මැස්සෙක් ගිය උඩ
දන්න කියන කෙනෙක් ගැනද කියන්නෙ බලන්න...
කාලෙකට පස්සේ පොත් රාක්කෙ අස් කරද්දි පරණ පොතක ඉතුරු වුන කෑල්ලක් හම්බ වුනා.
මම හිතන්නේ සිංහල අච්චු පොතක් වෙන්න ඕනේ.
පොත පරණ වුනත් කවි පන්තිය නම් අදටත් සමහර අයට ගැලපෙනවා කියල හිතුන නිසා කිරියේ කස්ටියත් එක්ක බෙදා ගන්න ඔන්න දැම්මා... 
කේ ජී පෙරේරා මහතා විසින් රචිත
"මාන්නක්කාරයෙක්"
වෙල් යායක දිනක්
තණකොළ කකා සිටි එක්
දෙනක දැක මැස්සෙක්
සිතන්නට විය මෙලෙස නරකක්
මේ එළදෙන මෙසේ
තණ බුදින මුත් සතොසේ
මගෙ බලය කෙලෙසේ
කියා නොම දන්නී ය නිසි සේ
"එබැවින් ඇයට අද
පෙන්වමි තරම තතු ලෙද
නැඟී අඟ මත සෙද
බරිනි මා ගේ මඩිමි ඇගෙ තෙද"
මෙලෙස සිතු මැස්සා
උඩඟු වී පිස්සා
අත්තටු ද ගස්සා
ඉගිල දෙන අඟ මතට බැස්සා
"දැන් දැන් මගෙ බරට
එළදෙන වැටෙයි හනිකට"
සිතුන මුත් මැස්සට
කිසි වගක් වත් නැතිය දෙන හට
එළදෙන සිත් ලෙසේ
කන් සල සලා පෙර සේ
තණ බුදින විලසේ
දුටුව මැස්සා නැඟී අහසේ
"මුලදී මා වඩා
නොකළ මුත් දැඩි පීඩා
මේ වර නම් කඩා
දමමි ඇගෙ පිට වුණත් අවැඩා"
සිතමින් මේ ලෙසට
මැස්සා වසා දෙන පිට
සිටිය මුත් දෙන හට
වගක් වත් නැත මැසිගෙ පුදුමෙට
මැස්සා බැරිම තැන
දෙනගෙන් ඇසී මෙලෙසින
"මේ මාගේ බරින
නුඹට පීඩා නැද්ද එළදෙන?"
"මැස්සෝ, කොයිබ සිට
කතාකළෙහි ද තෝ මට?"
එළදෙන ඇසූ විට
ගියේ මැස්සා ඉගිල ඉවතට

ත්රෙඩ් එක බලපු කස්ටියගෙන් පොඩි උදව්වකුත් ඕනේ. පරණ පොත් සංරක්ෂණය කරගන්න විදියක් දන්නවද? මගේ ළඟ දැනට අවුරුදු 55-60ක් වගේ වයස පොත් කීපයක් තියනවා අම්මලා තාත්තලා පාවිච්චි කළ ඒවා. මටත් වැඩ වැඩි නිසා ඒවා ගැන බලන්න අමතක වෙලා සමහර ඒවයේ දැනටත් පිටු හැලිලා දිරලා ගිහින්. ඉතුරු ටික හරි බේරගන්න විදියක් බලන්නේ. දන්න කෙනෙක් කියාගෙන යන්නෝ

පොත විදියටම තියාගන්න විදියක් බැලුවෙ