මැස්සන්ගෙන් කරදරද?

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මැස්සන්ගෙන් කරදරද?

    1373953729_fly-head-closup_02.jpg


    මැස්සෝ කියන්නේ හැම කාලෙකම වගේ අපිට කරදර ඇති කරන සත්තු ජාතියක්. ගෙදර කොච්චර පිරිසිදුව තිබුනත් වට පිටාවේ ඇති දේවල් වලින් මැස්සන් ඇති වීම අපිට වලක්වන්න අමාරුයි. විශේෂයෙන්ම අවුරුදු කාලෙට මැස්සන් වැඩි වන ගතියක් දකින්න පුළුවන්. ගොඩක් අය කරන්නේ කෘතීම මැසි විකර්ශන හරි මැසි කැට හරි පාවිච්චි කරන එකයි. හැබැයි අපිට ගෙදරිම උපක්‍රම කිහිපයක් භාවිතා කරලා මැස්සනගෙ කරදෙරෙන් බේරෙන්න පුළුවන්.




    ප්ලාස්ටික් වතුර බෑග්

    water-bag.jpg


    මැස්සන්ගේ ඇස් වල කාච ගොඩක් පිහිටලා තියෙන නිසා ඔවුන්ට ආලෝක රටා සහ චලන හඳුනා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. වතුර බෑග් එක නිසා ආලෝකය හැම තැනකම විසිරිලා යන නිසා ඒ මගින් මස්සන්ව ව්‍යාකුල කිරීමක් සිදු කරනවා. එමඟින් මස්සන්ව ඒ අසලින් ඉවත් කර තබන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ හොඳින් විනිවිද පෙනෙන ප්ලාස්ටික් උරයක් අරගෙන තුනෙන් දෙකක් පමණ පිරෙන තරමට වතුර පුරවලා නිවාස එලියට විවෘත වන තැන් වල එල්ලලා තියන එකයි.



    කපුරු

    shutterstock_267898718.jpg


    කපුරු කියන්නේ ස්භාවික විෂබීජ නාශකයක්. ඒ වගේම එයින් නිකුත් වන සුවඳ මඟින් මස්සන්ව ඈත් කරලා තියන්නත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ කපුරු සුවඳ එන විදිහට කුඩු කරලා මැස්සන්ට ගෙදරට ඇතුළු වෙන්න පුළුවන් විවර අසලින් තියන්න එකයි. එතකොට ඒ මඟින් නිකුත් වන සුවඳින් මස්සන්ව ඈත් කරලා තියාවි.



    නැවුම් දොඩම් ලෙලි

    Orange-peel.jpg


    මේ ක්‍රමය මඟින් අපිට දොඩම් කන්න ලැබෙන ගමන්ම මැස්සන්ව එලවන්නත් පුළුවන්. මේ දොඩම් රසය ගොඩක් කෘමි විකර්ශන හදන්නත් භාවිත කරනවා. ඔයාලට කරන්න තියෙන්නේ නැවුම් දොඩම් ලෙලි අරගෙන හොඳින් සුවඳ නිකුත් වන ආකාරයට පිරි මැදලා මැස්සන්ව ඉවත් කරලා තියන්න අවශ්‍ය තැනින් තියන එකයි. හැබැයි මතක ඇතිව මේ දොඩම් ලෙලි වෙලුනාම ඉවත් කරන්න ඕනේ.



    දොඩම් එක්ක කරාඹු නැටි

    shutterstock_360806897.jpg


    අපි දැනටමත් දන්නවා දොඩම් සුවඳට මැස්සන් කැමති නෑ කියලා. ඉතින් අපිට දොඩම්ම ගන්න බැරිනම් දොඩම් කුලයට අයත් වන දෙහි පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ දොඩම් හරි දෙහි ගෙඩියක් හරි අරගෙන කරාඹු නැටි පහළොවක් විතර ඉඳි කටු ඇනලා තියෙනවා වගේ ඇනලා ගෙඩිය පිටින්ම හරි දෙකට කපලා හරි අවශ්‍ය තැනින් තියා ගන්න එකයි.




    විනාකිරි

    vinegar.jpg


    විනාකිරි කියන්නේ මස්සන්ව ආකර්ෂණය කර ගන්න ද්‍රවයක්. ඉතින් අපිට මේ විනාකිරි පාවිච්චි කරලා මැස්සන්ට උගුලක් අටවන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ විනාකිරි කෝප්පයකට දාලා ඒ කෝප්පේ ප්ලාස්ටික් බෑග් එකක් ඇතුලට දාලා රබර් පටියකින්හොඳට වහලා මැස්සන්ට ඇතුළු වෙන්න පමණක් පුළුවන් විදිහට හිලක් හදන එකයි. පොඩි හිලකින් මැස්සන්ට ඇතුළු වෙන්න පුළුවන් වුනාට උන්ට එලියට එන්න පාර හොයා ගන්න අමාරුයි.



    විම් වගේ සේදුම් දියර

    FAIRY-LIQUID_2674593b.jpg


    අපිට සේදුම් දියර පාවිච්චි කරලා ගෙදරදීම මැසි නාශක ස්ප්‍රේ එකක් හදා ගන්න පුළුවන්. ඒවාට මිනිස් ශරීරයට හානිකර දේවල් නැතිවම වස විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ස්ප්‍රේ බෝතලයකට සේදුම් දියර බිඳු දහයක් පමණ දාලා උණු වතුර කෝප්ප දෙකකුත් දාලා හොඳින් සොලවන එකයි. ඊට පස්සේ මැස්සන් මතට ස්ප්‍රේ කරන්න ඕනේ.


    සෝස්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Vodka-for-repelling-flies.png

    1. Using Vodka Based Fly Repellents:

    Vodka-for-repelling-fliesFor some reason flies hate Vodka. They just cannot bear its smell and hence some people use vodka based repellents to ward off flies.

    To make such vodka based fly repellents you will have to mix following ingredients:

    1 cup vodka
    2 tsp aloe vera juice
    1 tsp lemon eucalyptus oil
    1/2 tsp. essential oil blend
    After mixing the ingredients, pour them in a spray bottle. Apply it over your skin or spray it near the infested area to repel flies.

    Note: Only apply this repellent on your skin if you are comfortable with it. If you have any kind of allergies with any of the above ingredients then it’s better to avoid this method.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්..
    ඔය ටික වැදගත් වෙන්නේ අප්‍රේල් මාසේ කිට්ටු වෙද්දී..:P
    ස්තූතියි බෙදා ගත්තට..:yes:
    (You have given out too much Reputation in the last 24 hours, try again later.)