මිතුරුකම නිමා විය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,463
    12,469
    113
    මගේ ඉස්කෝලේ යාළුවො දෙන්නයි ඉන්නේ. ඒකෙන් එකෙක් එක්ක කලතුරෙන් call එකක් වත් ගන්නේ. මේ කියන්නේ අනිකා ගැන.

    ඉස්කෝලෙ කාලේ අපි යාළුවෝ.. පස්සේ මූ engineering degree එකක් කළා... මම AL fail නේ.. මූ මම දාපු messages බලලා නිකන් හිටියා ඒ කාලේ.. යාළුකම් තිබ්බේ නෑ ඌට.. මට බස් එකේ යන්නවත් සල්ලි තිබ්බෙත් නැහැ.

    පස්සේ යාළුකම් අලුත් උනා.. ඒ වෙද්දි මම හොඳ රස්සාවක් කරනවා වාහනයක් එහෙම අරන්. ගියා අවෘද්දේ එහෙම අපි දෙගොල්ල එකට swimming ඉගෙනගන්න එහෙම ගියා.

    කලින් කතා නොකර හිටපු ඒව අනම් මනම් මම අමතක කරා. ඔය ටික සෑහෙන්න උදව් එහෙම කළා ඌට ඉතින්. දවසක් මහා රෑ දවසම මහන්සි වෙලා ඉඳලත් මම ඌටයි පවුලේ අයටයි හොස්පිටල් එකේ කන්න නෑ කිව්වම කන්න අරන් ගිය සෑහෙන්න දුර.. ඔය එකක් විතරයි. ඕන කෙනෙක්ට උදව්වක් කරනවා මම කොහොම උනත්.

    මම මූ ට external ssd එකකට films tv series දාලා ගිහින් දුන්නා දෙන්න එක්ක බලන්න කියලා මූ ට හොඳ internet package එකක් නැති නිසා.

    මට job එක case වෙලා ඉන්න දවස්වල මම මුගෙන් එන්න ඇහුවා hard disk එක අරන් යන්න.. මොකද මට ඒක විකුණාගන්න ඕන උනා සල්ලි ඕන වෙලා.. මූ එක එක ඒව කියලා ගෙදර නෑ ආනම් මානම් කිව්වා.. මම ඌ ට කිව්වා යන එන ගමන් courier එකට දාපන් මම ගෙවලා ගන්නන් කියලා.. මූ ගත් කටටම කිව්වා මට ඕවා බෑ කියලා.. මට එපා උනා.

    මූ මේ ලඟදි call එකක් අරන් කියනවා ළමයෙක් හම්බුනා ලු. ඒක තමයි ගෙදර එහෙම එන්න එපා කිව්වේ මට.. maybe ඌ ඇස්වහ කටවහ නිසාද දන්නේ නෑ.

    කොහොමහරි අද පොර call කරලා අහනවා උගේ වාහනේ drive කරන්න එන්න පුලුවන්ද, ඌ නිදීමරල මහන්සි හැමෝම ලෙඩ වෙලා...

    මම කිව්වා beer එකක් ගහලා ඉන්නේ බෑ කියලා.. මම ජීවිතේට මෙහම දෙයක් කරාම තමයි මේ. උදව්වක් ඉල්ලපු කෙනෙක්ට බොරුවක් කියලා මග ඇරපු එක. දුකයි. හැබැයි ඉතින් කරන්න දෙයක් නෑ.

    ඔන්න ඔහොමයි මිත්‍රකම් ලංකාවේ සිංහළු එක්ක.
    ඔහොම තමයි හුගක් උන් ..මගෙත් යාලුවෝ ඉන්නවා තමන්ට වැඩක් කරගන්න ඕනි වුනාම යාප්පුවෙන් ලං කරගන්නවා....ඕන නැති වුනාම ...චුයින්ගම් වගේ විසික්කා තමයි....
    දැන් නම් මම හැමෝම එක්ක සාමාන්‍යෙන් කතා බහා කරලා ඉන්නවා..පු* ඉරාගෙන දෙන්න යන්නෑ...තනියම ඉන්නවා සෑහෙන්න හොදයි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,958
    5,809
    113
    36
    ඌ දැන් කතා කළා
    ඌ හොස්පිටල් එකේ ලු

    ඇඳුම bag එක ගෙනත් දෙන්න පුලුවන්ද අහනවා ගෙදර ගිහින් මට

    ඌට ගෙදර ඉඳන් pickme/flash දාගන්න බෑ, මම මෙහේ ඉඳන් ගෙදරට 20km ගිහින් hospital එකට තව 20km ගිහින් ආපහු එන්න ඕන... 80km

    😅😅😅
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,004
    3,587
    113
    ඌ දැන් කතා කළා
    ඌ හොස්පිටල් එකේ ලු

    ඇඳුම bag එක ගෙනත් දෙන්න පුලුවන්ද අහනවා ගෙදර ගිහින් මට

    ඌට ගෙදර ඉඳන් pickme/flash දාගන්න බෑ, මම මෙහේ ඉඳන් ගෙදරට 20km ගිහින් hospital එකට තව 20km ගිහින් ආපහු එන්න ඕන... 80km

    😅😅😅
    dan uba hospital ekata yana gaman da? :baffled:
     
    • Like
    Reactions: RottenCOLT

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,097
    582
    113
    කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා, තමන්ට හිතෙන විදිහටම ඉන්න එක හොඳයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,097
    582
    113
    උදව් ඕන වෙලාවට විතරක් මතක් වෙන යාළුකමක් නම් ඒක ඇත්ත යාළුකමක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඔයාගේ වැඩයි වෙලාවයිත් වටිනවා, හැම වෙලේම දුවගෙන යන්න ඕන නෑ. හිත රිදෙන්නේ නැති විදියට පොඩි සීමාවක් තියාගන්න එක තමයි මෙතන හොඳම දේ.
     
    • Like
    Reactions: Shamal3001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,786
    26,216
    113
    පොඩි කාලේ ඉඳන් හිටපු කැරියෙක් ට මේ පාර birthday එකට wish කලේ නෑ.

    එහෙමත් කරලා බලන්න ඕනේ
     
    • Haha
    Reactions: Shamal3001

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,097
    582
    113
    කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙන එක හිතට අමාරුයි, විශේෂයෙන්ම ඉස්කෝලෙ යාළුවෙක් එහෙම ඈත් වෙනකොට.
    ඔයාගෙ හොඳ ගතිය නැති කරගන්න එපා, ඒත් තමන්ට බැරි වෙලාවට බැහැ කියන එක වැරැද්දක් නෙවෙයි.
     
    • Like
    Reactions: Shamal3001