමක් නැති නියමුවකු බවත් පවසා සිටියාය. එම ගුවන් ගමනේදී තමා හා මිතුරියක ෆාරින් අබ්දුල් සමඟ නියමු කුටියේ සිට දුම්පානය කරමින් විනෝද වූ බවද ඇය පවසා සිටියාය. තායිලන්තය දක්වා ගමන් කළ එම ගුවන් කාලය අවසන් වන තුරුම එම තරුණිය සිට ඇත්තේ නියමු කුටිය තුළය. එසේම ගුවන් කුටියක් තුළ සිදු නොවිය යුතු දේ පවා එහි සිදු වූ බවට ඇය චෝදනා කර ඇත.

    ‘ෆාරින් අබ්දුල් හමීඞ් අතුරුදන් වූ ගුවන් යානය මෙහෙය වූ බව ඇසීමෙන් මම පුදුමයට පත් වුණා’ ඇය කියා සිටියාය.

    මේ සියළු කතන්දර අතරේ අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු පුළුල් මට්ටමින් සිදු වේ. මෙම පරීක්ෂණවලින් මුල දී සොයා ගැනුණු ආකාරයට සොරකම් කරන ලද ගුවන් බලපත‍්‍ර දෙකකින් MH 370 යානයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බව මේ වන විට තහවුරුව තිබේ.

    මොහමඞ් රේසා ඩිලාවර් සහ පෝරියා නොර් මොහමඞ් නම් මෙම තරුණයන් දෙදෙනා ඉරාන ජාතිකයන් වන අතර අලූත් ජීවිතයක් සොයා බටහිර රටකට පැණ ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් ලෙස හදුනාගෙන ඇත.

    MH 370 යානයේ අතුරුදන්වීම ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවන්නේ නම් යානයට සිදු වූයේ කුමක්ද? ගුවන් යානා විශේෂඥයන් සඳහන් කරන ආකාරයට ගුවන් යානයක් අතුරුදන් විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. ඉන් පළමු වැන්න යානය ගුවනේදී පුපුරා යාමකට ලක් වීමය. එසේ වූවා නම් යානයේ කැබලි මැලේසියාවේ වනගත ප‍්‍රදේශයක වැටෙන්නට ඉඩ තිබේ. දෙවැන්න නම් යානයේ සන්නිවේදන පද්ධතියේ විදුලි බලය අක‍්‍රිය වීමය. එසේත් නැතිනම් ඉලෙක්ට්‍රොනික උපාංගවල ගැටලූවක් මතු වීමය. එහෙත් MH 370 යානයේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් 20 දෙනෙකු සිටියේය. රේඩාර් සංඥා මගින් යානය යළි හරවන ආකාරයන් පෙන්නුම් කරන බැවින් එය පැහැර ගැනීමකට ලක් වූ බව සිතිය හැකිය. එසේත් නැත්නම් ගුවන් නියමුවන්ගේ දුර්වලතාවයක් වුවද යානයක් අතුරුදන් වීමට හේතුවන බව විශේෂඥ මතයයි.

    MH 370 යානය අතුරුදන් වීමට මේ කුමන හේතුවක් බලපෑවේ ද යන්න පැහැදිලි නැත. වයඹ දිග මැලේසියාවේ ජීවත් වන ව්‍යාපාරිකයකු සහ ධීවරයකු සඳහන් කර ඇත්තේ තායිලන්ත දේශ සීමාව ආසන්නයේ අහසේ යානය අතුරුදන් වූ දිනයේ දීප්තිමත් විශාල ආලෝකයක් දැක ගන්නට ලැබුණු බවය. එසේම MH 370 යානයේ අතුරුදන් වීම පිළිබඳව පළ වූ තවත් වාර්තාවක කියැවුණේ යානයේ ගමන් ගත් මගීන්ගේ දුරකථන තවම ක‍්‍රියාත්මක බවය. සැබැවින්ම එම දුරකථන ක‍්‍රියාත්මක නම් ඔවුන් සිටිය යුත්තේ ගොඩබිමක ජංගම දුරකථන සංඥා කුළුණු ආසන්නයේ විය යුතුය. එසේම දුරකථනයේ බැටරිය ආරෝපණය කර නැති අවස්ථාවලදී වුවද දුරකථනය නාද වන හඬක් ආසන්නයට ලැබෙන බව විශේෂඥයෝ පවසති.

