මැස්සෙක් කෑවාට වරදක් නෑ

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මැස්සෙක් කෑවාට වරදක් නෑ

    20071206ehetoboga8.jpg


    ඔබ ගන්නා ආහාරයට මැස්සන් වැටීම පිළිබඳව මින් පසු බිය විය යුතු නැහැ. යුරෝපියානු එක්සත් සංගමය විසින් කරන ලද සමීක්ෂණයකින් කියැවෙන්නේ මැස්සන් වැනි කෘමී සතුන් ඔබගේ එදිනෙදා ආහාර වේලට එක්කර ගැනීම ඔබගේ සෞඛ්‍ය තත්වයට වඩාත් හිතකර වනු ඇති බවයි. ප්‍රෝටීන් හා කැල්සියම් බහුල පළඟැටියන් රැහැයියන් වැනි කෘමීන් ආහාරයට ගැනීමට පෙළඹීම ආහාර අර්බුදයටද පිළියමක් වනු ඇත.

    18% පමණ මේදය හා 24% ප්‍රෝටීන් සහිත ගව මස් වලට වඩා, 6%ක් වැනි සුළු ප්‍රමාණයක් මේදය සහ 20%ක් පමණ ප්‍රෝටීන් සහිත තණකොළපෙත්තන් ආහාරයට ගැනීම ශරීරයට වඩාත් හිතකර වන බව මෙම සමීක්ෂණ වාර්තා පෙන්වා දේ.

    කෙසේ වෙතත් දළඹුවන් වැනි විසකුරු කෘමීන් ආහාරයට ගැනීම කෙලෙස ශරීරයට හිතකර වනු ඇත්දැයි අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැත. එහෙත් ඔබට යම් හෙයකින් මකුළු සුප් එකක් වැනි දෙයක් ආහාරයට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමුතුවෙන් වෙළඳ සැලට යාමට සිදු නොවනු ඇත


    :confused::confused::confused::confused::confused::confused::confused::shocked:



    උපුටා ගෑනීමකි ; Fmderana.lk