MH370 මැලේසියානු යානය ඇමරිකාව පැහැරගෙන මුහුදේ ගිල්වා දමලා
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීමේ සිදුවීම පසුපස ඇමරිකානු කුමන්ත්‍රණයක් ඇති බවට මතයක් පළවී ඇත.ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වෙමින් සිටින අතර පෙබරවාරි මාසයේ දිනයකදී නියමු රහිත ඩ්‍රෝන යානා මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානයක් තලේබාන් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන ඇතැයි පැවසේ.
ටොන් 20ක් බරැති එම මධ්‍යස්ථානයේ උපකරණ තොගය පෙට්ටි 6ක අසුරා ප්‍රවාහනය කරමින් සිටියදී ඇමරිකානු සීල් භටයින් දෙදෙනෙකු මරා දමමින් මෙලෙස අත්පත් කරගෙන ඇති අතර එය විකුණා දැමීමේ අරමුණින් රුසියාව සහ චීනය අමතා තිබේ.
යුක්රේන අර්බුදය මැද සිටින රුසියාව එ් වෙත උනන්දුවක් නොදක්වා ඇති නමුත් ඇමරිකානු තාක්ෂණය අත්පත් කරගැනීමේ පිපාසයෙන් සිටින චීනය ඉහළ පෙළේ ආරක්ෂක විද්‍යාඥයින් 8 දෙනෙකු ඇෆ්ගනිස්ථානය වෙත යවා ඇතැයි පැවසේ.
ඔවුන්ගේ මැදිහත්වීමෙන් එම භාණ්ඩ තොගය මැලේසියාව කරා රැගෙනැවිත් ඇති අතර මැලේසියාවේ සිට චීනයට යන සිවිල් ගුවන්යානයකින් එම භාණ්ඩ රැගෙන යාම ආරක්ෂිතම මාර්ගය ලෙස සලකා ඇත.
කෙසේවෙතත් මේ වන විට ඊශ්‍රායල ඔත්තු සේවා සහයෝගයෙන් මෙහෙයුම් පද්ධතිය ඇති ස්ථානය සොයාගෙන ඇති ඇමරිකාව චීනය බලා යන MH370 යානයට ඇමරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන් 5ක කණ්ඩායමක් යොදවා තිබේ.
මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානය චීනයට ලබාගත හැකිවූවා නම් ඇමරිකාව සතු ඩ්‍රෝන තාක්ෂණය සම්පූර්ණයෙන්ම පාහේ පලක් නොමැති වී යනු ඇත.
යානය වියට්නාම් ගුවන් සීමාවට ඇතුළු වෙත්ම ඇමරිකානු නිලධාරියෙකු බෝයිං යානාවල ඇතුළු කර ඇති පද්ධතිය භාවිතයෙන් යානය දුරස්ථ පාලනයට ලක්කර ඇති අතර යානය බටහිරට ගමන් කර මාලදිවයිනට ගොඩබස්වා තිබේ.
එහිදී ඉන්ධන ලබාගැනීමෙන් පසුව දියාගෝ ගාර්ෂියා දිවයිනට ගොස් භාණ්ඩ තොගය සහ යානයේ කළු පෙට්ටිය ඉවත් කරගැනීමෙන් පසුව යානය නැවත ගුවන්ගත කරවා ඉන්දියන් සාගරයේ ගිල්වා ඇතැයි මෙම මතයෙන් දක්වා තිබේ.
http://sinhayareader.com/world-news/explore/missing-plane-hijacked?rd=1396255615985
oka cnews eke giye , wimale thamai liyanna atte.
ai ban itin badu tika gatta nam minissu maranne nathuwa yawanna tibbane fligt eka, checkup ekakata wage land kara kiyala








