මිත්‍යාවෙන්_මිදෙමු

Sep 27, 2014
152
33
0
මිත්‍යාවෙන්_මිදෙමු

news.jpg
මේ සමාජයේ බොහෝදෙනා මිත්‍යාව සත්‍යය ලෙසත්, සත්‍යය මිත්‍යාව ලෙසත් වැරදි ලෙස මුලාවේම ඇලී සිටිති.. අද අප සාකච්චා කිරීමට යන්නේ මෙන්න මේ ගැනයි. සාමාන්‍ය ජනයාගෙන් බොහෝ දෙනෙකු දුකට හේතුව ලෙස දකින්නේ ග්‍රහ බලපෑම්, අනවින, කොඩිවින කිරීම් යනාදී මිත්‍යා විශ්වාසයන්‍ ය. මෙහි වඩාත් සංවේගජනක කාරණය වන්නේ මේ අයගෙන් බහුතරය බෞද්ධයන් වීමයි. අද අපි බලමු සැබෑ බෞද්ධයෙකුට මේ මිත්‍යා දෘශ්ටියට එකග වියහැකිද කියා..භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සත්ධර්මය ඇතුලත් ත්‍රිපිටකයේ සූත්‍රපිටකයට අයත් චුල්ල කම්ම විභංග සූත්‍රය යමෙක් පිලිගන්නවානම් සැබෑ බෞද්ධයෙකුට මේ මිත්‍යා පිලිගත නොහැක.. චුල්ල කම්ම විභංග සූත්‍රයට අනුව යමෙක් අඩු ආයුෂයෙන් මියයන්නේ ඔහු හෝ ඇය පෙර භවයේදී සත්ව ඝාතනය කොට සිදුකරගනු ලැබූ අකුසලයක විපාකයක් නිසයි.. යමෙක් නිරතුරුවම රෝග පීඩා ආදියෙන් පෙලීමට ලක්වන්නේ ඔහු හෝ ඇය පෙර භවයකදී සිදු කරනු ලැබූ සත්ව හිංසා අකුසල කර්මය නිසයි.. යනාදී අයුරිනි.. නමුත්, මිත්‍යා දෘශ්ටියෙන් අන්ධ වූ සමහරෙකු සිතන්නේ අඩු ආයුශයෙන් මියයන්නේ ඒරාෂ්ටක අපල නිසා බවයි.. නැතහොත් යම් කෙනෙකු විසින් කොඩිවින කිරීම නිසා බවයි.. මෙසේ මිත්‍යා දෘෂ්ටියකට යටවීමේ භයානක ප්‍රතිඵල නම් කේන්දර කරුන්වන්ට ශාස්ත්‍ර කරුවන්ට නිකරුනේ මුදල් නාස්ති කිරීමයි.. ඒටත් වඩා භයානක ප්‍රතිඵලයක් නම් යම් ශාස්ත්‍ර කරුවෙකු විසින් යමෙකුට කොඩිවිනයක්කර ඇති බව කියා සිටියහොත් එය සිදුකරන්නට ඇත්තේ අසවලුන් විසින්ය ය නෑදෑයෙකු තරහ කාරයෙකු විසින්‍ය යන වැරදි නිගමනයට පත්ව ඔවුන් විසින් සැකකරනු ලබන පුද්ගලයන්ට වෛර කිරීමට පෙලඹීමය මේ හේතුවෙන් මනුශ්‍ය ඝාතන පවා සිදු වීමට ඉඩ ඇත..මිත්‍යා දෘශ්ටිකයන් නිරයගාමී වන බවද සත්ධර්මයේ දැක්වේ, සත්ධර්මයට අනුව මිත්‍යා දෘශ්ටිය නිසා මිත්‍යා සංකල්ප [කාම සිතිවිලි, තරහ සිතිවිලි, හිංසා සිතිවිලි]ඇති වීමෙන් මෙය සිදුවේ.. මේ මිත්‍යා දෘශ්ටි වලට හසුවීමෙන් පුද්ගලයන් මානසිකව ඇද වැටීමටත්, ඒ නිසාම ශාරීරික රෝග පීඩා ආදියට ගොදු
රුවීමත් සිදුවේ, මේ නිසාම මිත්‍යා දෘශ්ටියන්ට ගොදුරු වන්නන්ගේ ලව්කික ජීවිතයේ දියුනුව නැති වෙන අතර කිසිම අධ්‍යාත්මික දියුනුවක් සලසා ගැනීමටද නොහැකිවනු ඇත.. ඉතින්, ඔබ අප සැම දෙනාම මේ නිසරු මිත්‍යා දෘෂ්ටි වලින් මිදී ලව්කික මෙන්ම අධ්‍යාත්මික දියුනුවත් ඇතිකර ගනිමු.. අවසන ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හේතුවදියා;17186641 said:
    චුල්ල කම්ම විභංග සූත්‍රයට අනුව යමෙක් අඩු ආයුෂයෙන් මියයන්නේ ඔහු හෝ ඇය පෙර භවයේදී සත්ව ඝාතනය කොට සිදුකරගනු ලැබූ අකුසලයක විපාකයක් නිසයි..
    අඩුවයසින් මියයන්න හේතුව මෙය පමනක් බව සිතනවානම් ඔබේ බුදුදහම ගැන දැනුම පිලිබදව තවත් සලකාබලන්න :rolleyes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    අඩුවයසින් මියයන්න හේතුව මෙය පමනක් බව සිතනවානම් ඔබේ බුදුදහම ගැන දැනුම පිලිබදව තවත් සලකාබලන්න :rolleyes:
    :yes::yes:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සියල්ල කර්මයෙන්ම සිද්ධ වෙන්නේ නෑ.. ඒ නිසා හැම දෙයක්ම පෙර භාවයට සම්භන්ධ කරන්න බෑ මචං..
    එකට තමයි බුද්ධ ධර්මයේ පංච නියාම ධර්ම පැහැදිලි කරලා තියෙන්නේ :yes: