මැස්සෙක් ගිය උඩ

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මැස්සෙක් ගිය උඩ

දන්න කියන කෙනෙක් ගැනද කියන්නෙ බලන්න...

කාලෙකට පස්සේ පොත් රාක්කෙ අස් කරද්දි පරණ පොතක ඉතුරු වුන කෑල්ලක් හම්බ වුනා. :cool: මම හිතන්නේ සිංහල අච්චු පොතක් වෙන්න ඕනේ. :yes: පොත පරණ වුනත් කවි පන්තිය නම් අදටත් සමහර අයට ගැලපෙනවා කියල හිතුන නිසා කිරියේ කස්ටියත් එක්ක බෙදා ගන්න ඔන්න දැම්මා... :D

කේ ජී පෙරේරා මහතා විසින් රචිත
"මාන්නක්කාරයෙක්"

වෙල් යායක දිනක්
තණකොළ කකා සිටි එක්
දෙනක දැක මැස්සෙක්
සිතන්නට විය මෙලෙස නරකක්

මේ එළදෙන මෙසේ
තණ බුදින මුත් සතොසේ
මගෙ බලය කෙලෙසේ
කියා නොම දන්නී ය නිසි සේ

"එබැවින් ඇයට අද
පෙන්වමි තරම තතු ලෙද
නැඟී අඟ මත සෙද
බරිනි මා ගේ මඩිමි ඇගෙ තෙද"

මෙලෙස සිතු මැස්සා
උඩඟු වී පිස්සා
අත්තටු ද ගස්සා
ඉගිල දෙන අඟ මතට බැස්සා

"දැන් දැන් මගෙ බරට
එළදෙන වැටෙයි හනිකට"
සිතුන මුත් මැස්සට
කිසි වගක් වත් නැතිය දෙන හට

එළදෙන සිත් ලෙසේ
කන් සල සලා පෙර සේ
තණ බුදින විලසේ
දුටුව මැස්සා නැඟී අහසේ

"මුලදී මා වඩා
නොකළ මුත් දැඩි පීඩා
මේ වර නම් කඩා
දමමි ඇගෙ පිට වුණත් අවැඩා"

සිතමින් මේ ලෙසට
මැස්සා වසා දෙන පිට
සිටිය මුත් දෙන හට
වගක් වත් නැත මැසිගෙ පුදුමෙට

මැස්සා බැරිම තැන
දෙනගෙන් ඇසී මෙලෙසින
"මේ මාගේ බරින
නුඹට පීඩා නැද්ද එළදෙන?"

"මැස්සෝ, කොයිබ සිට
කතාකළෙහි ද තෝ මට?"
එළදෙන ඇසූ විට
ගියේ මැස්සා ඉගිල ඉවතට
:P:P:P

ත්‍රෙඩ් එක බලපු කස්ටියගෙන් පොඩි උදව්වකුත් ඕනේ. පරණ පොත් සංරක්ෂණය කරගන්න විදියක් දන්නවද? මගේ ළඟ දැනට අවුරුදු 55-60ක් වගේ වයස පොත් කීපයක් තියනවා අම්මලා තාත්තලා පාවිච්චි කළ ඒවා. මටත් වැඩ වැඩි නිසා ඒවා ගැන බලන්න අමතක වෙලා සමහර ඒවයේ දැනටත් පිටු හැලිලා දිරලා ගිහින්. ඉතුරු ටික හරි බේරගන්න විදියක් බලන්නේ. දන්න කෙනෙක් කියාගෙන යන්නෝ :):):)
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මා සතුවත් ඒවන් ඉපැරණි පුස්ථක කීපයක් අැත. :):)
 
IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මා සතුවත් ඒවන් ඉපැරණි පුස්ථක කීපයක් අැත. :):)

11.gif
11.gif
11.gif
 
Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    බම්ප් තමා මචන්.පොඩ්ඩක් කැළණිය කැම්පස් එකේ ඉන්න ඩයල් එකෙක් ගෙන් අහලා බලපන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ත්‍රෙඩ් එක බලපු කස්ටියගෙන් පොඩි උදව්වකුත් ඕනේ. පරණ පොත් සංරක්ෂණය කරගන්න විදියක් දන්නවද? මගේ ළඟ දැනට අවුරුදු 55-60ක් වගේ වයස පොත් කීපයක් තියනවා අම්මලා තාත්තලා පාවිච්චි කළ ඒවා. මටත් වැඩ වැඩි නිසා ඒවා ගැන බලන්න අමතක වෙලා සමහර ඒවයේ දැනටත් පිටු හැලිලා දිරලා ගිහින්. ඉතුරු ටික හරි බේරගන්න විදියක් බලන්නේ. දන්න කෙනෙක් කියාගෙන යන්නෝ :):):)

