අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට ගුවන් යානා රැසක් යොදවා ඇතැයි ඔස්ට්‍රේලියාව පවසයි.
ඒ අනුව, යුද ගුවන් යානා 5ක් සහ එක් සිවිල් ගුවන් යානයක් සෝදිසි මෙහෙයුමට යොදවා තිබේ.
දක්ෂිණ ඉන්දීය සාගරය ආශ්‍රිතව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වනුයේ, දෙවන දිනට ය.
අදාළ මුහුදු කලාපයේ MH370 ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් පවතින බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වීමත් සමග මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ කෙරිණි.
බලධාරීන් ප්‍රකාශ කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී සෝදිසි මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වූ බව ය.
news1st