මැලේසියාවට අයත් MH 370 යානය අනතුරට පත්වන අවස්ථාවේ ස්වයංක්‍රීය ගුවන් නියමු (autopilot) සහයකය ක්‍රියාත්මකව තිබෙන්නට ඇති බවට දැඩිව විශ්වාස කරන බව ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වොරන් ට්‍රස් පවසයි.
ඔහු සඳහන් කළේ, එසේ නොවුණා නම් ගුවන් පාලක මධ්‍යස්ථානය ලබා දුන් උපදෙස් අනුගමනය නොකර සිටීමට හේතුවක් නොවන බව ය.
මේ අතර, අතුරුදන් වූ යානය සෙවීම සඳහා නව ප්‍රදේශයක් අද ප්‍රකාශයට පත් කෙරිණි.
එම ප්‍රදේශය වන්නේ, ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයට දකුණෙන් පිහිටි කිලෝමීටර් 1800ක ප්රදේශයකි.
චන්ද්‍රිකා හරහා ලබා ගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රදේශය නම් කර තිබේ.