    ගොඩක් පොත් Restore / Binding කරන කට්ටිය දැන් අඩුයි.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165

    Scan karala thiya ganna passe aye print kara ganna hari puluwan wei
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බම්ප් තමා මචන්.පොඩ්ඩක් කැළණිය කැම්පස් එකේ ඉන්න ඩයල් එකෙක් ගෙන් අහලා බලපන්
    එකෙක් සිටී. අහලා බලන්න ඕනෙ... :yes:

    TFS!!!

    Scan karala PDF karanna widiyak nadda?
    එහෙම නම් පුළුවන් මචන්..මම හිතුවේ පොත පොත විදියටම තියාගන්න පුළුවන් වෙයිද කියලයි :yes:

    ත්‍රෙඩ් එක බලපු කස්ටියගෙන් පොඩි උදව්වකුත් ඕනේ. පරණ පොත් සංරක්ෂණය කරගන්න විදියක් දන්නවද? මගේ ළඟ දැනට අවුරුදු 55-60ක් වගේ වයස පොත් කීපයක් තියනවා අම්මලා තාත්තලා පාවිච්චි කළ ඒවා. මටත් වැඩ වැඩි නිසා ඒවා ගැන බලන්න අමතක වෙලා සමහර ඒවයේ දැනටත් පිටු හැලිලා දිරලා ගිහින්. ඉතුරු ටික හරි බේරගන්න විදියක් බලන්නේ. දන්න කෙනෙක් කියාගෙන යන්නෝ :):):)

    ගොඩක් පොත් Restore / Binding කරන කට්ටිය දැන් අඩුයි.
    එහෙමද? :(

    Scan karala thiya ganna passe aye print kara ganna hari puluwan wei

    thanks for sharing machan :) කවදාවත් අහල නැහැ මේ කවිය :)
    මමත් :yes:
    patta bang

    රිප්ලයි වලට තැන්කූ වේවා :yes::cool:
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අහලා බලපන්
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    good post
    Thanks :)

    මරුසිරා;19223477 said:
    ස්කෑන් කරපන් බන් ..ලංකාවේ හිටියනම් කොරල දෙන්න තිබ්බ :cool:
    :no: පොත විදියටම තියාගන්න විදියක් බැලුවෙ :yes:

    ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අහලා බලපන්
    ඒක කොහෙද තියෙන්නේ?
     
    AKMHerath

    Member
    Sep 10, 2021
    1
    0
    1
    මේ පොත මම පරිශීලනය කලේ හයේ පන්තියේදි. කැමති නම් අපි ඩිජිටයිස් කරමු. අවශ්‍යවන්නේ පොතේ පිටුවල ඉතාම පැහැදිලි ඡායාරූප පමණයි. මාත් ආසයි මේ විශ‍්‍රාම අවස්ථාවේදි විවේක වේලාවල් වලදී යම් වැදගත් කටයුත්තක් කරන්න. මේ වාගේ පරණ සාහිත්‍යය කෘති සංරක්ෂණය කරන එක වැදගත්. මුල් පොත් හෝ පිටු තව කෙනෙකුට දීම ඒවා නැතිවීමට මුලක්. කැමති නම් පහත විද්‍යුත් ලිපිනයට ලියන්න [email protected]
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පරන පොත් කියද්දී මතක් උනේ. මගේ ලග තාත්තාගෙන් හම්බ වෙච්ච පරණ Marvel & DC comics තියෙනවා 300 කට එහා.

    ඒවයේ Fantastic 4 1st edition, X-Men 1st edition, Iron Man 1st Edition, Black Panther 1st edition ඒ අතර තියෙනවා.

    තාම මගේ කොල්ල පොඩි වැඩී මේව පරිස්සමෙන් පාවිච්චි කරන්න. තව ටිකක් ලොකු උනාම ඌට භාර දෙන්න හිතන් ඉන්නේ. එතකොට මේ පොත් ටික කියෝන 3rd generation එක 👍