    යානයේ අතුරුදන් වීම ගැන තවත් පිරිසකගේ මතය වූයේ එය වියට්නාම ප‍්‍රහාරක ජෙට් යානා මගින් වෙනත් රහස් ස්ථානයකට ගොඩබස්වා ඇති බවය. එවැන්නක් සිදු විය හැකිද? සාමාන්‍යයෙන් බෝයිං 777 යානයක පියාපත් පමණක් අඩි 200 ක් දුරට විහිදේ. අවම වශයෙන් මෙවැනි යානයක් ගොඩ බැස්ස වීමට මීටර් 2000 ක ගුවන් පථයක් අවශ්‍යය. එසේ නම් මිනිසුන්ගේ නෙත නොගැටී රහසිගත ස්ථානයක MH 370 යානය ගොඩ බැස්ස වීම පිළිගත හැකි මතයක් නොවේ.

    යානයේ ”කළු පෙට්ටිය” මගින් එය ඇති ස්ථානය සොයාගත නොහැකි ඇයි? මේ පැනයට ලබා දිය හැකි සරලම පිළිතුර ”කළු පෙට්ටිය” යනු ගුවන් යානයක ආරක්ෂිත උපකරණයක් නොවන බව යන්නය. කළු පෙට්ටියෙන් සිදු කෙරෙනුයේ ගුවන් නියමුවන්ගේ සංවාද ඇතුළු ගුවන් යානය පිළිබඳ සියළු දත්ත ගබඩා කර ගැනීමයි. යම් හෙයකින් යානය අනතුරකට ලක් වුව හොත් කළු පෙට්ටියේ අනතුරු ඇඟවීමේ ශබ්දයක් නිකුත් වේ. එහෙත් එය යාර 2000 හෝ 3000 ක් පමණ ප‍්‍රදේශයට පමණක් සීමා වන හඬකි. ජලය යටදී නම් මේ දුර ප‍්‍රමාණය තවත් අඩු වේ.

    කෙසේ වුවද මැලේසියානු ගුවන් හමුදාව විශ්වාස කරන අන්දමට MH 370 යානය ආපසු හරවාගෙන පැමිණියේ නම් එය ගුවන් නියමුවා අතින් සිදු වූ බරපතළ වරදකි. ගුවන් යානයකට ගමන් කරන්නට ලබා දී ඇති දිශාව වෙනස් කිරීමට කිසිදු ගුවන් නියමුවෙකුට නීතියෙන් අවසර නැත. ඒ කටයුතු භාරව සිටින්නේ ගුවන් ගමන් පාලන මැදිරියයි.

    MH 370 යානයේ අතුරුදන් වීමට මේ කුමන කරුණ බලපෑවද සමාජීය වෙබ් අඩවි හරහා නම් එයට පැහැදිලි හේතුවක් දක්වා තිබුණේය. එනම් ඇමරිකානු චන්ද්‍රිකාවලින්ද සැඟ වී පිටසක්වල ජීවීන් පිරිසක් යානය පැහැරගෙන යන්නට ඇති බවය.


    - ප‍්‍රියංගික එදිරිසූරිය ආරච්චි
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/112026/
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සතියක් උනා බන්,,,, :(:( මලසියව බලන් ඉන්නේ මේක කට්ටියට අමතක වෙනකන් :frown:

    අඩෝ සිරාවට උන් නං මාර යක්කු ටිකක්...:frown::frown: කිසිම Active ගතියක් නෑ උන්ගේ
    :growl::growl:

    යාළුවා;16391852 said:
    මෙන්න මෙහෙමලු උනේ... :dull:
    අම්මටහුඩු! පට්ට සමරියක්නේ... ඔක්කොම කියවන්න වෙලා මදි වෙලා හිටියේ...:no::no: එල එල...:)
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    KUALA LUMPUR, Malaysia (AP) — Investigators have concluded that one or more people with significant flying experience hijacked the missing Malaysia Airlines jet, switched off communication devices and steered it off-course, a Malaysian government official involved in the investigation said Saturday. more