මැලේසියා- සිංගප්පුර්

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ජීවිතේ පලවෙනි වතාවට ටුවර් එකෙක් යන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වගේ.
    මට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ පලවෙනි වතාව උනාට මේකෙ ඇතිනේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය.

    1.යන්න හිතම් ඉන්නේ සිංගප්පූරුව හෝ මැලේසියා.
    2.මමයි වයිෆ් සහ අවුරුදු එක හමාරක විතර පොඩි බබයි.
    3.ඒ වගේ ටුවර් එකෙකට බබා අරන් යන එක සේෆ් ද..එහෙම අරන් ගිය අය ඉන්නවාද...මොනවගේ දේවල් ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඔනා..
    3.ඔය රටවල් දෙකෙන් වියදම් වැඩි සහ අඩු රට මොකක්ද..(ශොපින් + කෑම)
    4.මුලු ටුවර් එකටම කියක් වගේ බජට් කරගන්න ඔනාද
    5.හොද ටැවල් ඒර්ජන්ට් කෙනෙක් හොයා ගන්නෙ කොහමද..
    6.ඔක්තෝබර් නොවැම්බර් ඒ රටවල් වල ටැවල් කරන්න හොදද..

    මේ ටික තමා දැනට දැනගන්න ඔනා..
    මැලේසියාව හෝ සිංගප්පූරුව කියන රවල් දෙකෙන් මැලේසියාවට වඩා සිංගප්පූරුව සේෆ් රටක්. ඒ වගේම හැමදේම වගේ පහසුයි. බලන්න තියෙන තැන් පොඩි බබාටනම් එච්චරම තේරුමක් නෑ. මොකද එයාට තවම ලොකුවට තේරෙන්නෙ නැති නිසා. හැබැයි සිංගප්පූරුවෙ කොයි කාලෙ ආවත් කොහේ වුණත් ලස්සනට තියෙන රටක්.
    බබා අරගෙන එන එක අවුලක් නෑ. මොකද මමත් මේ අවුරුද්ද මුළ මගේ වයිෆ්වයි පුතාවයි සිංගප්පූරුවට ගෙන්නගත්ත නිසා කියන්නෙ. ඔයාල දවස් කීයකට වගේද එන්නෙ, කොහේ කොහේද ඇවිදින්න යන්නෙ කියන ඒව ටික මුලින් කාගෙන්හරි අහල හරි ප්ලෑන් කරගන්න. ඒ වගේම නිදහසේ ඉන්නනම් හොඳ හොටෙල් එකක් බුක් කරගන්න, ස්ටුඩියෝ ටයිප් වගේ. සාමාන්‍යයෙන් පෑන්ට්‍රි එකත් එක්ක තනි නිදන කාමරේ ස්ටුඩියෝ එකක් සිංගප්පූරු ඩොලර් 150ක් 200ක් අතර ගාණක් වෙයි. එහෙම පෑන්ට්‍රි එකත් එක්ක ගන්න එක හොඳ වෙන්නෙ දරුවට වුණත් මොනවහරි දෙයක් ඔයාලටම හදල දෙන්න පුළුවන් නිසා. අනිත් එක ඔයාලට වුණත් කඩ කෑම ටිකක් බෝරින් වෙන්න පුළුවන්නෙ... එහෙම වෙලාවට ඔයාලට පුළුවන් මොනවහරි හදාගෙන කන්න.
    මැලේසියා කියන්නෙ සිංගප්පූරුවට වඩා වෙනස්, වියදම් අඩු රටක්. ඔයා ක්වලාලාම්පූර් ගියාම ඔයාලට හිතේවි කොළඹට වඩා ටිකක් දියුණු සිටි එකකට ආව කියල. එහේ සාමාන්‍යයෙන් හොටෙල් මිළ, කෑම මිළ වුණත් ලොකු අඩුවක් තියෙනව සිංගප්පූරුව එක්ක සසඳල බැලුවම. හැබැයි ටිකක් විතර සංකීර්ණයි. සමහර බස්වල සල්ලි බෑ. කාඩ් සිස්ටම් විතරයි. ඒ කාඩ් හැමතැනින්ම ගන්නත් නෑ. සමහර බස්වල සල්ලි දීල යන්න පුළුවන්. සමහර බස්වල සල්ලි ගන්නෙත් නෑ. ලොකුම ප්‍රශ්ණෙ එහේ භාෂා ප්‍රශ්ණෙ. බහුතරයකට ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි. ලංකාව වගේම තමයි.
    මම හිතන විදියට මේ දවස්වල එයාර් ටිකට් තමයි ගණන් වැඩි. සිංගප්පූරුවට සහ මැලේසියාවට එන ශ්‍රී ලංකන් ඒවගෙනම් එකම වගේ මිළක් යන්නෙ.
    සිංගප්පූරු එනවනම් ට්‍රැවල් ඒජන්ට්ල හොයන්න යන්න එපා. හොටෙල් බුකින් එකක් දාන්න. එන්න කලින් අයි.සී.ඒ. ෆෝර්ම් එක ෆිල් කරන්න.
    අනිත් කාරණය මැලේසියාව ෂොපින් කරන්න සුදුසු රටක් නෙවෙයි මගේ අත්දැකීම අනුවනම්. මොකද සමහර බඩු කොලිටි නෑ වගේම පිටකොටුවෙ වගේ කාක්කො ඉන්න රටක්.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    Sri Lanakan.PNG

    Machan Mokakda me tax seen eka. Api wena airline ekak book katah Tax ekek add wenawada..?

    up
    ------ Post added on Jun 18, 2023 at 9:03 PM
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    953
    113
    View attachment 207931
    Machan Mokakda me tax seen eka. Api wena airline ekak book katah Tax ekek add wenawada..?

    up
    ------ Post added on Jun 18, 2023 at 9:03 PM





    ගුවන්තොටුපොල හා රජයේ බදු. තව රට යන හැම එකාටම රනිලත් ගානක් දැම්මා. ඩොලර් 50ක් වගෙ මතක. එයාර් ලයින් එක මොකක් උනත් බදු ටික එකතුවෙනවා ටිකට් එකට....
     
    • Wow
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ගුවන්තොටුපොල හා රජයේ බදු. තව රට යන හැම එකාටම රනිලත් ගානක් දැම්මා. ඩොලර් 50ක් වගෙ මතක. එයාර් ලයින් එක මොකක් උනත් බදු ටික එකතුවෙනවා ටිකට් එකට....
    Adoo ehamada ban